“සමබර” – එරන්දතී විජේකෝන්

514

ඇය දිගු සුසුමක් පිට කලාය,
“හපෝ,වැඩ වැඩ වගකීම් මට එපා වෙලා.
මේ වැඩයි වගකීම් ටිකයි කාට හරි පවරලා
මට විනෝදයෙන් සැහැල්ලුවෙන් ඉන්න පුලුවන්නම්
මම ආශා කරන තැන් වල ඇති තරම් ඇවිදින්න හැකිනම් “
ඇය හිතුවේ විඩාබරව
“එත් ඉතින් මම මේවා පවරන්නේ කාටද?
ක්ලෝන පිටපතක් වත් තියෙනවා නම්”
ඇය හිතුවා
වහා ක්ලෝන පිටපතක් නිර්මාණය කල ඈ
අගේ සියලු වැඩ හා වගකීම් එයට පැවරුවා
ඇයට නිදහස සහ සැහැල්ලුව පමණක් දැනුණා
ගී ගයමින් රුපවාහිනිය නරඹමින් පොත් කියවමින්
උපරිම ලෙසට විනෝද වුණා
ඇය ඇති තරම් ඇවිද්දා
ඇය යාමට ආශා කල සියලු තැන් වල ඇවිද්දා
දිනක්
ඇය ප‍්‍රාර්ථනා කල සියල්ල මැද
විශාල හිස් බවක් පාළුවක් දැනුනා
“ඇයි මේ
මම ඉන්නේ මම ආශා විදිහටනේ
එත්
දෙයියනේ කෝ මට වැඩක් වගකීමක් “
ඇය වහා ක්ලෝන පිටපත කැඳවුවා
“වැඩ සහ වගකීම් මට යලි ලබා දෙන්න”
ඇය පැවසුවා
“ඒවා මට අයිති දේවල්
ඔබට තියෙන්නේ ප‍්‍රිතී වීම පමණයි”
ක්ලෝන පිටපත පැවසුවා
ඇය වහා එය විනාශ කර දැමුවා
ඇයට යලිත් වැඩ සහ වගකීම් දැනුනා
ඇය අවසානයේ ඉගෙන ගත්තා
ජීවිතය යනු සියල්ල බව
එමෙන්ම
ජීවිතය යනු සියල්ල සමබර කර ගැනීම මිස
අකමැති දේ අතහැර
කැමති දේ පමණක්
ලන් කර ගැනීම
නොවන බව

– එරන්දතී නයනකේෂි විජේකෝන් –

Comments

comments

SHARE