අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් තරම් දරුවන්ට ආදරයෙන් කරුණාවෙන් සළකන කෙනෙක් දරුවෙක්ට වෙන නෑනෙ. දරුවෙක්ව සංවේදී විදියට, හොඳින් උස්මහත් කරන්න අම්මා කෙනෙක් සහ තාත්තා කෙනෙක්ගෙ මුදු මාර්ගෝපදේශකත්වය හරිම වැදගත්. මේ Gentle Parenting කියන Concept එක වැදගත් වෙන්නෙ අන්න එතනදි.
ඉතින් මේ Gentle Parenting කියන Concept එක ලෝකයට අලුත් දෙයක් නොවුනට අපිට නම් තාම ටිකක් නුපුරුදුයිනෙ. ඒ නිසාම තමයි Smartlady අපි හිතුවෙ අපේ අද ලිපියෙන් Gentle Parenting කියන්නෙ මොකද්ද සහ ඔබේ දරුවාට Gentle Parent කෙනෙක් වෙන්නෙ කොහොමද කියල.
ඉතින් මේ Gentle Parenting කියන Concept එක ඔයාලට අලුත් නම් ඔන්න මේ ලිපියෙන් ඔයාලට අවස්තාව ලැබෙනවා ඒ ගැන වැඩි විස්තර දැනගන්න.
අපි මොන වගේ අම්මා කෙනෙක් ද එහෙම නැත්තම් තාත්තා කෙනෙක් ද වෙන්නෙ කියන එක ගැන දරුවා හම්බුවෙන්න කලින් කොච්චර දේවල් හිතන් හිටියත් දරුවා හම්බුනාට පස්සෙ ඒ එන Challenges එක්ක අපි හිතාගෙන ඉන්න දේවල් වෙනස් වෙන එක ඉතින් සාමාන්‍ය දෙයක්නෙ. අපි ගොඩක් වෙලාවට සමාජ මාධ්‍යවල කියවල තියෙන “හොඳ දෙමව්පියෙක් වෙන්නෙ කොහොමද” වගේ ලිපි කියවල ඒ වගේ වෙන්න උත්සහ කරත් සමහර වෙලාවට අපි හැසිරෙන්නෙත් අපේ අම්මලා තාත්තල වගේ වෙන්න පුලුවන්. මොකද Parenthood කියන්නෙ ලේසි දෙයක් නෙවෙයි. පුරුදු වෙලා කරන්න ඕන දෙයක් වගේම ඒක අපේ ඇඟෙනුත් එන දෙයක්නෙ.
ඉතින් සමහරවෙලාවට අපි හිතනව “මම මගේ දරුවව හදන්නෙ අපෙ අම්මල අපිව හදපු විදියට”. එහෙම නැත්තම් “මගෙ දරුව උස් මහත් වෙන්න ඕන මම උස් මහත් වෙච්ච විදියට” ඒත් කාලෙ වෙනස්. දරුවො විතරක් නෙවෙයි දෙමව්පියනුත් වෙනස්.
Gentle Parent කෙනෙක්ගෙ තියෙන ගොඩක්ම හොඳ ගතිගුණයක් තමයි Reflection කියන එක. අපි අපේ දරුවන්ට කොච්චර දයානුකම්පාවක් සහිතවද සලකන්නෙ කියන එක තමයි මෙතනදි මේ කියන්නෙ. දෙමව්පියෙක් නම් මෙන්න මේ වගේ විය යුතුයි කියල Guideline එකක් දෙන්න අපිට අමාරුයිනෙ. සමහර අම්මල ඉන්නව පමණටත් වඩා දරුවන්ට ආදරේ කරන. සමහරු එහෙම නෑ, ගාණට තමා හැමදේම. හැබැයි ඉතින් අපිට මේ කිසිම ක්‍රමයක් වැරදියි කියල කියන්න බෑ.
Gentle Parent කෙනෙක් කියන්නෙ කොහොම කෙනෙක්ද?
මෘදු දෙමාපියකරණය එහෙම නැත්තම් Gentle Parenting කියන්නෙ බාහිර බලපෑම් වෙනුවට අභ්‍යන්තර කැමැත්ත මත පදනම්ව තේරීම් කිරීමට ඔබ සහ ඔබේ දරුවා අතර හවුල්කාරිත්වයක් දිරිමත් කරන දෙමාපිය ප්‍රවේශයක් කියල කියන්න පුලුවන්. මේ ක්‍රමය ඔබ ඔබේ දරුවාට ආදර්ශවත් වන හැසිරීම ගැන, අනුකම්පාව ගැන වගේම දරුවාගේ හැඟිම් පිළිබඳව තේරුම් ගැනීම කියන සංකල්ප ඔයාට වඩාත් හොඳින් පැහැදිළි කරනවා.
මේ Gentle Parenting කියන Concept එක දැඩි නීති මාලාවක් අනුගමනය කරන්නෙ නෑ.ඒක කිසිම Professional කෙනෙක් හදපු දෙයක් වත් Celebrity කෙනෙක් Trend එකක් කරපු Concept එකක්වත් නෙවෙයි. මෘදු දෙමාපිය දර්ශනයට ඔබට දැනටමත් හුරුපුරුදු විය හැකි විවිධාකාර උපාය මාර්ග ඇතුළත් වෙලා තියෙනවා. දෙමාපිය විශේෂඥවරියක් සහ ද ජෙන්ටල් මාපිය පොතේ කතුවරිය වන සාරා ඔක්වෙල්-ස්මිත් , Gentle Parenting කියන Concept එක වචන තුනකින් සාරාංශ කරනවා. ඒ තමයි සංවේදනය, අවබෝධය සහ ගෞරවය.
Gentle Parenting ගැන තියන වැරදි වැටහීම්
Gentle Parenting කියන Concept එක සීමා මායිම් රහිත යැයි හිතන එක ලේසියි. පාලනය අහිමි වීම ගැන සැලකිලිමත් විය හැකි නිසා මෘදු ප්‍රවේශයක් වැලඳ ගැනීමට දෙමාපියන් බිය වෙන්නත් පුලුවන්
දෙමව්පියන් සහ දරුවා අතර හවුල්කාරිත්වයක් ඇති කිරීම මෙම ප්රවේශයේ ඉලක්කය බව මතක තබා ගන්න ඕන. අත්තනෝමතික කෝපය සහ විධානයන් මේ Concept එකට හරියන්නෙ නෑ. දරුවන්ට තම දෙමාපියන් කියන්නෙ තමන්ට උපකාර කරන Partner කෙනෙක් කියන දේ තේරුම් කරවන, දෙමව්පියන් උත්සහ කරන්නෙ දරුවන්ව ආරක්ශා කරගන්න කියන දේ තේරුම් කරවන Concept එකක් මිස Gentle Parenting කියන්නෙ දරුවන්ව බලෙන් දේවල් කරන්න පුරුදු කරවන Concept එකක් නම් නෙවෙයි. දෙපාර්ශ්වයේම සහයෝගයෙන් තමයි මේ Concept එක වැඩ කරන්නෙ.
උදාහරණයක් විදියට දරුවා එක්ක එළිමහනෙ සෙල්ලම් කරන්න ගිය වෙලාවක අම්මට හෝ තාත්තට දරුවගෙ ආරක්ශාව ගැන සහතික වෙන්න මෙන්න මෙහෙම දෙයක් කියන්න පුලුවන්
“අපි දෙන්නට දෙන්න පේන තැනක සෙල්ලම් කරමු හොඳේ? අඳුරන්නෙ නැති අය පස්සෙ යන්න එපා, හැමතිස්සෙම අම්මටයි තාත්තටයි පේන්න සෙල්ලම් කරන්න”
Gentle Parenting සහ Montessori Concept එක එකට සම්බන්ධ වෙන්නෙ කොහොමද?
Gentle Parenting සහ මොන්ටිසෝරි ක්‍රමයට පොදු කරුණු කිහිපයක් තියෙනවා. තමන් වෙනුවෙන් වගකීම භාර ගැනීමට මෙතනදි දරුවා දිරිමත් කරනවා. Gentle Parents ලා දරුවා චිත්තවේගීය මට්ටමකට ස්වාධීනත්වය කරා ගෙන යනවා. දරුවන්ට ඔවුන්ගේ චිත්තවේගයන් ගවේෂණය කිරීමට ඉඩ දෙනව වගේම, ඔවුන්ගේ හැඟීම් කළමනාකරණය කරන ආකාරය දරුවන්ට උගන්වන දෙමාපියන් තම දරුවාගේ අත්දැකීම් පිළිගැනීමට නිරතුරුවම කටයුතු කරනවා.
නිදසුනක් වශයෙන්, කලකිරුණු දරුවෙකු අඬන එක නැවැත්වීමට මෘදු දෙමාපියෙක් ආවේගශීලීව උත්සාහ කරන්නේ නෑ. ඒ වෙනුවට, ඔවුන්ගේ Negative හැඟීම් ආරක්ෂිතව අත්විඳිය හැකි බව දරුවාට පෙන්වීමට ඔවුන් සන්සුන්ව ඉන්නවා. “ඔයා දුකෙන් නෙ ඉන්නෙ, අපි ඉස්සෙල්ලා හිත හදාගන්න මෙන්න මෙහෙම කරමු/අඬන්න ලැජ්ජ වෙන්න එපා” යනුවෙන් පැවසීමෙන් ඔවුන් දරුවාගේ අත්දැකීම් වලට ගරු කරනවා. දෙමව්පියන් තම දරුවාගේ නිෂේධාත්මක හැඟීම් වහා ඉවත් කිරීමට උත්සාහ නොකරන්නේ නම්, දරුවන්ට පිළිගැනීමක් දැනෙන අතර, ඔවුන් සාමකාමී සහ පෝෂණීය පරිසරයක් තුළ ඒවා කළමනාකරණය කිරීමට ඉගෙන ගන්නවා.
Gentle Parenting සහ මොන්ටිසෝරි යන දෙකම අත්තනෝමතික විධාන නිකුත් කරන බලයලත් පුද්ගලයන්ට වඩා වැඩිහිටියන් මාර්ගෝපදේශකයන් ලෙස කටයුතු කරන එක තමයි හොඳම දේ. මේ Concepts දෙකම දැඩි නිරීක්‍ෂණයක් කරනවා. මොන්ටිසෝරියෙදී, දරුවන් පෝෂණය කරන පරිසරයක් නිර්මාණය කිරීමට උනන්දු වෙනවා වගේම, මෘදු දෙමාපියන් තම දරුවන් ගැටලුවලට ප්‍රතිචාර දක්වන ආකාරය කෙරෙහි දැඩි අවධානයක් යොමු කරන අතර තම දරුවාගේ අවශ්‍යතා හඳුනා ගැනීමට සංවේදනය භාවිතා කරනවා.
Gentle Parenting වල කොටස් 3
දරුවො උස්මහත් වෙන්නෙ තමන්ගෙ දෙමව්පියන් දිහා බලාගෙන කියල අපි දන්නවනෙ. Gentle Parenting වලදි සංවේදනය, අවබෝධය සහ ගෞරවය වඩාත් වැදගත් වෙන්නෙ අන්න ඒ හන්දා. ඉතින් දැන් අපි බලමු මේ සංවේදනය, අවබෝධය සහ ගෞරවය කොහොමද Gentle Parenting වලදි වැදගත් වෙන්නෙ කියල.
සංවේදනය:
ඔබේ දරුවාට අවශ්‍ය මොහොතේදී ඔහුට හැඟෙන ආකාරය ගැන සැලකිලිමත් වීමට උත්සාහ කිරීම ඉතාම වැදගත්. ඔබේ දරුවා සමඟ සංවේදනය කිරීමට වෙලාවක් නිර්මාණය කර ගැනීමේ පුරුද්දක් ඇති කර ගැනීමෙන් ඔබට වර්තමාන තත්වයට අවශ්‍ය දේට වඩා හොඳ ප්‍රවේශයක් ලබා දෙනවා. අන් අයට සැලකිල්ලෙන් සහ අනුකම්පාවෙන් සලකන්නේ කෙසේද යන්න ද දරුවන්ට පෙන්වා දෙන්නත් මෙය ඔබට උදව්වක් වෙනවා.
නිදසුනක් වශයෙන්, දරුවෙකු කලබල වූ විට හෝ නොසන්සුන් වූ විට, දරුවාගේ හැසිරීම පිටුපස ඇති දේ ගැන දෙමාපියන්ට කුතුහලයක් ඇති වෙන්න පුලුවන්. ඒ මොහොතේ දි තම දරුවාට අවශ්‍ය දේ සෙවීමට සහ ඒ මන්දැයි සොයා බැලීමට ඔවුන්ට උත්සාහ කරන්න පුලුවන්.
අවබෝධය:
Gentle Parenting කියන කාරනාවෙදි දරුවෙකු දරුවෙකු බව මතක තබා ගැනීමේ පුරුද්දක් ඇති කර ගන්න උවමනයි. ඔවුන්ගේ ලෝකය වැඩිහිටියන්ගේ ලෝකයට වඩා බෙහෙවින් වෙනස්. වැඩිහිටි දෘෂ්ටිකෝණය වර්ණවත් කරන සියලු චින්තන රටා තවමත් දරුවන් තුළ වර්ධනය වී නොමැති බව තේරුම් ගන්න එක තමයි දරුවන්ව වඩා හොඳින් තේරුම් ගන්න අපිට උදව් කරන්නෙ.
නිදසුනක් වශයෙන්, අස්ථානගත වූ සෙල්ලම් බඩු නිසා ළමයින් කලබල වූ විට එයාලා එහෙම හැසිරෙන්නෙ ඇයි කියල හිතල බලන්න. ඔබේ දරුවාගේ චිත්තවේගීය පරිණතභාවය තවමත් වර්ධනය වෙමින් පවතින බව මතක තබා ගන්න. දරුවෙකුගේ හැසිරීම ඔවුන්ගේ සංවර්ධන අවධිය සඳහා සුදුසු බව පිළිගැනීමෙන්, දෙමාපියන් දරුවන්ට ඔවුන්ගේ ප්‍රතික්‍රියා, හැඟීම් හෝ සිතුවිලි ආරක්ෂිත සහ පෝෂණීය අවකාශයක ගවේෂණය කිරීමට ඉඩ සලසන්න ඕන.
ගෞරවය:
මෘදු දෙමාපියන් අන්‍යෝන්‍ය ගෞරවය මත පදනම් වෙලා කටයුතු කරන අතරෙම කුඩා කාලයේදීම තමන්ට ගෞරවයක් ලැබෙන විට අන් අයට ගරු කරන වැඩිහිටියෙකු බවට දරුවෙකු හැදී වැඩෙන්නේ යැයි බලාපොරොත්තු වීම තේරුමක් නෑ. තම දරුවාට ගෞරවය පෙන්වන දෙමාපියන් එය තේරීමක් බව ද පෙන්වන්න ඕන. ගෞරවය ඔවුන්ගේ වටිනාකම් සමඟ සම්බන්ධ වී ඇති අතර, ඔවුන් වටා ධනාත්මක චින්තනයක් ගොඩනගන්න හේතු වන බව ආදර්ශයෙන් දරුවන්ට කියල දෙන්න ඕන. එදිනෙදා ජීවිතයේදී, ප්‍රායෝගිකව ඔබේ දරුවාට ගරු කිරීම යන්නෙන් අදහස් කරන්නේ දැඩි විධාන සඳහා මෘදු ඉල්ලීම් හුවමාරු කර ගැනීම සහ බිය පදනම් වූ අනතුරු ඇඟවීම් වෙනුවට හවුල්කාරිත්වය සඳහා ආරාධනා කිරීමක්.
එදිනෙදා ජීවිතයට Gentle Parenting
පුද්ගලයා ගැන නෙවෙයි අදහස් දක්වන්න ඕන ක්‍රියාව ගැන: උදාහරණයක් විදියට දරුවා එයාගෙ නංගිට පාරක් ගැහුවොත් “ඔයා නම් හරිම නපුරු ළමයෙක්” කියල බනිනවට වඩා වෙනසක් ඇති කරන්න පුලුවන් “ඔයා කරපු දේ නිසානෙ නංගි අඩන්නෙ, අපි එයාට වෙන විදියට සලකල බලමුද?” කියන එකෙන්
එතකොට දරුවට තේරුම් යනවා වැරදි කියන්නෙ අපි හැමෝම අතින් වෙන දෙයක් වගේම අපිට වැරදි හදාගෙන ඉස්සරහට යන්න පුලුවන් කියලා.
කරුණාවන්ත වෙන එක හරිම වැදගත්: ඔයා දරුවට කොච්චර කරුණාවන්ත වෙනවද එයා ඒ කරුණාවන්තකම තමයි අනිත් අයට පෙන්වන්නෙ කියන එක අමතක කරන්න එපා. මහන්සිය, හැඟීම් ගැන දරුවො එක්ක බෙදාගන්න එකත් හරි වැදගත් එයාලට දයානුකම්පාව කියන දේ තේරුම් කරවන්න. “අද මට හරිම මහන්සියි පුතා, ඒ නිසා මම ඉක්මනට නිදාගන්නවා” කියන දෙයින් දරුවන් පොඩි කාලෙ ඉඳලම අනිත් කෙනා ගැන ආදරයෙන් කරුණාවෙන් හිතන්න, සැලකිලිමත් වෙන්න හේතු වෙනවා.
සහයෝගයෙන් වැඩ කරන්න: එකට වැඩ කරද්දිත් අපිට ඉගෙන ගන්න වගේම උගන්නන්න දේවල් ගොඩක් තියෙනවනෙ. ඒ නිසා දරුව එක්ක සහයෝගයෙන් වැඩ කරන්න ඉඩ ලැබෙන හැම වෙලාවකම ඒ අවස්තාව පාවිච්චියට ගන්න අමතක කරන්න එපා.
ධනාත්මක චින්තනය: හැමතිස්සෙම හැම දේටම එපා කියන්න එපා. ඒකෙන් දරුවගෙ මනසට යන Negative Impact එක හරිම වැඩියි. එපා කියන දෙයක් උනත් කියන්න ඕන විදියක් තිබෙන බව අමතක කරන්න එපා.
දිරිමත් කරන්න ඕන දේවල්වලට දරුවන්වන් දිරිමත් කරන්නත්, එපා කියන්න ඕන දේවල්වලට ආදරයෙන් එපා කියන්නත් පුරුදු වෙන්න.