දෑත දරා – 18

0
1567

නිර්ධාගේ අම්මාට ඉතා සාමකාමීව කරුණු පැහැදිළි කෙරූ මනුජ නිවෙසට ගොඩ වූයේ හිතේ බර එක්කමය. දියණිය සුව පහසුවෙන් සිටීම නිසා ඒ බර යම් තාක් සැහැල්ලු  වූ බව මනුජට දැනුනේය. ඔහු දියණිය වඩාගෙන සිපගත්තේ ගත දොවාගන්නට තරම්වත් වේලා නොගෙනය.

“මගේ කුරුළු පැටියා… බත් කාලාද ?”

“ඕ.. බත් කෑවා… බේතුත් බිව්වා අප්පච්චී කෝල් කරාට පස්සේ…..”

දියණිය මනුජගේ හදවත වදන් වලින් සිඹිමින් කීවාය. රිදී, පීඩා විඳිමින් තිබූ හදවත ඉන් නිවී සැනහුණ බව මනුජ අත් වින්දේය. ඔහු සාරතී දෙස බැලුවේ ඉන් පසුවය.

” සාරතී නැන්දා ට මෙහෙ  බබා බලන එක කරදරද ?”

ඔහු ඍජුවම එක්වරම විමසුවේ, සාරතී ඒ විමසිමේ අදහසවත් හරි හැටි වටහාගන්නට නොහැකිව  බලා උන්නාය. මනුජද වැඩි පැහැදිළි කිරීම් සඳහා උත්සුක නොවීම උන්නේය.

” මහත්තයා ?”

” එහෙයි , මෙහෙයි දෙතැනක් බලන්න බෑ කියලා මට හිතුණ නිසයි මම එහෙම ඇහුවේ….. අනෙක අර දොස්තර නෝනා වුනත් , එහෙයි මෙහෙයි දෙකක්  කැමති වෙන එකක් නෑනේ…”

“මහත්තයෝ … මගේ අතින් වරදක් අඩුපාඩුවක් වුනා නම් මට කියන්න … මං මේ දරු පැටියා බලා කියාගන්නේ රස්සාවකටම නෙවෙයි…. අම්මෙක් නැති ගෑණු දරුවෙක් උස් මහත් කරන එක මහත්‍තයාට ලේසි නැති බවත් හිතේ තියාගෙන …. දොස්තර නෝනාට මාව ඕනි තනියෙන් නිදාගන්න බයට…. ඒ නවාතැනේ ඉන්න දවස් වල රෑට විතරයි… දවස් තුනක් විතරම  නෝනා ඉස්පිරිතාලෙට යනවා… නෝනා මගෙන් මුකුත්ම ඇහුවෙවත් නෑ මහත්තයා ගැන… උදේ එන වෙලාවේ ඕං ඇහුවා පරක්කු වුනොත් මහත්තයා බනීනවද කියලා… එච්චරයි..  ඒ ඇරුනම මහත්තයා එක්ක ආරෝවකට පැටලෙන්න ඒ නෝනට දැන් ඕනි නෑ… අප්පා කමට කා කොස්සන් ගහලා පැටලුණා මිසක්, එතන වෙන යමක් නැති බව ඒ නෝනාට තේරෙනවා ඇති….”

මනුජට යම් ලැජ්ජාවක්ද දැණුනි. තමා පියවි සිහියෙන් ඔබ්බට යම් යම් දේ සිදු කරන බව මනුජට සිතේ.

එදින අම්මාට ඇමතුමක් ලබා ගත් මනුජ දියණියගේ පෙර රෝගී තත්ව සහ රුචි අරුචිකම් ගැන ඍජුවම විමසා දැනගත්තේය.

” ඔව්වා පොත් පත් වල ලියාගෙන උඩ පනින්න ඔනි කාරණා නෙවි ලොකූ… දෝණිගේ ජීවිතේ වටිනාකමින් පපුව පිරෙද්දි ඔව්ව ඉබෙම ගලේ කෙටූ අකුරු වගේ වෙනවා…”

මනුජ එයට කිසිත් නොපවසා උන්නේය. දියණියගේ ජීවිතයෙන් වසර හතරකට වැඩි ප්‍රමාණයක් තමාට මඟ හැරුනු බව ඇත්තය. ඒ වගකීමක් ගන්නට අකමැති නිසා නොවන බව මනුජ දනී. එහෙත් ඉන් නොසිතූ හානියක් වු බව මනුජගේ යටි සිත කියන්නේය.

නිර්ධා බලාපොරොත්තු වූ පවුලේ සංකල්පයට තමාගෙන් ලැබුන දායාත්වය අල්ප වෙත්ම, ඕ තමා වෙතින් ලැබුණු සියල්ලේම වටිනාකම්ද නොතකා සිටින්නට පටන් ගත් බව ඔහුට මතකය. ඇයට හැම මොහොතකම අවශ්‍ය වූයේ, තමා සියල්ල අතැර විත් ඇය සමඟ සිටීමය.

” කොළඹ එන්නකෝ..අනේ..”

ඇය එය අතොරක් නැතිවම කීවාය. මුලදී මුලදී ඒවා එතරමට නොතකා උන්නද ගැටුම් ඇති වෙන්නට ගත්තේ, තමා ඇගේ එම යෝජනාවන් ඉක්මවා අදහස් දක්වන්නට පටන් ගත්තාට පසුවය.

අවසන …,

මනුජ දියණියවද කැටුව දියතලාව නගරය වටා රවුමක් ගියේය. දියණිය උන්නේ සතුටිනි. රෝගී තත්වයක් ඇය පසු කෙරූ බව පවා ගනනක් නැතිවය.

මනුජ දියණියගේ සිනාමුසු වදන් වලින් සතුට උපදවා විඳිමින් උන්නාය.

සින්දූපා උන්නේ මනුජ ගේ මුහුණු පොත් ගිණුමට පිවිස සිත් සේ සැරිසරමිනි. විනාඩි කිහිපයකට ලැබුණු ඉස්පාසුවේ තමා ට සිදු ව ඇති ඇබ්බැහිය කුමක්දැයි සිතන්නටවත් ඕ කල් ගත්තේ නැත. මනුජගේ මුහුණු පොත පුරා වූයේ යම් නඩත්තු කරන පෞරුෂයක් බව සින්දූපා ට සිතුණි. ඔහු මුහුණු පොතේ අලවා ඇති බොහෝ පින්තූර වලට ඉහලින් වූ ඉංග්‍රීසි වැකි වල අරුත් ඔහුම පවා නොදන්නවා විය යුතුයැයි සිතමින් සින්දූපා මද සිනහ පෑවාය.

සින්දූපා සහ මනුජ දෙදෙනාගේම මිතුරි වෛද්‍යවරයා සින්දූපා වෙත ආවේ යම් රාජකාරීමය කටයුත්තකටද එක්කය. දුර තියාම සින්දූපා ගේ සිනහව දුටු ඔහු මද වේලාවක් ඒ දෙස බලා උන්නේය. ඉන් පසුව ඇයගේ අවධානය නොකැඩෙන සේ විත්, ඇයට සිතා ගන්නට නොහැකි වේගයකින් ජංගම දුරකතනය උදුරා ඉහලට වන සේ අල්ලා ගත්තේය. සිහි එලවාගෙන කුමක් සිදු වුනි දැයි වටහා ගන්නට සින්දූපා ට තවත් තත්පර කිහිපයක් ගත විය.

ඕ වහා මිතුරා වෙත කඩා පැන්නාය.

” මෙහේ දෙනවා ඕක …පිස්සුද…?”

” ඉන්නවා ඉන්නවා පොඩ්ඩක් බලන්න .. කවුද මේ ප්‍රේම සිනා මූණට ගෙනාවේ කියලා…”

සින්දූපා ව පසෙකට කරන අතරේ, මිතුරා ජංගම දුරකතන තිරය දෙස බැලුවේය. එහි වූයේ මනුජගේ සේයාරුවක් බව දකිද්දි ඔහු යලි විමසිල්ලෙන් ඒ දෙසම බැලුවේය.

සින්දූපා පසෙකට ව අසුනටම වැටුණාය.

ඇය මිතුරා දෙස බලා උන්නේ කෝපයෙනි

” ඈ.. යකෝ.. අපේ වින්ග් කමාන්ඩර් ගේ ප්‍රොෆයිල් එකට වෙලාද මේ පැණි බේර බේර හිටියේ ?? ඒ ඒ.. කෝ කෝ… කියහං…කියහං..තොපි දෙන්නා මේ දව්සට දෙකට මොකක්ද ඒ කරගත්තේ කියලා… යකො මුගෙන් දොස්තර කෙනෙක්වත් බේරගන්න බෑනේ…. හ්හ්හ්… මට මූ අලි පච අතෑරියා මුණ ගැහුනේ නෑ කිව්වා… අනේ අනේ.. යසයි සින්දූපා ඩොක්ටර් …ඈ…”

මිතුරා කැරකෙන පුටුවෙන් එහෙ මෙහෙ ඇවිදින අතරේ පවසද්දී සින්දූපා උන්නේ කුමක් පවසන්නටදැයි සිතාගන්නට නොහැකිවය.

” මේ දව්ස් දෙකට මොකද්ද වුනේ කියහංකෝ…”

” පිස්සුද අය්යේ ? එහෙම මුකුත් නෑ..  මම වෝල් එක ස්ක්‍රෝල් කරනකොට ප්‍රොෆයිල් එක් සජෙස්ට් වුනා… ඉතින් නිකන් විස්තර බැලුවේ අනේ .. ඔයාට නම් පිස්සු …. කෝ ඔය ෆෝන් එක දෙන්නකෝ… කෝ…”

සින්දූපා නොසන්සුන්කම සඟවා ගැනීමෙර් අතිශය අසාර්ථක මෙහෙයුමක  නිරත වෙමිම් කීවාය

” ආහ් හා…..සජෙස්ට් උනාද ? ? මේ මාර්කාත් බලාගෙන ගියාම යකාගේ කපුවෙක් තමයි..ළඟින් ගියත් ඇති මූ සජෙස්ට් කරනවානේ …”

” එහෙම තමයි අනේ ඇල්ගොරිදම් එක… මෙන්න මෙහෙ දෙන්නකෝ..”

“අනේ අනේ සින්දූපා ඩොක්ටර් … අපි නොදන්න ඇල්ගොරිදම්…සජෙස්ට් වෙලාද .සර්ච් කරලා ද මම හොයාගන්නද ?”

මිතුරා ජංගම දුරකතනය ට එබෙද්දීම සින්දූපා වහා පැන ජංගම දුරකතනය උදුරා ගත්තාය.

” මම මොකටද අනේ ඒ පිස්සාව සර්ච් කරන්නේ ?තනිකරම පිස්සෙක් නේ….   “

“ආහ් රියලි ? වාව් … වට් අ රීඩින් ආහ්…”

සින්දූපා නොරිස්සුම් බැල්මක් හෙලුවාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here