Tag: මියුරු පෙම් වසන්තේ

මියුරු උන්නේ ඇත්තටම හිත හොල්ලාගෙනය. “ඒ වගේ ගොඩේ කෙල්ලෙක් ගැන එහෙම හිතන්න මට පිස්සුද” කියා හිතේ එක පැත්තක් කියද්දී අනෙක් පැත්ත උන්නේ එයට ප්‍රතිඋත්තර දෙන්නවත් නොහැකි ලෙස සසැලී ගොසිනි. මියුරු වනාහී ලව් ඇට් ෆස්ට් සයිට් විශ්වාස කල කොල්ලෙකු නොදේ. ආදරයක් ඇතිවන්න නම්, එයද විවාහයක් දක්වා දුර යන්නට නම් දෙපාර්ශ්වයම සෑම අතින්ම...
නදී උන්නෙ පලවෙනි දවසේම හිත රිද්දගන්න පුලුවන් උපරිමයටම රිද්දගෙනය. සාමාන්‍යයෙන් අල්විස් වත්තේ කෙල්ලෙකු, කොල්ලෙකු ඔහොම දෙයක් කිව් පමණින් හිත රිද්දාගන්නා කෙල්ලන් නොවුනත් කුමක් හෝ නොදන්නා හේතුවක් නිසාවෙන් මියුරුගේ ඒ මියුරු නොවූ වචන නදීගේ හිත බොහෝ සෙයින් රිද්දන්නට හේතු වුණාය. “ඉයස්?” මියුරු හිස ඔසවා ඇසුවෙ ඒ සමන්පිච්ච මල් සුවඳ හිත පත්ලේම...
මියුරු තෙපුල් රදන්පොල උන්නේ උදේ පාන්දරම තරහ අරගෙනය. අද තමන්ගේ කාර්‍යාලයේ තමන්ගේ වැඩ කටයුතු සඳහා සහය වන්නට එක කාර්‍යාල සහායකවරිය එන බව දන්නා නිසාම මියුරුට උවමනා වුනේ උදේ පාන්දරම කාර්‍යාලයට ගොස් වැඩ කටයුතු ආරම්භ කරන්නටය. “දැන් ඇයි මේ ෆින්ගර් ප්‍රින්ට් මැශින් එක වැඩ කරන්නෙ නැත්තෙ?” මියුරු කෝපය පාලනය කරගෙන කාර්‍යාලයේ...
රෝස පාට මල් වැටිච්ච කහ පාට සාරිය අම්මාගේ ඇඳුම් කෑලි පුරවා තිබු පරණ කාඩ්බෝඩ් පෙට්ටියක් අවුස්සා එලියට ගත්තෙ ආච්චිය. “දැනට තියෙන විදියට පිරිමහගෙන ඇඳගෙන යමං. පඩි ලැබුණම බැරිය හොඳවයින් ඇඳුම් කෑලි දෙක තුනක් ගන්න. අර ගෑණි අරහෙ නැහිල නැහිල එවන සොච්චම මක්කටද බං ඇඳුම් කෑලිවලට වියදන් කරන්නෙ” කියමින් බැරි බැරි...
“වෙරෝනා නිල් විලේකිමිදෙන්න යන් ප්‍රියේඔබේ ස්වරයෙන් මේ ජලේපියුම් නැලවේ සුවඳ දේවස්සානේ කැන්දා ආවදෝ” අල්විස් වත්ත දෙදරන්න වගේ සින්දු දාලා තිබ්බෙ අල්ලපු වැටේ මාග්‍රට් ඇන්ටිලගෙ දිහා. ඕක ඉතින් නුපුරුදු සද්දයක් නෙවෙයි. අල්විස් වත්තෙ මිනිස්සු උදේට ඇහැරෙන්නෙ කුකුල අඬලන සද්දෙට නෙවි මාග්‍රට් ගෙ රස්සාවක් නැතුව තැන තැන රස්තියාදු ගහ ගහ ඉන්න පුතා...