කිහිලි සහ ඉකිලි කළු වීම බොහෝ යුවතියන්ට තියන ගැටලුවක්. අත් කපපු ඇඳුමක් අඳින්න බැරි නිසා අත් යට ප්‍රදේශය හෙවත් කිහිලි කළු වීම කරදකාරී තත්වයක්. ඒ වගේම ඉකිලි ප්‍රදේශය හා කාන්තාවන් ගේ යෝනිප්රදේශය ආශ්රිත අවපැහැ ගැන්වුන තත්වය නැතිකර ගන්න කාන්තාවන් නිතරම උනන්දු වෙනවා.ඉතින් මෙවැනි ගැටලුවක් ඔබටත් තිබෙනවා නම් මේ තත්ත්වයට කළ හැකි ප්‍රතිකාර සහ සත්කාර තියනවද කියලා ඔබත් නිතරම විමසිලිමත් ඇති.
මේ සත්කාර ඒ වෙනුවෙන් ඔබට ගෙදරදීම කළ හැකි දේවල්.
සත්කාර 1



පළමුව අදාල ප්‍රදේශය ක්ලෙන්සර් කරගන්න
ක්ලෙන්සර් එකක් ලෙස සීනි සහ දෙහි යුෂ එකට මිශ්‍ර කරගෙන අදාළ ප්‍රදේශ පිරිසිදු කර ගන්න
ස්ක්‍රබ් කරන්න
ඇස්ප්‍රීන් කෑලි සිටින සේ කුඩු කරන්න.ඒවා දුර්වර්ණ ප්‍රදේශවල තවරා කවාකාරව පිරිමදිමින් ස්ක්‍රබ් කර ගන්න. විනාඩි විස්සක් පමණ තිබෙන්නට හැර මඳ උණුසුම් වතුරෙන් සෝදා හරින්න.
මොයිස්චරයිස් ක්‍රීම් එකක් ආලේප කරන්න.
එම ප්‍රදේශ පැහැපත් කරන්න පැක් එකක් දාමු




බේකින් සෝඩා 1,
කහ කුඩු ස්වල්පයක්,
මී පැණි,
දෙහි යුෂ ,කිරි හෝ
රෝස වතුර මේවා මිශ්‍ර කර පැක් එකක් ලෙස ආලේප කර සෝදා හරින්න
සත්කාර 2


ක්ලෙන්සර් කරන්න
කහ සහ දෙහි යුෂ මිශ්‍ර කර දුර්වර්ණ ප්‍රදේශ සෝදා ගන්න.
ලුණු වලින් ස්ක්‍රබ් එකක්
ලුණු තේ හැන්දක් සහ ටූත් පේස්ට් තේ හැඳි බාගයක් එකට මිශ්‍ර කර පිරිමදිමින් ආලේප කරන්න.එය සෝදා හරින්න.
පැක් එකක් තුලින් සම පැහැපත් කර ගත් හැකියි
සුදු හාල් පිටි, ටූත් පේස්ට් සහ දෙහි යුෂ පැක් එකක් ලෙස යොදා මඳ වෙලාවක් තබා සෝදා හරින්න.
සත්කාර 3



මෙහිදී අවපැහැ මැරුන සම හොදින් ඉවත් කර ගැනීම මෙලෙස කල හැකියි .
තක්කාලි,
කහකුඩු,
සුදු පොල් තෙල් සහ
යෝගට් මිශ්‍ර කර ආලේප කර මඳ වෙලාවක් පිරිමදින්න.
මේ සෑම සත්කාරයකින්ම පසු ඇලෝ ජෙල් එකක් අනිවාර්යයෙන් ආලේප කරන්න.
මේ සත්කාර වලින් ඔබේ අඳුරු පැහැ වීම් අඩු නොවනවානම් අනඅනිවාර්යයෙන් වෛද්‍ය උපදෙස් ලබා ගත යුතුමයි.ඒ මේ අඳුරුපැහැ වීම් සමහරවිට රෝගවලටත් ඉඟි කරන නිසා.