ලේඛක දිවියක අසිරිය විහිදුවන ”උපන්දා සිට ”

227

”මීට අවුරුදු විස්සකට පමණ පෙර මා ”අපේ ගම” ලියුවේ මගේ ළමා විය සියතින් අල්ලා බදා ගන්නා තරම් ආසාවකිනි. ළමා කාලයේ මා ඇසු වදන් ,දෙඩු දෙඩුම්, කල සෙල්ලම්, මතක් කරන්ට වෑයම් කිරීමෙන් මම සන්තෝෂයක් ලැබීමි .ළමා කාලයෙහි පටන් මෙතෙක් කල කී කිසිවක් දින පොතක නොලියු මම මගේ අතීතය පිලිබඳ තොරතුරු මගේ මතක අතින් සිත අත ගෑමෙන් සොයා ගන්නෙමි.”

මේ අප මහා ලේඛක මාර්ටින් වික්‍රමසිංහ සිය බාල විය ,තරුණ විය ,මැද විය ,පිලිබඳ මතකයන් ආවර්ජනයේ යෙදෙමින් ඉතා රසවත් නවකතාවක ආකාරයට උපන්දා නමින් ලියූ සිය ජිවන අත්දැකීම් එකතුව අරඹන ආකාරයයි .සිය සංඥාපානයේ ඔහු මෙලෙස සඳහන් කරනවා .

”මෙය ජිවන චරිතයක් නොවේ ,නවකතාවක්ද නොවේ ,මතක වතක්ද නොවේ .කුඩා වියෙහි සිට මා කල කම්, දෙඩු දෙඩුම්, ඇසු විත්ති, දුටු දැකුම්, සිතු සිතුම්, හා පැතූ පැතුම්ද සිහි කරන්නටත් ලියන්නටත් කල වැයමෙහි විපාක ඵලයකි. ”උපන්දා සිට …………….”යනු ඒ විපාක – ඵල හැඳින්වෙන සංකේතයක් මිස නමක් නොවේ.”

උපන්දා සිට විවරණය කරන්නේ එපමණක් නොව ,එක්තරා යුගයක මිනිස් වගකගේ දේශපාලන කතාන්දරයද අප හමුවේ රසවත් ලෙස තැබීම වනවා .එනිසා මෙය අප අනිවාර්යයෙන්ම ඇසුරු කල යුතු කෘතියක් ලෙසට හඳුන්වා දෙන්න පුළුවන්.

”එදා රැයෙහි කරලින්චෝ අපේ ගෙදරට අතුලුවුනේ මෙසේ කියමිණි.”අපොයි නෝනා ,අපේ ඉස්කෝලේ මහත්තයා කුණකටුව කාලා .”

හුඟක් අමාරුදැයි ”පංච කෙලිමින් සිටි මගේ බිරිඳ ඇසුවාය .

”වැඩි අමාරුවක් නැහැ .වේදනාව තමා ඉවසන්න බැරි .”

ගෙදර වත්තත් මිදුලත් රුක්ගොමුවෙන් සෙවණ වූ තැනක් මෙන් විහිදුණ අතු පතර ඇති දෙල් ගසින් හා පොල් ගසින් සෙවණ වී ඇත. ඒ නිසා අඳුර දැඩි වෙයි. එහෙත් බක්මස රස්නයෙහි අඩුවක් නැත. අඩු කවුළු ඇති ඒ ගෙයින් කවුරුත් එලියට බැස මිදුලට පිවිසෙති.
”අපොයි අම්මි,ඉස්කෝලේ මහත්තයා උණකටුව කෑවා නම් දැන් උණ බලන්නේ කොහොමද ? යි කුසුම් ඇසුවේය. ඔහුගේ අම්මා හොඳටම සිනාසුණාය.

උණකටුව නෙමේ පුතා; කුණකටුවා .කුණකටුවෙක් ඉස්කෝලේ මහත්තයාගේ කකුල කාලා.කුණකටුවා කියන්නේ සර්පයෙක් .”

සැබෑ දිවියේ අත් දුටු මෙවැනි රසවත් තොරතුරු මාටින් වික්‍රමසිංහ පාඨකයා ඇඳ බැඳ තබා ගනිමින් ඉදිරිපත් කරයි .එක හුස්මට කියවාගෙන යා හැකි ” උපන්දා සිට” සැබවින්ම ඇසුරු කල යුතු මිතුරෙක් වන පොතක්. ඉතින් ” උපන්දා සිට ” ගැන තැබූ මේ සටහන පොතේ පසු පිටේ සටහන් කර තිබෙන පොත ගැන කරන ඉසියුම් හැඳින්වීමෙන් අහවර කරන්න මම කැමතියි. ඒ වගේම මේ පොත සරස ප්‍රකාශනයක්

”ගැමි පරිසරය වික්‍රමසිංහ කෙරෙහි පැවැත්වූ බලයත් ,ඒ පරිසරයෙහි බැසගත් මුදුන් මුල ඇති ඔහුගේ චරිතය හැම ආපදාවන්ට ඔරොත්තු දෙන දැඩි ශක්තියක් ලැබූ සැටිත් ඔහු මේ පොතින් ව්‍යක්ත ලෙස නිරූපණය කරන්නේ තමා කල පින් පව් නොසඟවා කියන මත්වයෙන් තොර දරුවකු ලෙසිනි .

චම්මි

Comments

comments

SHARE