අගපැලුණු හා දුඹුරු පැහැ වූ දුර්වල කෙස් වැටිය ශක්තිමත් කරන කරපිංචා තෙල් සත්කාරය.

අගපැලුනු හිසකෙස් ,තඹ පැහැ ගැන්වුනු දුර්වල හිසකෙස් සහ ඉක්මනින් කැඩී යන හිසකෙස් ඔබට කරදරයක් බවට පත්වෙලා ඇති.ඒ වගේම ඔබ අපහසුතාවයට පත්වෙලා ඇති. මේ ලිපියෙන් ඔබට කියන්නේ එවැනි කරදරකාරි කෙස් කළඹකින් මිදිලා නිරෝගී දිදුලන ශක්තිමත් කෙස් කලඹක හිමිකාරියක් වෙන්නෙ කොහොමද කියලා.

කරපිංචා තෙල් කියන්නේ හානියට පත්වුනු හිසකෙස් යතා තත්වයට පත් කරන්න දිව්‍ය ඖෂධයක්.මොනවද මේ කරපිංචා තෙල්? මොනවද එහි තියන ගුණ සහ නිවසේදීම කරපිංචා තෙල් හදාගන්නෙ කොහොමද කියලා දැන් අපි විමසා බලමු.

කරපිංචා තෙල් වල අඩංගු ගුණ

නීරෝගී හිසකෙස් වලට අත්‍යවශ්‍යයම බොහෝ පෝශක මේ කරපිංචා වල අඩංගු වෙනවා. ඇමයිනෝ අම්ල ,බීටා- කැරොටීන් සහ ප්‍රෝටීන් ඒ අතරින් ප්‍රධාන තැනක් හිමි කරගනී.

කරපිංචා තෙල් වලින් හිසකෙස් වලට ලැබෙන ප්‍රයෝජන

  • හිසකෙස් අග පැලීම වලක්වයි
  • හිසකෙස් තඹ පැහැ ගැන්වීම වලක්වයි
  • හිසකෙස් ගැලවී යාම නතර කරයි
  • හිසකෙස් වැවීම වේගවත් කරයි
  • හිස්සොරි ඇතිවීම අවම කර හිස් කබල පෝශණය කරයි
  • හිසකෙස් ගැට ගැසීම අවම කරයි

නිවසේදීම කරපිංචා තෙල් සාදාගන්නා ආකාරය

අවශ්‍ය ද්‍රව්‍ය

  • සෝදා පිරිසිදු කර ජලය ඉවත් කරගත් කරපිංචා ඉති දහයක් පමණ
  • පිරිසිදු සුදු පොල්තෙල් අඬු කෝප්ප දෙකක් ( පොල්තෙල් භාවිතා කිරීමේදි එහි ගුණාත්මක භාවය ගැන සැලකිලිමත් වන්න )

සාදන ක්‍රමය

  • මේ සඳහා ඔබට තරමක් ඝනකම්, පිරිසිදු භාජනයක් අවශ්‍ය වෙනවා.එම භාජනය ලිප තබා ලිපේ ගින්දර අඩු කර පොල්තෙල් කෝප්ප දෙක එයට එකතු කරන්න
  • ඉන්පසුව කරපිංචා ඉති වලින් කරපිංචා කොළ සූරා ග්‍රයින්ඩර් එකක් ආධාරයෙන් හීනියට කුඩු කරගන්න( වතුර නොදමා) .නැතිනම් කරපිංචා හීනියට ලියාගන්න
  • පොල්තෙල් යන්තම් රත්වීගෙන එන විට ග්‍රයින්ඩර් කරගත් කරපිංචා එයට එක් කරන්න.
  • පිරිසිදු හැන්දක් ගෙන තෙල් එක සෙමින් කලවම් කරන්න.ගින්දර අඩු මට්ටමේම තබා ගැනීමට කල්පනාකාරි වන්න
  • විනාඩි කීපයක් ඇතුලත කරපිංචා වල පැහැය වෙනස් වී තෙල් කොල පැහැ ගැන්වෙන ආකාරය ඔබට දැකගන්න පුලුවන්. විනාවි දහයක් පමණ තෙල් එක රත් කරගැනීම ප්‍රමාණවත්.
  • ඔබට අවශ්‍ය නම් මෙයට උලුහාල් මේස හැදි දෙකකුත් එකතු කරගන්න පුලුවන්.නමුත් ඔබ සෙම් ,පීනස වැනි රෝග තත්වයක් ඇති අයෙක් නම් උලුහාල් එකතු කරන්න එපා.
  • විනාඩි කිහිපයක් රත්වුන තෙල් එක ලිප නිවා පිරිසිදු භාජනයට පෙරාගන්න ඔබට පුලුවන්. තෙල් එක නිවුනු පසු පුනීලයක් ආධාරයෙන් තෙල් ටික වීදුරු බෝතලයකට දමාගන්න.
  • මෙම කරපිංචා එක කල්තබා ගැනීමට අවශ්‍ය නිසා තෙල් බෝතලයට උලුහාල් ස්වල්පයක් එකතු කරන්න.උලුහාල් එකතු කිරීමේදි තෙල් එක හොඳින් නිවුනු පසු එකතු කිරීමට වග බලාගන්න.

කරපිංචා තෙල් භාවිතා කරන ආකාරය

  • මෙම කරපිංචා තෙල් සතියට තුන් වතාවක් හෝ හතර වතාවක් භාවිතා කරන්න ඔබට පුලුවන්.
  • මුලින්ම හිසකෙස් හොඳින් පීරා කොටස් වශයෙන් වෙන් කරගන්න
  • පුලුන් කැබැල්ලක් ගෙන කරපිංචා තෙල් තවරා හිස් කබල මත හොඳින් ගල්වන්න.පනාවක් ආධාරයෙන් හිසකෙස් පීරමින් හිස් කබල පුරාම තෙල් ගල්වන්න.
  • තෙල් ස්වල්පයක් අත්ලට ගෙන හිසකෙස් අග ද තෙල් හොඳින් ගල්වන්න
  • ඇඟිලි තුඩු මගින් විනාඩි දහයක් හෝ පහලවක් හිස හොඳින් සම්භාහනය කරන්න.
  • පැය දෙකක් පමණ කරපිංචා තෙල් හිසේ තිබෙන්නට හැර සාමාන්‍යය ආකාරයෙන් ස්නානය කරන්න.

මෙම සත්කාරය සති තුනක් පමණ කරන විට ඔබට පැහැදිලි වෙනසක් අත්විඳින්නට පුලුවන් වේවි. කරපිංචා තෙල් භාවිතා කිරීමෙන් සිනිඳු සහ ශක්තිමත් කෙස් කළඹක සාඩම්බර හිමිකාරියක් වෙන්න දැන් ඔබට පුලුවන්

Related Articles

Don't Miss


Latest Articles