චායා සහ විහඟිව වහා රෝහල් ගත කෙරුණි. විහඟිගේ රුධිර පීඩනයයේ යම් ආසාමාන්‍යතාවක් පවතින බව වෛද්‍යවරයා දැනුවත් කිරීමෙන් පසු චරක එහෙමම රෝහල් අසුනට වැටුනේය. අවශ්‍යතාවය අනුව වන සැත්කමක් සඳහා චරකගේ අත්සනද ලබා ගත්තේය. චරක ඔවුන්ගේ විශේෂඥ වෛද්‍යවරයා කෙරෙහි සම්පූර්ණ විශ්වාසය තැබීමේ අවධානම දරාගත්තේය.
” බය වෙන්නෙපා පුතේ .. දරුවන්ට කරදරයක් වෙන්නේ නෑ..”
අම්මා චරක අසලින්ම හිඳිමින් කීවාය.
” ලොකු නෝනා… සුදු බබාට සිහිය ඇවිල්ලා … “
යාබද මහලේ රෝහල් කාමරයක උන් චායා පිළිබඳව ඇමතුම එලෙසින් වෙද්දී, චරක සැනසුම් සූස්මක් හෙලුවේය.
” තාත්තා විතරනේ එතන .. අම්මා එතන්ට යන්න .. නංගි එක්ක ඉන්න …. නංගි මොන දේ ඇහුවත්, අයියා ඔක්කොම බලා ගනිවි කියලාම කියන්න …”
” මගේ රත්තරන් පුතේ…ජීවිතේ විනාස කරගන්න දෙයක් නම් කරගන්න එපා දෙයියෝ .. දැණ් වෙච්ච දේවල් හරිගස්සන්න බැහැ මගේ පුතේ ..”
චරක හිස සැළුවේය.
අම්මා පිටත්ව යෑමෙන් පසු , චරක බිත්තියට හිස සිටින සේ හිස පිටුපසට බර කලේය. දෑත් දෙපා මත තදින් තෙරපවා පීඩනය ගිලිහී යන්නට දුන්නේය.
” මගේ ළඟට ඉක්මනට එන්න මැණික .. අයියාට ඔයා නැතුව ජීවත් වෙන්න තේරෙන්නේ නැහැ.. අයියා වැටුණු හැම තැනකම ඔයා ඉඳලා තමයි, අයියාව බලාගෙන තියෙන්නේ විහඟි …”
සස්මිත කොහි සිටිනවාදැයි තවම කිසිඳු තොරතුරක් නොමැති බව පවසමින් මිතුරාගෙන් පැමිණි ඇමතුමෙන් පසු චරකගේ තත්වය තවත් කලබල විය.
” එයාර්පෝර්ට් එකට ෆුල් ඩීටේල්ස් දීලා තියෙන්නේ.. එහෙන් දැනට බුකින් ඇත්තෙත් නෑ… මම මේන් හොස්පිට්ල්ස් වලටත් කිව්වා..”
” හොස්පිට්ල් ?..”
” මට නිකමට හිතෙනවා, ඌ උඹව වටේ යවන්න හෝ .. ආයේ එක වතාවක් නංගිව බලන්න තිබ්බ උවමනාවට ගෙදර එන්න හේතුවක් විදියට තමයි පාස්පෝර්ට් කතාව කිව්වේ කියලා… ඌ සමහරවිට , සූසයිඩ් ඇටෙම්ප්ට් එකකට යන්න පුලුවන් චරක… ඒක ඉන් මෙහා නවත්තගෙන කොල්ලාව හොයාගන්න උපරිම කට්ට කනවා මේ… ඒක එහෙම වෙලාඌව බේරගන්න විදියක් තිබ්බොත් එහෙම … අන්න ඒකට තමයි හොස්පිට්ල්ස් වලට කිව්වේ…”
චරක ඇමතුම විසන්ධි කර, යලි සස්මිතට ඇමතුවේය.එහෙත් ඔහුගේ ජංගම දුරකතනය විසන්ධිව තිබුණි. ඔහු යලි මිතුරාට ඇමතුවේය.
” වස්තුවේ… මට කොල්ලව හුස්ම වැටෙද්දී ඕනි බං… එහෙම නොවෙන්න, අපේ නංගිගේ හුස්ම නවතිනවා… එහෙම වුනොත් , ආයේ මටවත් , අම්මලාටවත් හුස්ම ගන්න බැරි වෙයි බං … “
“ඔලුව කෙලින් තියාගෙන හිටහං බං,… පිස්සුද උඹට …. අපි කොල්ලාව හොයාගමූ …”
ඇමතුම විසන්ධි කෙරූ චරක, චායා දකින්නට යමියි සිතමින් නැගිට්ටාය. එහෙත් ඇසුණු හඬින් ඔහු එතනම ගල් ගැසුනේය.
” ඇමතිතුමා … ඔන්න … ලස්සන පුතෙක් … අම්මයි බබයි දෙන්නම හොඳින්… බබාව දැණට බේබි රූම් යවලා තියෙන්නේ .. අපේ නර්ස් කෙනෙක් එක්ක ගිහින් බලන්න පුලුවන් …. ඊට කලින් වයිෆ්ව රූම් එකට දැම්මම එයාව බලලා යන්න ….”
චරක ආපසු හැරුනේය. සැළසුම් කර තිබුණේ, විහඟිගේ දරු ප්‍රසුතිය වන විට ඇය අසලින් තමා සිටීම නොවේද ?…
” මොකක්ද ?..”
” ඉමර්ජන්සි සීන් එකක් නිසා, අපි බබාව ගත්තා ඇමතිතුමා … “
චරක යලි අසුනටම වැටුණේය. දින ඇත්තේ තවත් මාසයක් පමණ ඉදිරියට නිසා, අද දිනයේ මෙලෙසින් වේයැයි බලාපොරොත්තු වූයේ නැත. එහෙත්, එය එලෙසින් සිදුව ඇත්නම්…
” තැන්ක් යූ ඩොක්ටර් ..”
ඔහු එලෙසින් පවසා , වෛද්‍යවරයාගේ දෑතම අල්ලා ස්තූතිවන්ත වූයේය. වෛද්‍යවරයා ඉන් පසුව පැවසූ සියල්ල, චරක සිහියෙන් අසා සිටින්නට උත්සාහ කලද, සිත එක තැනක වූයේම නැත.
වෛද්‍යවරයා එතැනින් පිටත්ව යෑමෙන් පසු , චරක සැබැවින්ම සිදුව ඇත්තේ කුමක්දැයි යලි සිතා බලන්නට උත්සාහ කලේය.
තමා පියෙකි. තමා පිය තනතුරෙහි තබමින් විහගි තමන් දෙදෙනාගේ දරුවා මෙලොවට බිහි කර ඇත්තේය. චරක දෑතින්ම කඳුලු පිසදා දැම්මේය. හිතට මෙතරම් වෙලා දැනෙමින් තිබූ බර තවත් වැඩියෙන් දැනෙන බවද, ඒ සැනින්ම සියලු බර ක්ශයව යන බවද දැනෙයි. විහගිගේ රෝහල් කාමරය ඇත්තේ ද පහල මාලයේය. චරක ඒ වෙත යන්නට විදුලි සෝපානය වෙත පියමැන්නේය. ඒ සමඟම ඔහුගේ ජංගම දුරකතනය නාද වූයේය. අංකය සඳහන් වන්නේ කාගෙන්දැයි දුටු චරක, මොහොතක් එය දෙස බලා උන්නේය. යළි සැනින් ඇමතුමට පිළිතුරු දුන්නේය.
” හෙලෝ …”
චරකගේ හඬෙහි ඇති කලබලයත්, නොසන්සුන්කමත් වටහා ගත්, සස්මිත තමාගේ ඉල්ලීම මෙවෙලෙහි ප්‍රතික්ෂේප වන බව වටහාගෙන මෙන් , ඇමතුම විසන්ධි කරනවාදැයි යලි කල්පනා කලේය.
” හෙලෝ .. හෙලෝ ..”
චරකගේ හඬ යලි ඇසුණි. චරක ඇමතුම විසන්ධිව ඇතිදැයි යලි බැලුවේය.
” සර් …”
” කොහෙද බල්ලෝ තෝ ඉන්නේ ?..”
චරකගේ ඉවසීම අවසන්ව තිබුනේය. සස්මිත මෙම ඇමතුම විසන්ධි කිරීමට පෙර ඔහුට පැවසිය යුතු බොහෝ දේ අතරින් , පලමුව පවසාත යුතු යමක් ගලපා ගන්නට චරකට නොහැකිව තිබුණි.
චරක එලෙස, එතරමක ආවේගයකින් තමා හා ඇමතුමෙහි ඉන්නෙ මන්දැයි සස්මිතට වැටහුනේ නැත.
” සර්…”
” උඹ කොහේද ඉන්නේ කියහං ..”
” මං .. මං … මේ.. මවුන්ට් ලැවීනියා සර් … මං .. යනවා සර් .. මං කියන්නේ.. මං යන්නම් සර් .. එකම එක වතාවක්…. දුරට හරි . දුරට හරි … චායාව පොඩ්ඩක් බලලා යන්න දෙනවාද සර් … කතා කරන්න නෙවෙයි සර් මම ඉල්ලන්නේ… මට බලලා යන්න සර් … එච්චරයි ඕනි … ආයේ කවදාවත්, චායාගේ ජීවිතේට එන්නේ නැහැ සර් …. මං දන්නවා සර් ..සර් මේකට ඉඩ දෙන එකක් නැහැ… ඒත් සර් .. මං සර් කියන ඕනිම දෙයක් කරන්නම් සර් .. ඕනි දෙයක් කරන්නම් .. එක වතාවක් .. එකම එක වතාවක් සර් ?..”
චරක මුවින් හුස්ම ගෙන පිට කලේය. සියල්ල යහපත් ලෙසින් විසඳා ගැනීමට ඉඩ ලැබෙමින් පවති.
” වරෙං … ලොකේෂන් දාන්නම් ..”
” සර් ?..”
” ලොකේෂන් දාන්නම් .. වරෙං ..”
චරක ඇමතුම විසන්ධි කර රෝහලේ පිහිටුම යැව්වේය. විදුලි සෝපානය වෙත යන්නට පිටත් වූයේය. එහෙත් යලි සස්මිතගෙන් ඇමතුමක් විය.
” සර් .. සර් .. මේ හේමාස් එකනේ… මං කියන්නේ… හොස්පිට්ල් එකනේ සර් .. ඇයි සර් .. මෙහෙ ඇයි සර් ?..”
” ඇවිල්ලා බලාගනින් .”
” සර් .. සර් .. විහඟිද ඇඩ්මිට් කලේ ?. සර් ප්ලීස් ?.. චායා ඔතන ඉන්නවාද ?..”
” තොට කිව්වානේ ඇවිල්ලා බලාගනින් කියලා ..”
” අනේ සර් .. චායාට මොකක් හරි කරදරයක්ද සර් ?… අනේ සර් ?..”
” ඇඩ්මිට් කරලා ඉන්නේ දෙන්නාවම .. කැබ් එකක් දාගෙන වරෙං … වහිනවා …”
බාල සහෝදරයෙකු වෙනුවෙන් වන සෙනෙහස ඉබේම චරක කෙරෙන් ගලා හැලෙමින් තිබුණි. ඒ සහෝදරකමේ පාදම, තමා වෙනුවෙන් ජීවිතය දිය කර දැමූ අයෙකු හා සමග වීම ..
චරක විදුලි සෝපානයට ගොඩ වූයේය.
” කොල්ලා ඉන්නවා..”
මිතුරාට කෙට් පණීව්ඩයක් තැබුවේය. සැනින් ඇමතුමක් වැටුනේය.


