ලස්සන දෙතොලකට නිවැරදිව තොල් ආලේපන ගල්වන්නේ මෙහෙමයි

 

නිවැරදිව තොල් ආලේපන ගැල්වූයේ නැතිනම් එය ඔබේ මුහුණට අවලස්සනක් එක් කරන්නටත් පුළුවන්. ඒ නිසාමයි නිවැරදිව තොල් ආලේපනය කරන ආකාරය ගැන නිවැරදි ලෙස ඔබව  දැනුවත් කරන්න අපි හිතුවේ. අදින් පසුව තත්පර කිහිපයක් වැඩියෙන් වැයකර ලස්සන නිමාවක් ඔබේ දෙතොලට ලබාදෙන්න අතපසු කරන්න එපා.. විශේෂයෙන්ම උත්සව අවස්ථාවකදී හෝ රැකියාස්ථානයේ විශේෂ අවස්තාවකට සහභාගී වීමේදී ඔබ මේ ආකාරයට තොල් ආලේපනය කරීමෙන් ඔබේ සුන්දරත්වය වඩාත් ඉස්මතු වී පෙනේවී.

  • පළමුවෙන්ම තොල් ආලේපන ගල්වන්නට පෙර ෆවුන්ඩේෂන් හෝ concealer ස්වල්පයක් ආලේපකරන්න. මෙයින් ඔබට lip liner එකක් නැතිවත් අලංකාර පිරුණු නිමාවක් ලබාගන්න පුළුවන්. ඔබට උපතින්ම පිරුණු දෙතොලකට හිමිකම් කියනවානම් ෆවුන්ඩේෂන් හෝ concealer තුනීතට්ටුවක් ලෙස ආලේපකරන්න.
  • මේ වර්ග දෙකටම ඔබ අකමැතිනම් දිගුවේලාවක් පවතින අවර්ණ lip balm එකක් භාවිතාකරන්න පුළුවනි. මෙය තොල් ආලේපනවල පෙනුම වැඩි දියුණුකරන්න, තෙතමනය රඳවාගන්න වගේම වැඩි වේලාවක් වර්ණය රඳවාගන්නටත් උපකාරීවෙනවා.
  • ලස්සන දෙතොලකට අවශ්‍යම දේ තමයි හොඳ වර්ණයක්. ඔබට කැමති තනි වර්ණයක් තෝරාගන්න පුවවන් වගේම තොල් ආලේපන වර්ග/වර්ණ කීපයක් එකතුකොට ඔබ කැමති නව වර්ණයක් සාදාගන්නත් පුළුවන්. අමතක කරන්න එපා එම වර්ණය ඔබේ සමට ගැලපෙන වර්ණයක් විය යුතු බව. ඔබේ සමට ගැලපෙන තොල් ආලේපන වර්ණය තෝරා ගන්නේ කෙසේද යන්න පිළිබදව අපි මීට පෙර ලිපියක් ඔබ වෙත රැගෙන ආවා. ඒ දැනුම මෙහිදී භාවිතා කරන්න ඔබට පුළුවන්.
  • දැකුම්කළු දෙතොලක රහස තමයි තොල් ආලේපන ආලේප කරන ආකාරය. හදිසිම අවස්ථාවකදී හැර lipstick එකෙන් ඍජුවම තොල්මත ආලේපකිරීමෙන් වළකින්න. මේ සඳහා හොඳින් නිමවූ lip brush එකක් භාවිතාකරන්න. මතක ඇතිව නිතරම මෙම lip brush පිරිසිදුව තබාගන්න. ඔබට lip brush එකක් භාවිතාකිරීම අපහසුනම් ඔබේ සුළැඟිල්ල හෝ වෙදැඟිල්ල මත තොල් ආලේපනය තවරා තොල්වල ආලේපකරන්න.
  • හොදට පිරුණු පෙනුමක් ලබාගන්න දෙතොල්වල මැද ප්‍රදේශයේ තරමක් තදට වර්ණය ලැබෙන සේ තරමක් වැඩියෙන් ආලේපකරන්න.
  • මතක ඇතිව තුනී ටිෂූ පේපර් එකක් දෙතොලට තදකර වැඩි තොල් ආලේපන ප්‍රමාණය ඉවත්කර දෙතොලට මටසිලුටු නිමාවක් ලබාදෙන්න.
  • අවසානයට, ඔබේ දෙතොලට උපරිම නිමාවක් ලබාදෙන්න පුවවන් lip gloss එකකට. සාදයකට වැනි අවස්ථාවක ඔබ තද අයි මේක්අප් එකක් භාවිතාකර නොමැති නම් gloss ආලේපකිරීමෙන් ඔබට සිනමා තාරකාවකගේ වැනි පියකරු දෙතොලක් ලබාගන්න පුවවන්.

බලන්න මේ ක්‍රමයට තොල් ආලේපන ගල්වලා ඔබටත් දුටුවන් මනබඳිනා දෙතොලක් ලබාගන්න මොනතරම් පහසුයිද කියලා.

– කල්හාරී –

 

 

Related Articles

Don't Miss


Latest Articles