අලංකාර සූරියකාන්ත මලෙන් wedding theme එකක් සකස් කර ගමුද?

0
1352

අපේ රටේ හැම විවාහ උත්සවයකම දකින්න තියන්නේ එකම wedding theme කිහිපයක් පමණයි. නමුත් මේ අත්වැල වෙනස්ම ආකාරයකට, අලංකාර දීප්තිමත් නවමු wedding theme එකක් යටතේ  තමන්ගේ විවාහ උත්සවය පවත්වන්න කැමති නිර්මාණශීලි  යුවලකටයි.

අපේ රටට නම් මේ අදහස අළුත්…

ඉරට හැරෙන, ඉරේ පැහැයෙන් දිදුලන සූරියකාන්ත මල්, ඕනෑමතැනකට එක්කරන්නේ කදිම එළියක්. ලංකාවේ විවාහ උත්සවයන්හිදී එතරම් දක්නට නොලැබුණත් මෙම මල ලංකවේ පවත්වන මංගල උත්සව වලටත් ඊතාමත් හොඳින් ගැලපෙනවා..

විශාල ආකර්ෂණයක් එක්කරනව වගේම ඔබට මුදල් වැය වෙන්නෙත් අඩුවෙන්…

සූරියකාන්ත මල් ලොකුයි, පාට වැඩි නැද්ද වගේ දේවල් ඔබට හිතේන්න පුළුවන්. ඇත්තටම දැන් වෙළඳපලෙන් ඔබට ලොකු, කුඩා සහ කොල පැහැති සූරියකාන්ත මල් ලබාගතහැකියි. සුවඳ අඩුබව සහ දිගු වේලාවක් පවත්වා ගතහැකි නිසා ඉතාමත් ප්‍රයෝජනවත්. ලොකු මල් තරමක් මිලෙන් යුතුවුණත් ඉන් වැඩි අවකාශයක් වැසෙන නිසා වෙනත් මල් හෝ කොළ අවශ්‍ය නොවන නිසා වාසිදායකවේ. ස්වාභාවික මල් භාවිතාකරන්නට අකමැති නම් හෝ මිල පිළිබඳ ප්‍රශ්නයක් තිබේනම් ඔබට කිසිඳු ගැටලුවක් නැතිව කෘත්‍රීම මල් අඩු මිලකට ලබාගතහැකියි. පහසුවෙන්ම විවිධ වර්ණයන් සහ ප්‍රමාණයන්ගෙන් ලබාගත හැකියි.

අවශ්‍ය තැනට අනුව ගලප ගන්නත් පුළුවන් !

ඔබ beach wedding එකක් හෝ rustic හෝ summer ආදී wedding theme එකක් භාවිතාකරන්න කැමැත්තෙන් සිටිනවා නම් වඩාත්ම ගැලපෙන මලකි. නිසි පරිදි අනෙක් වර්ණ සහ මල් සමඟ ගලපාගතහොත් සාම්ප්‍රදායික මංගල උත්සවයයකට වුණත් ගලපාගත හැකියි.

සූරියකාන්ත මල් ඉස්මතුකර පෙන්වනවානම් නිල්, කොල පැහැයන් හා එක්කර භාවිතා කල හැකියි. වර්ණය තරමක් අඩුකොට සෞම්‍ය බවක් ලබාදීමට සුදු, අළු සහ ලා දුඹුරු පැහැයන් සමඟ ගලපාගත හැකියි.

මල් කළඹ සදහා

unnamed-1

මනාලියගේ මල් කළඹ, දෙවන මනාලියන්ගේ සහ මල් කුමරියන්ගේ මල් කළඹ සඳහාත් button mums, කුඩා ඩේසිමල්, baby’s breath, කුඩා රෝසමල් සමඟ ගලපාගැනීමෙන් වැඩි අලංකාරයක් ළඟාකරගතහැකියි. ගැලපෙන ලේස් සහ රිබන්ද එකතුකරගත හැකියි. මනාලයාගේ, දෙවන මනාලයන්ගේ සහ මල් කුමාරයන්ගේ කෝට් එකේ ගැසීම සඳහා (boutineer) ද කුඩා සූරියකාන්ත මල් භවිතාකල හැකියි.

පෝරුව සදහා

unnamedපෝරුවට හෝ ceremony arch එකට වගේම මේස සැරසිලි සඳහාද කුඩා සූරියකාන්ත මල් භවිතාකර ලෙහෙසියෙන්ම නැවුම්, වඩා වැදගත් පෙනුමක් ලබාදිය හැකියි. සූරියකාන්ත මල් කිහිපයක් ලේස්එකක් ගැටගැසූ වීදුරු බඳුනකටට (Mason jar) එක්කිරීමෙන් පහසුවෙන්ම මේස සැරසිල්ලක් නිර්මාණයකරගත හැකියි. හණ (burlap) හෝ වර්ණවත් රිබන් ද එවැනි නිර්මාණයක් සඳහා එකතු කරගත හැක.

මංගල කේක් හා ඇරයුම්පත සදහා

unnamed-5

අයිසිං හෝ ස්වාභාවික සූරියකාන්ත මල් යොදාගෙන මංගල කේක්එක හෝ කේක් ආකෘතිය සරසාගත හැකියි. මංගල ඇරයුම්පතට වගේම කේක් පෙට්ටියටත් කෘත්‍රීම සූරියකාන්ත මල් අලවාගැනීමෙන් හෝ සූරියකාන්ත මල් printකිරීම තුලින් තේමාව තවදුරටත් පවත්වාගත හැකියි.

නිතර දකින තේමාවකට වඩා නැවුම්බවින් යුත් මෙවැනි තේමාවක් ඔබ කැමති වර්ණ සමඟ ලස්සනට ගලපාගතහොත් ඉතාමත් අලංකාර විවාහ උත්සවයක් පවත්වන්නට ඔබටත් හැකියාව ලැබේවි.

කෝට් එකේ ගැසීම සඳහා
කෝට් එකේ ගැසීම සඳහා

මේස සැරසිලි සඳහා

කේක් සඳහා
කේක් සඳහා

– කල්හාරි –