රන් මල් දම් – 3

0
2897

තෙවැනි මල් දම

අම්මා හදිසි රිය අනතුරකට මුහුණ දී ඇතැයි ඇමතුම ලැබෙන විට මන්දාරම් උන්නේ දිවා ආහාරය ගෙන අවසන් කරමිනි. රෝහල් පොලිසියෙන් ලැබුණ ඇමතුම අදහා ගන්නට නොහැකිව ඔහු යළි යළි එයම විමසා තහවුරු කරගත්තේය. මේ වෙලාවේ අම්මාට පානදුරට යන්නට ඇති උවමනාව මන්දාරම්‍ට වටහා ගන්නට හැකි වූයේ නැත. පියවි සිහියට එලැඹි වහාම ඔහු ඒ පිළිබඳව දැණුම් දී පානදුර මහ රෝහල වෙත යන්නට පිටත් වූයේය. කඩවත අධිවේගී පිවිසුමෙන් මෝටර් රිය ඇතුලු කිරීමෙන් පසු ඔහු එතෙක් අධිවේගී මාර්ගය තුල වාහනය ධාවනය කල වැඩිම වේගය පවත්වා ගත්තේය. ඔහුගේ හිස ගිණි ගෙන දැවෙන්නාක් සේ දැනෙමින් තිබුණි.

” මොකද්ද අම්මේ මේ වුනේ ?…”

දෑස් මාර්ගය දෙස අවධානයෙන් තියා ගන්නට මන්දාරම් දැඩි උත්සාහයක් ගත්තේය. අම්මාගෙන් තොරව ගෙවන්නට වන තත්පරයක් ගැන හෝ අදහසක් මන්දාරම්‍ට තිබුනේ නැත. තමා සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින්නට මාස දෙකකට පෙර පියා හදිසියේ මිය ගියාට පසුව, අම්මා වටා ගොඩ නැඟුණ ලෝකයේ මෙවන් සිදුවීමක් පිළිබඳව සිතා හෝ නොතිබූ බව මන්දාරම් කල්පනා කලේය. නෙත් තෙත් වන තරමින් සහ ගිණියම් වන තරමින් දැනෙන කඳුළු පිසදාගන්නට තරම් සිහියක්වත් මන්දාරම්ට තිබුනේ නැත. ගැලනිගම පිවිසුමෙන් බැහැර වන විට මන්දාරම් පියවි සිහියෙන් සිටින්නට සෑහෙන්න උත්සාහයක් ගත්තේය. අධිවේගී මාර්ගයේ වූ නිදහස සාමාන්‍ය මාර්ගයට ගත් පසු නොවූ බව දන්නා නිසාම ඔහු මොහොතකට මෝටර් රිය මාර්ගයේ පසෙකට කර නැවැත්වූයේය. දෑස් දෑතින්ම පිසදා හැරියේය.

අම්මා අද උදෑසන තමා නිවෙසින් පිටවෙද්දීද කිසිඳු වෙනසක් නොවූ බව මතකය. එලෙස තිබියදී අම්මාට තමාට ද නොකියාම පානදුරට එන්නට තීරණය කිර්‍රිම ගන මන්දාරම් යළි සිතුවේය.

ඉන් පසුව ඔහු ඇමතුමක් ගත්තේ හදිසියේම සිහි වූවාක් මෙනි.

” කියපන් ….”

” උඹ කොහේද ?….”

” ක්ලාස් එකේ බං … ඉක්මනට කියහං….”

” අම්මා ඇක්සිඩන්ට් වෙලාලු පානදුරේදී චානා …. මං බණ්ඩාරගම ….”

” පානදුරේදී ?…”

” ඔව් බං .. මටත් හිතාගන්න බෑ .. එහෙම ගමනක් යන බවක් අම්මා කිව්වේවත් නෑ .. උඹට කිව්වද?…”

” පිස්සුද බං .. කිව්වේ නෑ… කිව්වා නම් එහෙම අඩුම මම ට්‍රාන්ස්පෝර්ට් එකක් හරි සෙට් කරනවනේ … හරි හරි .. අලගිය මුලගිය තැන් පස්සේ බලමු …. එකටම උඹ නැන්දාව බලලා හිටහංකො .. වෙන්නෝනිදේ කරලා ඉමූ …. මම මේ ක්ලාස් ඉවර කරලා ටාර් ගාලා කඩවතින් දාන්නම් …”

” උඹ ක්ලාස් එක ඉවරකරහං.. මං බලලා ගන්නම් ….”

මන්දාරම් ඇමතුම විසන්ධි කලේය. රෝහලට යන තුරුම සිත තුල වූයේ එකිනෙක හා පැටලුණු සිතුව්ලිම පමණි. අම්මා ගේ දණහිසේ සැත්කමට පසු ඕ තනිව එළියට නොයන තර්ම් ය. එලෙස තිබියදීත් කැළණියේ සිට පානදුරට එන්නට අම්මාට වූ අවශ්‍යතාවය වටහා ගන්නට නොහැක.

” ආයේ ආයේ එකම හිතන්න එපා යකෝ .. සිහියෙන් හිටහං …”

මන්දාරම් තමා සමඟම රණ්ඩු කරගත්තේය. සිත සන්සුන් කරගෙන වර්තමාන මොහොතේ කල යුතු දෑ වෙනුවෙන් අවධානය යොමු කිරීමට උත්සාහ කරන ලෙස තමාටම පවසා ගත්තේය.

රෝහලට ඇතුළු වීමෙන් පසු සියලු විස්තර දැන කියාගත් පසු මන්දාරම් උන්නේ රිය අනතුර සිදු කර පලා ගිය පුද්ගලයා පිළිබඳව දරා ගත නොහැකි තරමේ කෝපයකිනි. අම්මාගෙන් විමසුවද, කොහෙදී කුමක් වූවාදැයි නිශ්චිතවම නොපැවසූ නිසා මන්දාරම්ට ඉවසා සිටින්න්ට සිදු විය. ඒ නැතත් ඇය වැඩි වෙහෙසට පත් නොකරන්නට හෙදියක ඔහුට කිහිප වතාවක්ම කීවාය.

මන්දාරම් හිතවත් වෛද්‍යවරුන් දෙදෙනෙකුම අමතා ඊළඟට කල යුත්තේ කුඅම්ක්දැයි විමසා සිටියේය. ඔහුට අවැසි වූයේ අම්මා පෞද්ගලික රෝහලක් වෙත රැගෙන යන්නය. එහෙත් වෛද්‍යවරුන් දෙදෙනාගේම මතය වූයේ ඒ සඳහා හදිසි නොවී සිටින ලෙසය.

” එහෙට මෙහෙට හොලවන එකෙන් වෙන්න පුලුවන් ඩැමේජ් එක වැඩි බං… හොඳම වැඩේ, උඹත් මෙහෙන් ලොජ් වෙලා, අම්මව සතියක් හරි මෙතනම ඉන්න දෙන එක.. ඩොක්ටර් සමරසිංහ දැනට කොළඹ ඉන්න නම්බර් වන් සර්ජන් කෙනෙක්….. සර් අම්මාව ඩිරෙක්ට් ඉන්ස්පෙක්‍ට් කරන එක වාසියි…”

මන්දාරම් මිතුරන්ගේ යෝජනාවන්ට එකඟ වූයේය. ආයතනය අමතා දින දෙකක නිවාඩුවක් අනුමත කරවා ගත්තේ, ඉදිරි සැලසුම් ගැන වැඩි විස්තරයක් නොසිතාය. චානක අමතා විස්තර පැවසු පසු ඔහු දෙදෙනාට ඇඳුම්ද රැගෙන පැමිණෙන බව කී නිසා මන්දාරම් අන්තර්ජාලය හරහා නවාට්ඃඇණ්පලක් වෙන් කරවාගෙන එහි ගියේය.

ඉන් පසුව ඔහුට වූ දැඩි ගැටලුව වූයේ අම්මා අසල කිසිවෙකු හෝ නතර කරවීමය. අම්මාට ඇඳෙන් බසින්නට හෝ නොහැක. වැසිකිලි යෑමේ සිට සියල්ල වෙනුවෙ කිසිවෙකුගේ උදව් අවශ්‍යය. තමාට හෝ චානකට ඒ සියල්ල සිදු කල හැකි වුවද රෝහලේ නීති සමුදාය තුළ එවැන්නක් වෙනුවෙන් ඉඩක් නැති බව මන්දාරම් දැන උන්නේය.

” ඔය නර්සින් සර්විස් එකකින් කවුරු හරි දාගමු බං …”

චානක පැමිණි වහාම යෝජනා කලේය. මන්දාරම්‍ටද අන් විකල්පයක් සිහි වූයේ නැත. ඔහු නවාතැන්පලෙහි හිමිකරුගේද සහයෝගය ඇතිව එවන් ආයතනයකින් හෙදියක වෙන් කරවා ගත්තේය. එදින රාත්‍රියේ සිටම අම්මා අසල සාත්තුවට පැමිණෙන මෙන් කීවේය.

” මට සල්ලි ප්‍රශ්නයක් නෑ… අම්මගේ සුව පහසුව හැදෙන්නයි ඕනි.. ඔයාට කෑම බීම මම ළැබෙන්න සලස්වන්නම්.. අපි කතා කරගත්ත ගානේ මොකක්ම අහ්‍රි ප්‍රශ්නයක් තියෙනවා නම් මට කියනන් …”

වයසින් මැදි වයසට එලැඹෙමින් තිබූ කාන්තාවට මන්දාරම් අවධාරනය කලේ රෝහල් කොරිඩෝවේදීය. ඇය හිස සලා ඒ වග පිළිගත් බව පෙන්වුවාය. ඉන් පසුව උපස්තායක සේවාවන්හී ලා ඇය දක්වන ලද දායකත්වය පිළිබඳව වන පුරාජේරුව අසා සිටින්නට මන්දාරම්ට සිදු විය.

” ඒකිගේ පුරාජේරුව විතරද මන්දා…”

මන්දාරම් පෙරලා නාවාතැනට යන අටහ්‍රවාරයේ කී කතාවට චානකද හිස සැලුවේය. උපස්තායක කාන්තාව රාත්‍රියේ ඇමතුමක් ගෙන අම්මාට කතා කරන්නට අවශ්‍ය බව පවසද්දී මන්දාරම් මෙන්ම චානක්ද කලබල විය.

” ඔව් අම්මා …”

” කොහේද සුදු පුතේ ඔයාලා ඉන්නේ ?…

” අපි මේ ළඟ .. ඇයි අම්මට මුකුත් අමාරුවක් තියෙනවද?…”

” නෑ නෑ .. සුදු පුතේ .. දැන් මේ නංගී මගේ තනිවට ඉන්නවනේ .. ඔය දෙන්නා ගෙදර යන්න .. කෑම මුකුත් ගෙන්නගෙන කාලා නාලා නිදාගන්න පුලුවන් නේ …”

මන්දාරම් තොල පිට පෙරලා අමනාපය පෙන්වූයේ චානකටය. චානකද අම්මා කුමක් පවසන්නේදැයි වටහා ගන්නට නොහැකිව මෙන් ඇමතුම අවසන් කරන තෙක්ම මන්දාරම් දෙස බලා උන්නේය.

” අම්මාට ඒ පණ්ඩිතකම් වලින් වැඩක් නෑනේ… ඔයා නිදාගන්නකෝ…”

” නින්ද යන්නේ නෑ සුදු පුතේ .. කැක්කුමයි …”

මන්දාරම් මොහොතකට නිහඬ වූයේය. තමාට මෙවෙලෙහි කල හැකි යමක් නැති වග දන්නා නිසාම අසරණ බව ටහ්දින්ම දැණුනේය.

” අම්මා ..උදේට මම ආවාම කතා කරමු .. දැන් නිදාගන්න බලන්න…”

ඔහු අවසානයේ ඇමතුම විසන්ධි කලේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here