අංගාර – 46

0
179

සස්මිත එක ළඟ කබානා දෙකක් වෙන් කරවා තිබුණි.  චායා මුහුණ හකුලුවා ගත්තාය. සස්මිත යටි හිතින් සිනාසෙමින් වගක් නැතිවාක් මෙන් ඇයට ඉදිරියෙන් යන ලෙස සන් කලේය

” මෙහෙම දෙකක තනියෙන්ද ඉන්නේ ?..”

” නැතුව ඉතින්… එකට ඉන්නේ කොහොමද ? මාව නොදන්නවා වුනාට ඔයාව නොදන්නවා නෙවෙයිනේ මේ මිනිස්සු ..”

” ඉතින්.., කවුරුත් අපි දිහා බලාගෙන නෑනේ සස්මිත .. අර අනෙක් කබානා තියෙන්නේ කොච්චරක් දුරින්ද ?..”

චායා හිස මදකට ඇල කර සස්මිත තමා වෙත නතු කරගන්නට උත්සාහ කලේය. එහෙත් සස්මිත එවැන්නකට එකඟ නොවන බව ඇඟෙව්වෙය. ඒ වෙනුවට චායා වෙත කුඩා බෑගයක් දිගු කර, ඔහු අතේ වූ බෑගය කරට දමා ගත්තේය.

” මම ඇඳුමක් ගත්තා..  වොශ් එකක් දාගන්න ..කෑම ඒවි අට පහු වුනාම… ඔය ඇඳන් ඉන්නේවා ඇතුලේ වොෂින් මැෂින් එකක් ඇති දාලා සෝදගන්න …”

” අනේ සස්මිත .. මට තනියෙන් ඉන්න ඕනි නෑ..”

” මේහෙම පිට තැනක අපි කෙයාර්ලස් වෙන්න බෑ චායා .. ඔයා පොඩි ළමයෙක් නෙවෙයිනේ… අනේ අනේ නොකියා මේක තේරුම් ගන්නකෝ ඉතින්.. රෙස්ට් එකේ ඉන්න ..”

” ඇයි ඔයා මෙහෙම කරන්නේ සස්මිත ? ඔයා දවල් ඉඳන්ම අපිට අද ගෙදර යන්න වෙන්නේ නෑ කියලා දැනගෙන ඉඳලා .. තීරණයත් කරලා.. ඇඳුමුත් අරගෙන .. මේ ඉඩත් බුක් කරලා … ඇයි මෙහෙම ?.. මාස කීයක් මම බලාගෙන හිටියාද ඔයා ආවට පස්සේ ?.. අනේ සස්මිත …ප්ලීස් …”

සස්මිත එය වගක් නැතිවාක් මෙන් චායාව ඇගේ කබානා එකට ඇරලුවේය. ඉදිරි දොර වසා ගන්නා ලෙස කීවේය. චායා දොරේ එල්ලී ඇය සමඟ සිටින්නට පැමිණෙන ලෙසින් අයදිද්දී, හිතුවක්කාර වන්නේ නම් වහාම යළි යන්නට සූදානම් වන ලෙස කීවේය. චායා  ව බලෙන්ම කබාන එක තුළට යවා, එක් යතුරක් ඇයට තබා අනෙක් යතුරෙන් දොර අඟුලු ලූවේය. ඉන් පසුව, සස්මිත දොර අඟුල කරකවා බැලුවේය. ඉන් පසුව ඔහුගේ කබානව තුළට  ගොස් ,  නා ගත්තේය. සරමක් සහ ටී ශර්ටයකින් සැරසුණේය. හැඳ උන් කමිසය සේදී, වේළෙන්නට දැම්මේය. ආහාර ඇණවුම තමා වෙත ගෙන්වා ගත්තේය.

ඉන් පසුව. චායාගේ කබානා එකේ දොරට තට්ටු කලේය. පිළිතුරක් ලැබුනේ නැත. දෙවරක් තට්ටු කලේය. එහෙත් පිළිතුරු ලැබුනේ නැත. ඔහු ඊළඟට ආහාර සහිත බෑගය අසල  තිබූ වේවැල් පුටුවෙන් තැබුවේය. යළි චායා ගේ නම කියා ඇමතුවේය. එහෙත් පිළිතුරු ලැබුනේද නැත. ඔහු තමා   සතුවූ යතුරෙන් වහා දොර විවෘත කලේය. චායා උන්නේ නැත. ඔහු නාන කාමරයට එබුනේය. චායා උන්නේ නාන බේසම තුළ අඩක් වනසේ ගිලීගෙනය. සස්මිතගේ සියොළඟ අප්‍රාණිකව ගියා සේ විය. තත්පර කිහිපයක් ඔහු උන් තැනම උන්නේය. සිහි එළවා ගත්තේ ඉන් පසුවය. චායා වෙත ඔහු ගියේ කෙලෙසින්දැයි ඔහුට සිහියක් වූයේ නැත. පිරී තිබූ පෙණ අතරින් ඔහු චායාව ඔසවා ගත්තේය. ඇයව යහන මත තබා සුදු පැහැ විශාල තුවායෙන්  ඔතා දැම්මේය

” රත්තරන් .. රත්තරන් … “

ඔහු ඇගේ දෙකොපුල් දෑතින්ම පිරිමදිමින්, අත්ල සහ දෙපාද පිරිමැද්දේය. විනාඩි කිහිපයක් තුල ඕ කෙඳිරිය නැඟුවාය. සස්මිත වහා ඕ තමා වෙත ගුලි කරගෙන පිරිමදින්නට ගත්තේ ඉන් පසුවය.

” අනේ එන්නකෝ සස්මිත … මං කොච්චර කල් බලාගෙන උන්නාද සස්මිත ?..  මම ..කිසිම පිරිමියෙක් ළඟටවත් ගිහින් …. නෑ … සස්මිත ….. ප්ලීස් … විශ්වාස කරන්න පුලුවන්ද ?… එන්නකෝ… අනේ ..”

ඕ අඩ සිහියෙන් මෙනෙ පවසමින් සස්මිතගේ ගෙල වටා දෑත් පටලවා ගන්නට උත්සාහ කලාය. සස්මිත ඇගේ නලළතද, හිස් මුදුනද සිඹිමින් ඇගේ කියවීම නවතාගන්නට උත්සාහ කලේ, ඇස් රතු වෙන විහිළුවක් වෙනුවෙන් තමාට සාප කරගනිමිනි. ගෙවෙන්නට තිබූ සුන්දර රැය තම හිතුවක්කාර කම සමග දියවී ගොස් ඇත.එපමණක්  නොව, ඇය දුක් වෙමින් විඳවන්නීය.

චායා මද වේලාවකින් සස්මිත වැළැඳගෙන අපහසු ඉරියව්වකින් නින්දට වැටුණාය. සස්මිත දිගින් දිගටම ඕ උණුහුම් කරමින් උන්නේය. විවෘතව තිබූ දොරෙන් එන සීතල සුළඟ ඇය තවත් අපහසුවක හෙලන බව වටහා ගත් සස්මිත ආහාර සහිත  බෑගයද ඇතුලට ගෙන දොර වසා දැමුවේය.  උණුසුම් යන්ත්‍රය පණ ගැන්වූයේය. තවත් පැයකින් චායා උන් ඉරියව්වෙන් මිදෙන බව දුටු සස්මිත වහා ඕ අසලින් හිඳ ගත්තේය. ඇය අල්ලා ගත්තේය.

” මැණිකේ ..”

” ම්ම්ම්…..ම්ම්… එන්නකෝ .. මා එක්ක .. ඉමුකෝ .. කවුරුත් දකින්නේ නෑ සස්මිත ..”

සස්මිත ඇගේ කොපුල් ඉම්බේය. දෑස් ඉම්බේය.  චායා ඔහුගේ කොපුල් පිරිමදින්නට උත්සාහ කරමින්, ඔහු සිටින බව තහවුරු කරගන්නට වෙර දැරුවාය. එහෙත් ඕ ඉන්නේ වෙහෙසිනි.

” මම ඉන්නවා චායා .. මේ බලන්න .. මම ආවා ..”

චායා දෑස් විවර කර දකින්නේ සිහිනයක් නොවන වග තහවුරු කර ගැනීමට මෙන් බලා උන්නාය. ඒත් සමඟම චායාගේ ජංගම දුරකතනය නාද වන්නටවිය. එහි උන්නේ විහඟිය. චායා එක අනවශ්‍ය බව හැඟෙව්වාය. දිගින් දිගටම ඇමතුම් එද්දී සස්මිත  පිලිතුරු ලබාදෙන මෙන් චායාට පැවසුවාය.

” එපා..”

ඉන් පසුව නාද වූයේ සස්මිතගේ අංකයය. සස්මිත එයට පිළිතුරු දුන්නේය.

” සස්මිත ..”

” කියන්න විහඟි ..”

” කෝ අර අපේ ගොං ගහ ..”

” නින්ද ගිහින් විහඟි .. මහන්සියෙන් නිසා මම ඇහැරෙව්වේ නෑ ..”
” ආහ් .. මට හිතුන එක හරි .. කාගෙද දැන් ප්ලෑන් එක ?…”

” එහෙම එකක් නෙවි විහඟි .. රෑ වුනානේ..”

” හරි හරි .. රෑ වුණා ..ඔව් … මම පිළිගත්තා..”
” සර් ආවාද ?..”

” ආවා .. මේ මම එහෙට මෙහෙට වෙනකල් ඉඳලා ගත්තේ….”

” පරෙස්සමට එක්ක එන්නම් විහඟි .. බය වෙන්නෙපා…”

” වෙන්නේ මොකක්ද කියලා වගේම, වෙන්න පුලුවන් දේවල් මොනවාද කියලා වගේම, වුණ දේවල් ගැනත් මම හොඳටම දන්නවා මචං … අයියා එක්ක මම උන්න හැම දවසක්ම මට සියයට දාහක් විශ්වාස දවස් .. ඒත් …”

” පිස්සු කියවන්නෙපා  බං .. මං එහෙම එකෙක්ද යකො ?..”

” දන්නේ නෑ නේ සස්මිත මම .. මොන දේ වුනත් පරෙස්සමින් කියලා අර ගොං ගහට කියන්න කතා කලේ.. උඹ ඉවසීමෙන් උන්නත් මම දන්නවා අරකිට ඉවසීමක් නෑ..”

සස්මිත චායා දෙස බලා සිනාසුණේය.

” මං නැතත්, එයා ඔලුව කෙලින් තියන් ඉන්නෝනා බව මම දේව වාක්‍ය වගේ අදහනවා බං .. ආයේ  මොනම හේතුවකවත් ඒකේ සැකයක් තියාගන්න ඕනි නෑ..”

විහඟි කිසිත් නොපවසා  උන්නාය. ඉන් අනතුරුව  සමුදුන්නාය.

” මොකක්ද ඔයා දේව වාක්‍ය …. වගේ .. අදහන්නේ ?…”

චායා යහනේ උන් ඉරියව්ව මාරු කරමින් විමසුවාය.

” ගෑණුන්ගේ මායම් වලට අහු වෙන්නේ නෑ කියලා.. අහු වුනත්, ප්‍රෑන්ක් කරලා සර්ප්‍රයිස් කරන්න යන්නේ නෑ කියලා .. මැටි අලේ ..”

සස්මිත චායා සමීපයටම වන සේ හිඳගත්තේය.  චායා ඔහුගෙ උකුල මතින් හිස තබාගත්තාය. අතැඟිලි හිස කේ අස්සෙන් පල්ලම් බහින්නට විය. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here