Tag: සුසුවඳ සූත්‍ර

අන්තරා මහගෙදරින් පිටතට පියතැබුවේ දික්කසාද තීන්දුවෙන් දින හතරකට පස්සේ ය. වස්සාන සමයේ දැඩි වර්ෂාපතනයට හා සුළඟට හසු වූ ඇගේ මිදුලේ ගහ කොළ තෙතබරිතව පහළට නැවී තිබිණ. පා පහසක් නො ලැබ, වැස්සට සරුවට වැඩුණු තණ පත් අහසට ඉස්සී බලුවේ ය. සුළඟ තුරුපත් හා ඇතැම් තුරු හිසක් ද කඩා දමා ගොස්...
අන්තරා ස්වරාවී ගාන්ධාරා උසාවි සංකීර්ණයෙන් පිටතට පැමිණියේ බරැති හදක් දරාගෙනයි. සියල්ල සිදු වූයේ මේ අවසානය වෙනුවෙන් දැයි සිතෙත්දී දැනෙනුයේ ඉහිළිය නො හැකි වේදනාවකි. නමුත් දැන් ඉතින් සියල්ල ම අවසාන වී තිබේ. දක්ෂිණ විතානගේ හා අන්තරා මුතුමුදලි අතර වූ විවාහ සම්බන්ධය නීත්‍යානුකූලව අවසාන වී තිබේ! "අන්තරා" වෙව්ළුම් සරකින් ඈ අමතාගෙන දක්ෂිණ ඇයට...
අන්තරා ස්වරාවී ගාන්ධාරා දැඩි කැපවීමකින් සිය පරීක්ෂණ කටයුතු වල නියැළුණා ය. දවසකට වතාවක් හෝ  දුරකතනය ඔස්සේ ඇදී එන නූපුර ගේ හඬ ඇගේ වෙහෙස නිවනා සතුටු මන්තරයක් වේ. "හෙමිහිට කලබල නැතුව වැඩිය වෙහෙස වෙන්නැතුව කරන දෙයක් කරන්න අම්ම. ඕනවට වඩා මහන්සි වෙලා අසනීප වෙන්නෙපා. ඔය විදිහට ඔයා වෙලාවට කෑම කනවද දන්නෙත්...
සෙනසුරාදා උදයෙන් ම අන්තරා මහගෙදරින් පිටත්වූවා ය. වැහි බීරුම තුනී වී ආකාසය සුදු එළියකින් පැහැදුල් වෙමින් තිබිණ. වැස්සේ නැති නම් හොඳ යයි ඇගේ සිත මිමිණුවේ ය. "රෑ නොවී එන්න බලන්න. නැත්තං මට අප්පච්චිගෙ කියවිල්ල අහං ඉඳල එපා වෙයි" අන්තරා ඇගේ පාදනමස්කාර කොට හාදුවක් දෙත්දී කිශෝරි කීවා ය. දියණිය ගේ වත සඳ...
නිරිත දිග මෝසම සක්‍රිය වී තිබුණෙන් දිගින් දිගට ම වැසි වැටෙමින් පැවතිණ. මෙහෙම වැස්සක මග බැස යනවාට වැඩිය, වැහි පොදක් හෝ නො වැදී ගුලි වී නිදනා එක තරම් සැපතක් අන්තරා ට නැත. නමුත් වෙනදාටත් කලින් යටිහිත විසින් ඈ අළුයම් යාමයේ අවදි කරවනා ලදී. ගෙදර දුවනා හදිසියක් ඇයට විය. "මේ වැස්සෙ...
සාමාන්‍යයෙන් මහගෙදර පැමිණි විට යුගාත්ම යළි කොළඹ යන්නේ දවසක් දෙකක් නතර වී හිඳ ය. නමුත් අම්මා ගේ අසනීපය ගැන ආරංචිය මත පැමිණි ඔහු ඒ සැඳෑවේ ම කොළඹ යන්නට සූදානම් වූයේ ය. පළිඟු මැණිකේ කෙතරම් පෙරැත්ත කළ ද එදා ඔහු එහි රඳවාගත නො හැකි විය. "වැඩ ගොඩයි අම්ම. මං ඒ සේරම...
යුගාත්ම කාශ්මීර අමුණුගම හැල්මේ කඳුකරය බලා රිය ධාවනය කළේ ය. පපුවේ වේදනාවක් මත අම්මා ව රෝහල් ගත කළේ යයි අප්පච්චී ඔහු ට කතා කොට කීවේ මීට දෙතුන් හෝරාවකට පෙරයි. නමුත් රෝහල් ගතකිරීම සිදු කොට තිබුණේ පෙර දා රාත්‍රියේයි. "කලබල වෙලා දුවගෙන එන්න ඕන නෑ. ඊසීජී එක නෝමල් කියල ඩොක්ටර් කියලයි...
රක්ත වර්ණ ගෝලයක් සේ හිරු අවපස අහසෙහි පල්ලම් බසිමින් තිබිණ. දවල් දවස පුරා වෙහෙස වූ හිරු ගිලගෙන, සිය ඇකයෙහි හොවා සනහන්නට සිතිජ මායිමෙහි සයුර ඇඟිලි ගනිමින් සිටියේ ය. වියළි මිරිස් බැද තෙම්පරාදුවෙහි දැවටූ තැම්බූ කඩල ඇට සපමින් මිතුරෝ තිදෙන වෙරළ දිග මන්දගාමී සක්මනෙහි නිරතව සිටියහ. ඔවුන් ගේ දිගු සෙවණැලි...
අන්තරා හෙමිහිට ගේ අස්පස් කළා ය. ඇයත් එක්ක මහ ගෙදරට ගෙන යා යුතු දේවල් ඇසිරුවා ය. නූපුර විවිධ වයස් වල දී ගත් රාමු කරන ලද පින්තූර හා සුවඳ නිස්සාරණයටත් විලවුන් නිෂ්පාදනයටත් යොදා ගත් පරීක්ෂණාගාර උපකරණ ටික හැරුණ විට ගෙනයන්නටය කියා තිබුණේ ඇඳුම් ටිකත් නූපුර ගේ ළදරු හා ළමා වියෙහි...
දශක දෙකකට පසු අන්තරා ඇගේ මහගෙදරට ගොඩවූවා ය. පූජා තැටියෙහි පහන් දල්වා, අන්තරා ගේ හිස ඉදිරියෙහි කරකවා, ඇස්වහ කටවහ දොස් දුරු කරවා කිශෝරි ඈ සිය උපන් ගෙට ගත්තා ය. භාණුක ජිතේන්ද්‍ර මුතුමුදලි හිටියේ ආලින්දයේ මඳක් ඈතින් වන කවුළුවකින් පිටත බලාගෙන ය. ඔහු ගේ මූණ ආඩම්බර පාට ය. ගෙදරින් පිට...