අම්මා කෙනෙක් වෙන්න සුදානම්ද? එහෙනම් දැන්මම කියවන්න

0
1559

දරුවෙකු පිළිසිඳ ගන්න පෙර සුදානම් වීමක් ඕනෑද?

ඇත්තටම මවක් වෙන්න කලින් පෙර සූදානමක් තිබිය යුතුම වනවාඒ සඳහා කායිකවත් මානසිකවත් සූදානම් විය යුතුයිඑහි හිස්තැනක් තබා ගත යුතු නැහැදරුවෙකු කුස දැරීමට තමා සුදුසු බව මව වටහා ගත යුතුයි මුලින්මඒ සඳහා දෙදෙනාගේම නිරවුල් එකඟතාවයක් තිබිය යුතුයිඑසේම අදාළ ප්‍රදේශයේ සෞඛ්‍ය සේවා නිලධාරිනිය මුනගැසී එහි ලියාපදිංචි විය යුතු වනවාඒ වගේම පහත ප්‍රශ්න වලටත් නිවැරදි පිළිතුරු ලබා දිය යුතු වෙනවා.

  • විවාහ වූ දිනය
  • අනුගමනය කල පවුල් සැලසුම් ක්‍රම
  • සැලසුම් ක්‍රමවල ආරම්භය
  • සැලසුම් ක්‍රමය නැවැත්වූ දිනය

ඒ වගේම මවක වීමට සුදානමින් සිටින්නිය කිසියම් නිදන්ගත රෝගයකින් පෙලෙන්නේදඒ සඳහා ඖෂධ ලබාගන්නේද යන්නත් සොයා බැලිය යුතුවනවාවිශේෂයෙන්ම සැමියා මේ පිළිබඳව දැනුවත් වී සිටිය යුතු වනවාවිශේෂයෙන්ම මවගේ වයස සඟවන්නේ නැතිව සත්‍ය තොරතුරු සඳහන් කළ යුතු වනවාඒ වගේම පෙර සුදානමේ එක කොටසක් ලෙස පවුලේ ආර්ථික සැලසුම් සකස් කරගෙන තිබීමද වැදගත් වනවා.

ඒ වගේම ෆෝලික් ඇසිඩ් පිළිසිඳ ගැනීමට පෙර භාවිතා කල හැකිනම් වඩාත් සුදුසුයිකිසිදු රෝග තත්වයක් නොමැති නම් ෆෝලික් අම්ලය මිලි ග්‍රෑම් 1ක් ලබා දීම සාමාන්‍ය ක්‍රමයයිමුල් අවධියේදී අවශ්‍ය වන්නේ ෆෝලික් අම්ලය පමණයි.

නිදන්ගත රෝග සහ වෙනත් රෝග ඇති අවස්ථාවන්හිදී වෙනසක් සිදුකල යුතුද?

වලිප්පුව හෝ වෙනත් රෝගාභාධ තිබෙන අයෙක් නම් ෆෝලික් අම්ලය මිලිග්‍රෑම් 4 බැගින් ගත යුතු වනවාඒ වගේම දියවැඩියාවඅධි රුධිර පීඩනයකොන්දේ ආබාධ වැනි රෝග වෛද්‍ය උපදෙස් මත සමනය කරගෙන පිළිසිඳ ගැනීමකට යොමු වීම ඉතාමත්ම සුදුසුයි.

ඒ වගේම ඔසප් චක්‍රය අක්‍රමවත් අය බොහෝවිට තමා පිළිසිඳ ගෙන ඇතිබව දැනගන්නේ දරුගැබට මාසයක් හෝ එක හමාරක් පමණ පිරුණු පසුව වීම විශේෂයක්එයද අනුමාන වන්නේ වමනයක්ලාන්තයඔක්කාරයආහාර අරුචිය පැවතුනොත් පමණයිවිවාහ වූ ආසන්නයේම සෞඛ්‍ය සේවා නිලධාරිනියකගේ උපදෙස් ලබා ගත යුත්තේ ඒ නිසායි.

පළමු වෛද්‍ය පරීක්ෂණය

මෙහිදී අවසන් ඔසප් වාරය සිදුවූ දිනය පැහැදිලි කරගැනීම සිදුවෙනවාඑය දරු ප්‍රසුතිය සිදුවන දිනය තීරණය කරගැනීම සඳහා වැදගත් වෙනවාදෙවනුව මවට තිබෙන රෝග නිධානයන් සොයා බලනවාඉන් අනතුරුව හිමොග්ලොබින් මට්ටමමුත්‍රා පරීක්ෂණලේ වල සීනි මට්ටම පරික්ෂා කර බැලීමත් මවගේ යම් රෝග තත්වයක් වේනම් ඒ ඒ අනුව විශේෂඥ වෛද්‍ය වරයෙකු වෙත යොමු කිරීමත් සිදුවෙනවා.

ඒ වගේම නිසි පරිදි ජිවන රටාව නිරෝගීව පවත්වා ගනිමින්මාතෘත්වය පිලිබඳ තොරතුරු ඇතුලත් ලිපි කියවමින්කාලය නිසි පරිදි කළමනාකරණයට හුරු වීමෙන් ගර්භනී සමයේදී සහ ඉන් අනතුරුව ප්‍රීතිමත් ජිවිතයක් ගත කිරීමට ඔබට අවස්තාව සැලසෙනවා.

– චම්මි –