අංගාර – 99

0
953
angara


 චායා දිගින් දිගටම විමසුවද, පියාගේ නිහඬබව හමුවේ චරක යළි ඉස්සර වූයේය.

” මං වෙනුවෙන් බිලි වෙච්ච ඒ කොල්ලාව මම හොයාගත්තා තාත්තේ.. මට  ඒ කොල්ලව හම්බෙනකල් මේවට උත්තර නැතුව ඉවසගන්න බැහැ … ඒ නිසයි මම ඒ අහන්නේ , ඇයි ඌ එහෙම කලේ?..”

;” ඒ කොල්ලාව  ? …..හොයාගත්තා ?..”

” ඔව් … හොයාගත්තා … කවුද කියලා මම දන්නවා.. ඉන්න තැනක් හොයන ගමන් ඉන්නේ ..”

” කො .. කොහෙද ඉන්නේ ?..”

” තවම හරියට දන්නේ නෑ .. ඒත් එක්ක එනවා… ..”


” මොන විකාරයක් කරන්න හදනවාද මහත්තයා මේ මෝඩයා… ඇමතිකම විතරක් නෙවෙයි ජීවිතෙත් නැති කරගන්නද යන්නේ?..”

” මං නිසා ඒ කොල්ලාට එහෙම වුන එක ගැන අම්මට මොකද හිතෙන්නේ ?.ඒ කොල්ලාගේ අම්මා ගැන මොකද හිතෙන්නේ?… අපි සල්ලිකාරයෝ උන පලියට, එහෙම ජීවිත අපිට උකස් වෙන එක ගැන අම්මා මොකද හිතන්නේ අම්මා ?.. ඔයාට එහෙම හිතන්න බැහැ.. ඔයා එහෙම හිතන කෙනෙක් නෙවෙයි.. ඒ නිසා, සිද්දිය තේරුම් ගන්න මට උදව් කරන එක ඇරෙන්න, ඔහොම කෑ ගහන එක තේරුමක් ණැහැ…. මොකෝ.. දැන් මම මේක වුනා කියලා ඉන්තේරුවෙන්ම දන්නවා.”

චරකගේ මව ඉකි බිඳින්නට ගත්තාය. අන් සියල්ල ඉවසා ගැනීම මවකට හැක. එහෙත් දරුවාගේ ජීවිතය විනාශ වන බව දැනීම හෝ ඉවසා ගත හැකි නොහේ. එක්වරම චරකගේ පියාගේ හඬ කෝපය සහ පසුතැවීම මිශ්‍ර හඬකින් මතු වූයේය.

” ඌ ඒක කලේ , ඔය කියන්නා වගේ නිකම් නෙවෙයි … ඒ කොල්ලාගේ අසනීප අක්කා කෙනෙක් හිටියා ..මම ඒ කෙල්ලගේ ජීවිතේ බේර ගන්න කෝටි ගාණක් වියදම් කලා.. සනීප වෙනකල්  හොයලා බලල හැමදේම කලා … ඒ අක්කගේ නමට මෙහෙන් එස්ටේට් එකක් අරගෙන දුන්නා ……ඩුබායි වල එස්ටැබ්ලිශ් වෙන්න හැමදේම හදලා දුන්නා…. විජේසිරි ඉන්නකල්, මම ඒ කොල්ලා ගැනත් හොයලා බැලුවා.. ඒත්.. ඒත් .. කවදාවත් මට ඒ ළමයාගේ ඇස් දෙක ඉස්සරහට යන්න හයියක් තිබුනේ නැහැ.. මගේ එකා කරපු වරදට ,ජීවිතේ දිය කරගත්ත ඇස් දෙකක් ඉස්සරහ හිටගන්න මට හයියක් තිබ්බේ නැහැ…. විජේසීර් නැති වුනාට පස්සේ, මට ඒ ළමයාව සම්බන්ධ කරගන්න විදියක් නැහැ… මම හැමදාම බලාගෙන ඉන්නවා ඒ ළමයා මාව හොයාගෙන ඒවි කියලා.. මොනවම හරි ඉල්ලාවි කියලා..  මඟේ ළග තියෙන ඕනි දෙයක් මම දෙනවා ලොකූ ….”

චරක හිස සැලුවේය. එලෙස නම් සස්මිත ජීවිතය අතැර ඇත්තේ එහෙමය. දැන් , ඒ අක්කාද, අම්මාද, තාත්තාද සස්මිත අතැර ඇත්තේ ඔහු විසින් සිදු කර ඇති සියලු කැපකිරීම් නොදන්නා ලෙස නොවේද?.

” හරි තාත්තේ … ඒ කොල්ලා ඒවි … අනිවාර්‍යෙන්  මම හොයාගෙන එන්නම්.. හැබැයි තාත්තා ඌ ඉල්ලන එකම එක දේ දෙන්න ඕනි .. මං දන්නවා ඌ ඉල්ලනේ එකම එක දේ මොකක්ද කියලා…. ඒකයි මේ ඌ ඉලන්න කලින්, ඌ වෙනුවෙන් මම ඉල්ලලා තියන්නේ?..  ..”

චරක චායා දෙස බැලුවේය. චායා උන්නේ ජීවිතයේ එතෙක් මෙතෙක් මුහුණ දුන් සියලු ප්‍රශ්න සහ මෙම ප්‍රශ්නය තරාදියකට දමා කිරමිනි. මෙම ප්‍රශ්නයේ පස පහල යමින් තිබුණි. ඇගේ වත මත වූයේ ප්‍රශ්නාර්තයකි. ඒ සමගම මහා වේදනාවකි. අදහා  ගන්නට නොහැකි යමකට මුහුණ දුන් විමතියකි. කියවා ගන්නටද නොහැකි ඃඇඟීමකි.

” මොකක්ද ඒ.. මොකක්ද ඉල්ලන්නේ  ?..”

චරකගේ පියාගේ හඬෙහි උද්‍යෝගය විය.

” ඔයාගේ දුවව.. මගේ නංගිව ….. අපේ චායාව…. ඌට ඕනි චායාව..”

” උඹට පිස්සුද මිනිහෝ….”

” අයියේ…”

චරකගේ පියා අසුනෙන් නැගිට්ටේය. අම්මා උන්නේ චරක උමතුව ඇතිදැයි සිතාගන්නට නොහැකිවය. චායා අයියාගේ විකාර කියවීම දෙස උදාසීන බැල්මක් හෙලුවාය. විහඟි චරකගේ අතක එල්ලුණාය. චරක ඇය දෙස බලා සිනාසී, කලබල නොවී සිටින මෙන් සන් කලේය.

” නෑ.. පිස්සු හැදෙන්න තිබ්බා සමහරවිට .. ..  ඊයේ රැයින් නවත්තගත්තා තාත්තේ..”

” කියන එකක් තේරෙන්න කියනවා චරක .. උඹ මගේ ඉවසීම පරික්ෂා කරනවද ?..”

” නෑ… මං මේ වෙච්ච දේ කියනවා… මීට අවූරුදු දහතුනකට කලින්, මං වෙනුවෙන්, තමන්ගේ අක්කා වෙනුවෙන් තමන්ගේ  ජීවිතේ කැප කල ඒ කොල්ලා වෙනුවෙන් තමයි, මගේ නංගි එයාගේ ජීවිතේ කැප කරගෙන ඉන්නේ….  තවම ඉන්නේ … තවම ආදරේ කරන්නේ… එදා  නංගිගේ ආදරේ අතෑරලා අක්කව තෝරගත්ත ඒ කොල්ලා, ඊයේ ආයෙම  නංගිගේ ආදරේ වෙනුවෙන්  උගේ ආදරේ අතෑරලා  ගියා .. ඒ හැමදේම දැන දැන මට මගේ ජීවිතේ ආයෙම තෝරගන්න කුහකයෙක් වෙන්න බෑ.. නොතේරුම් කමට නීතියෙන් පැනලා ගියා..හැංඟුනා.. වෙන එකෙක්ගේ ජීවිතේ ට මුවාවෙලා මගේ ජීවිතේ හදාගත්තා.. තවත් නෑ තාත්තේ…. මං ඌව ගේනවා .  ගෙනල්ලා මම මං කරපු දේවල් වල වගකීම ගන්නවා…. මට විඳින්න තියෙන දඬුවම් විඳිනවා…. “

” මොන විකාරයක්ද මිනිහෝ ..”

” අනේ ලොකූ…පුතේ ..?”

අම්මා විත් චරකව අල්ලාගත්තාය.

” අම්මේ… අපි මේකට මූණ දෙන්නම ඕනි .. මං වෙනුවෙන් එදා ඇතුලට ගිය .. ඌ .. මට තේරෙන්නේ නෑ මම කොහොමද  …. හ්හ් …හරි .. එදා අම්මාගේ පුතාව බේරගන්න .. ඇතුලට ගිය ඒ කොල්ලා ….  ඒ  මගේ ඩ්‍රයිවර් විදියට ම්හෙ ආව කොල්ලා  අම්මේ.. විජේසිරි අංකල්  මෙහෙ එක්කගෙන ආව කොල්ලා.. සස්මිත ..සස්මිත ඒ අපේ . නංගිගේ ආදරේ අම්මේ.. අවුරුදු ගානක්, ඒවි කියලා බලාගෙන නංගී බලාපොරොත්තු පුරෝපු ආදරේ…….. “

චායා තමාට ඇසුණේ සත්‍යක් නොවන බව සිතමින්, අයියා සත්‍ය කතාව පවසනතෙක් බලා සිටිමියි සිතුවාය. එවැන්නක් සිදු වන්නේ කෙලෙසද ? සස්මිත ගේ අක්කාගෙ ජීවිතය වෙනුවෙන් ඔහු ඔහුගේ ජීවිතය උකස් කර දැමුවේද ?. තමන් දෙදෙනාගේ ආදරය අතැර දැමුවේද ?..  නැත .. නැත .. එවැන්නක් විය නොහැක …

” අම්මේ… අපි මේකට මූණ දෙන්නම ඕනි .. මං වෙනුවෙන් එදා ඇතුලට ගිය .. ඌ .. මට තේරෙන්නේ නෑ මම කොහොමද  …. හ්හ් … ඒ මෙහෙ ඇවිල්ලා උන්න මගේ ඩ්‍රයිවර් අම්මේ.. විජේසිරි අංකල්  මෙහෙ එක්කගෙන ආව කොල්ලා.. සස්මිත … නංගිගේ ආදරේ…. “

එහෙත්, යටි සිත යළි යළි ඇයට ඇසුනේ කුමක්දැයි සිහි කරමින් තිබුණි. සතය් චරක පවසා අවසන් බව යටි හිත  යලි යලි කියමින් තිබුණි.

සියල්ල අඳුරුව ගියේය. චායා සිහි විසඟව  යලි සෙටියටම වැටුණාය.

” අනේ.. අයියේ චායා..”

විහඟිගේ හඬද දුර්වලව නැගුණි. ඇයද උන් අසුනේම  සිහි විසඟව ගොස් තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here