පොතක් සමඟ කතක්

0
483

එක්දහස් නවසිය අනූ එක දෙසැම්බරයේ දිනෙක තමන්ගේ අලුත්ම නවකතාවේ දොරට වැඩුම් උත්සවයකට බාසිලෝනාවේදී සහභාගී වෙමින් සිටින අතර සුප්‍රකට චිලී ජාතික ලේඛිකා ඉසබෙල් අයියන්දේට ඇගේ සාහිත්‍ය ඒජන්තවරිය රහසින් හදිසි පණිවිඩයක් කීවාය.ඒ ඇගේ විසිහත් හැවිරිදි රූමත් දියණිය පෝලා ,බොහෝසේ ගිලන්ව මැඩ්රිඩ්හි රෝහලකට ඇතුලත් කල බවයි.

ඈ ක්ෂණිකව පෝලා වෙත පියාසර කළාය. නිමක් නැති නින්දකට පත්වන්නට මොහොතකට පෙර ,අවසන් වරට පෝලා කිවේ මෙපණකී “”’මම ඔයාට හැමදාමත් ආදරෙයි අම්මේ ‘ඉන්පසු පෝලා කිසි දිනෙක යලිත් අවදි නොවුණාය. අතිශය දුර්ලභ රෝගී තත්වයකයි වෛද්‍යවරුන් හඳුනා ගන්නා රෝගයකට ගොදුරු වූ පෝලා ඉන් වසරකට පසුව ඉසබෙල්ගේ දෑත් මත්තෙහි සදාකාලික නින්දට වැටුනාය .’මට ගන්න ඉතිරි වෙලා තිබුණේ තීරණ දෙකයි . ඉසබෙල් මතකය අවදි කරමින් කියයි .එක්කෝ දිවි නසා ගන්න එක ,නැත්තම් මේ වේදනාවෙන් ගැළවෙන්න පොතක් ලියන එක ‘

පෝලා නවකතාව බිහි වන්නේ එලෙසිනි .ගැහැණියකගේ හද පත්ලෙන් නැගෙන වේදනාව ජිවන අත් දැක්මන් සමග මුසු වී අගනා නවකතාවක් ලෙස අප හමුවට පැමිණෙන්නේ අපගේද ජිවන සංවේදනාවන් සමඟ ඒකාත්මික වෙමින් වීම විශේෂයකි .මෙය කතුවරියගේ ස්වයං ලිඛිත චරිතාපදානයක් වන අතර එහි කතා රසය උපරිම තලයක තබා ගනිමින් පාඨකයා කුතුහලයෙන් ආලෝලනය කරමින් ඇය විශිෂ්ට පෙළහර පාන්නීය.

පෝලා නවකතාව පිලිබඳ කතා කරන බෆලෝ නිවුස් පවසන්නේ ‘පෝලා මවකගේ ආදරයේ අපරිමිත බවත් මායාවෙහි ශක්තියත් ඉස්මත්තට ගෙනෙන බවයි ‘ එබැවින් පෝලා නවකතාව සියලුම ගැහැණුන්කියවිය යුතුම පොතක්.ඔයාගේ විවේකය අර්ථවත් කරවන අනර්ඝ කෘතියක් ලෙස හඳුන්වා දෙන්න පුළුවන්පොතක්

ඉසබෙල් තමන්ගේ පළමු නවකතාවෙන්ම ජනාදරයට පත්වූ ලේඛිකාවක් ඇයගේ පළමු නවකතාව එක්දහස් නවසිය අසූදෙකේදී ප්‍රකාශයට පත් වුනු ‘The house of sprits’ මේ පොතද සිංහලට පරිවර්තනය වී තිබෙනවා

මේ අහන්න පෝලා , මං දුවට කතාවක් කියන්නම් ,එතකොට ඔය මේ නින්දෙන් අවදි වුණාම දුවට ඒ තරම් තනිවෙලා වගේ දැනෙන එකක් නැහැ .අපේ පවුලේ පුරාවෘතය ඇරඹෙන්නේ පසුගිය ශත වර්ෂය අගදී මහා ලොකු දේවල්වලින් හිස පුරවා ගත්තු ,තම මවගේ ධාතු හෙප්පුවක් කරවටා එල්ලා ගත්තු ,සවි ශක්තිය ඇති බෑස්කු නාවිකයෙක් චිලී රටේ වෙරළට ගොඩ බැස්ස වෙලාවේ , ‘ මෙලෙස සිය කතාවට ඇරඹුමක් දෙන ඉසබෙල් සිය ජිවන තොරතුරු දර්ශනීය සිතුවම් මවන නවකතාවක් ලෙස නිමවනවා ,ඇත්තටම එය සැම දෙනාම කියවිය යුතුම කතාවක් ,

විදර්ශන ප්‍රකාශයක් ලෙස සිංහලට පරිවර්තනය වී ඇති පෝලා,සිංහලට පරිවර්තනය වී තිබෙන්නේ ප්‍රවීණලේඛකයකු සහ පරිවර්තකයකු වන භද්‍ර ජී මහින්දයන් අතින්,ඉතින් අර්ථවත් ලෙස විවේක කාලය ගතකරන්නට කැමති ඔයාට සුදුසුම පොතක් විදියට මේ පොත හඳුන්වා දෙන්න පුළුවන් ඉදිරියේදී අපි තවත් හොඳ පොත් රැසක් ඔයාට අරගෙන එන පොරොන්දුව පිට අදට නවතින්නම් ,අමතක කරන්න එපා ,පෝලා ඔබ සමඟ එක්වන්න මග බලාගෙන සිටිනවා

චම්මි