” නිදාගන්න අයියේ අර කෙල්ලට වද නොදී ..”
චායා නිහඬව සිටින චරක වෙත මෘදු හඬකින් කීවාය. ඇගේ නෙතෙහිද තෙත දැවටී තිබුණි. සියලුදෙනාගේම ජීවිත වල ඇත්තේ වේදනාවම පමණද ?..
” මෙහෙන් ඉන්නවා තමුසේත් ..”
චරක උගුරෙහි යමක් හිරව ගිය බව දැනවෙන හඬකින් කීවේය. චායා හිස ඇල කර චරක දෙසත් විහඟි දෙසත් බැලුවාය/
” අයියේ එකත් පහු වෙලා.. පාන්දර මෙහෙම ඇහැරිලා ඉන්නෙක විහඟිට වෙහෙසයි .. බයවෙන්නපා .. මම හොඳින් … අවුලක් නෑ.. මාත් ටික්ක නිදාගන්න ඕනි.. අපි උදේට කතා කරමු ..”
චායා චරකගේ හිස පිරිමැද්දේය. අයියා යම් බිඳීමක සිටින බව ඕ ක්‍රමයෙන් කියවා ගනිමින් උන්නාය. ඇතැම් විට දේශපාලන ප්‍රවාහය තුල පෙරලීමක් සිදු වන්නට යනවා විය හැකිය. අයියාගේ සැලසුම් ඉක්මවා යන යමක් සිදුවෙනවා විය හැකිය. අයියා සහ විහගිගේ ජීවිත වලද යම් දෙදරීමක් තිබෙනවා විය හැකියැයි යන සිතුවිල්ලද එක්වරම මතුවී ඇගේ හදවත මත සියුම් දෙදරීමක් තැනුවේය.
” ගිහින් නිදාගන්න එහෙනම් …”
චරක ඉන් පසුව කීවේය. චායා විහඟිට සන් කරන නික්මුණාය. විහඟි දොර අඟුල් දමා ආවාය. කුඩා තුවාය ගෙන චරකගේ තෙත හිස කේ පිසදැමුවාය.
” ඇඟ චුට්ටක් සෝදගෙන එන්නම් අයියේ .. දෙහි එක ඉහිරුනානේ…”
” පුලුවන්ද ?..”
” පුලුවන් ..”
” හොට් වෝටර් යූස් කරන්න ..”
විහඟි හිස සැළුවාය. චරක තුවාය ගැලවී බිම වැටෙන්නට දී, සරමේ ගැටය දමාගෙන යහනේ වැතිරුනේය. හිස රිදුම් දෙන්නේය. ගත තලා දමා මෙන් ය.
මිතුරාගේ අනාවරණයක් සත්‍ය නොවන ලෙසින් විශ්වාස කිරීමට ඇතිනම් මනායැයි සිතෙයි. එහෙත් යටි සිත සියල්ල ගලපා දෙන්නේය.
චරකට වසර ගණනාවකට පෙර සිදුවූ ඒ අත්වැරදීම් දිනය තවම අමතක නැත. දින දෙකක් තුළ තමා විදෙස්ගත වූයේය. විදෙස් ගත ජීවිතය තුල කිසිදිනෙක සැනසීම වූයේ නැත. තමා එම මත්ද්‍ර්වය පාර්සලය ප්‍රවාහනය කිරීමේ වගකීම බාරගත්තේ ඇයිදැයි චරක, තමාගෙන්ම ප්‍රශ්න කරගනිමින් තමාටම බැණ වැදුණු බව මතකය. ඒ පසුතැවීමෙන් මිදෙන්නට සහ සියල්ල අමතක කරගන්නට ස්ත්‍රීන් සහ මත් වීම ජීවිතයෙ අඩු නැතිව විය. යළි ලංකාවය පැමිණීම ගැටලුවක් නොමැති බව තාත්තා පුන පුනා කීවද, පොලිසියතමා හඹා ආ ආකාරය චරකට අමතක කර හැකි වූයේ නැත. අවසානයේ එක් දිනක් විහඟි ගේ කෙටි පණිවිඩයක් ලැබුණි. චරක දෑස් පියාගත්තේය. ඒ පණිවිඩය තවම මතක් කල හැක.
” අයියේ … මම මේ මැසේජ් එක එවලා ඩිලීට් කරනවා…ඔයත් කියවලා ඩිලීට් කරන්න .. තව දුරටත් මේක හිතේ තියාගෙන ඉන්න බැරි වෙයි අයියේ … මේ හැඟීමට කියන නම දන්නේ නැහැ .. ඒත් දැනට හිතෙනවා, ආදරේ කියන්නේ මේකට වෙන්නැති කියලා… මේක හරි බරයි අයියේ.. ඔයා ගිහින් අවුරුද්දෙන් එනවා කිව්වා.. දැන් ඒ අවුරුද්ද පහු වෙලා මාස හයක් ගිහින් … මෙහෙ ඔයාලගේ අම්මලා ඔයාට ගෑණු ළමය් බලනවා.. ඒ පින්තූර බල බලා චායත් එයාගේ නෑනාව තෝරනවා.. එයාට මාව පේන්නේ නැහැ..
… මට නොතේරෙනවා නෙවෙයි, මම වගේ හිඟන කෙල්ලෙක්, ඔයා වගේ රජෙක්ට නොගැලපෙන බව… ඒත්, එකම එක දවසක් මාව ඔයාට ගුලි කරගෙන ඉන්න මෙහෙ ඇවිල්ලා යන්න පුලුවන්ද අයියේ/?.. මම ආයේ ඔයාලාගේ ජීවිතවලවත් ඉන්නේ නැතුව යන්නම්… සත්තයි ..
…. මං ඔයාට හරි ආදරෙයි අයියේ … ඔයා මට කතා කරනකොට, මං දිනා නපුරු විදියෙන් බලනකොට, චායාට බැනලා, මගෙ හොඳ කියනකොට මගේ පපුව මහ වේගෙන් ගැහෙනවා.. බඩේ සමනල්ලු පියඹනවා කියන හැඟීම දැනෙනවා… අයියේ … ඔයා මට ආදරේ නැහැ කියලා මම දන්නවා.. මේ මැසේජ් එක කියවල ඉවර කරනකොට ඔයාට හිතෙයි මොන ජාතියේ කෙල්ලෙක්ද කියලා මම …කමක් නෑ… ඔයා මට ආදරේ වෙන්න ඕනි නැහැ…මට එකම එක වතාවක් .ඔයාට ගුලි වෙලා ඉන්න දෙන්න අයියේ ..”
චරක දෑස් විවර කලේය. එම පණිවිඩයෙන් ජීවිතය කණපිට හැරුණි. තමා එතරම් වටිනාකම් දරන උන්ද පවතින්නේය දැනුණි. ලංකාවට ආවේ ඉන් මාස දෙකකට පසුවය. ව්‍යාපාර සඳහා සම්බන්ධ වූ සියල්ල වූයේ අසාර්තක වෙමිනි. එහෙත් විහඟිගේ ඇස් වල බලාපොරොත්තුව ඒ අසාර්තකත්වයන් දරා සිටින හයිය දුන් බවද මතකය. එහෙත් තමා විහඟිට සමීප වන්නට ඉඩ නුදුන් බවද චරකට අමතක නැත. ඇය තම ජීවිතෙයේ සදා පැවතිය යුතු ස්ත්‍රියදැයි තමා නොදැන උන්නා නොවේ. එහෙත්, මෙරටට පැමිණි පසුද, ස්ත්‍රී ඇසුරෙන් මිදෙන්නට නොහැඛි විය. ඇයට රිදවන්නට නොහැකි නිසාම ඕ පසෙකට කර තබන්නට උත්සාහ කරමින් උන්නේය.
ඒ වෙද්දී, හදිසියේ විදෙස්ගත වන්නට හේතු වූ කරුණ පිලිබඳවන බිය තම සිතින් ගිලිහී ගොස් තිබූ බවද චරකට මතකය. තාත්තා පවා ඒ පිළිබඳව කිසිවක් විමසුවේ හෝ පැවසුවෙ නැත.
අවසානයේ විහඟි තමා හඹා විත්, තමා ලැඟුම්හලක සිට තරුණියක හා පිටතට පැමිනෙද්දීම අතටම අල්ලා ගත් දිනය සහ එදිනම රැයේ විහඟි සිය දිවි නසාගන්නට උත්සාහ කල ආකාරය එක්වරම චරකට සිහි විය. ඔහු වේගවත් හුස්ම ගත්තේය. හෙලුවේය. දැන් චායා සිටින්නේද එවන් මානසිකත්වයකම නොවේද ?… සස්මිත පෙන්වූ ගැහැණිය සහ දරුවා මායාවක් බව ඇය නොදන්නවා නොවේද ? එදින තමා විනාඩි කිහිපයක් පමා වූවානම් අද විහඟිගේ උණුහුම තමා නිවන්නේ නොමැති බව චරකට සිහි කලේ යටි සිතය. දෑස් පියවුණි. දෑතින්ම ඇඳ ඇතිරිලි ගුලි විණි
තමාට අප්‍රමාණ පෙම් කල ගැහැණිය සහ තමා පණ මෙන් රැක ගත් නැගණිය ජීවිතය විඳවන්නේ ත්, විදෙව්වේත් තමා නිසා නොවේද ?
” අයියේ ?.. අයියේ ..
එක්වරම ඇසුණු විහඟිගේ හඬින් චරක දෑස් විවර කර ගත්තේය. ඔහුගේ වතට එබීගෙන උන්නේ විහඟිය. චරක මදක් අඩු වුන මත් බව පාලනය කරගෙන යහනෙන් නැගිට ගත්තේය. සිට ගන්නට වාරු නොවුණ මව දැණුන නිසා හිඳගෙනම උන්නේය. විහඟි ඔහුගේ හිස පිරිමැද්දාය
” මාව දාලා යන්නෙපා මැණිකේ…”
චරක ඇයව වැලඳගෙන කුසට ඉහලින් ලයේ හිස හොවා ගත්තේය. විහඟිට හැඬුණි. තමා දන්නා උත්තුංග පිරිමි රූපය මෙහෙම හඬා වැටීම ඉවසා සිටින්නට තරම් විහඟි සවිමත් නැත. ඕ චරකගේ හිස පිරිමැද්දාය.
” අනේ මගේ රත්තරන් අයියේ .. ඇයි මේ?..”
” මගේ පපුව රිදෙනවා විහඟි .. මගේ හුස්ම හිර වෙනවා.. මට හුස්ම ගන්න බැහැ .. මට මං ගැනම ලැජ්ජයි ..පිළිකුල්… මට හැංගෙන්න හිතෙනවා… මට ..මේ ඔක්කොම දාලා යන්න හිතෙනවා.. මට .. මට මේ හැමදේම ඇති හිතෙනවා..”
විහ්ඟිට ඒ කිසිවක් ගැලපී වැටහුනේ නැත.
” අනේ අයියේ … මම චායාට එන්න කියන්නම් අයියේ ..ඉන්නකො.. එයාට මුකුත් වෙන්නේ නෑ අයියේ.. එයා ශක්තිමත් කෙල්ලෙක් ..”
” එපා.. එපා.. මට ඒකි ගේ දිහා බලන්න හයියක් නෑ මැණිකේ..”
චරක එලෙසින් පවසන විට එක්වරම විහඟිගේ හදවත නැවතුනාක් මෙන් දැණුනේය.
” දෙයියනේ … අයියා සස්මිතව මරලාද ?..”


