සිරුරේ බර වැඩි කර ගන්නේ නැතුව ඔයා කන්න ආසම පීසා කන්නෙ මෙහෙමයි.

පීසා වලට අපි කවුරුත් කැමතියි.ඒත් පීසා කියන්නෙ ශරීරයේ බර ඉක්මනින් වැඩි කරවන ආහාරයක්.ඉතින් බර වැඩි නොවෙන විදියට ඉඳලා හිටලා හරි පීසා එකක් කන්නෙ කොහොමද ? ඒ ගැනයි මේ ලිපිය

පීසා කියන්නෙ විවිධ වෙළඳ නාම යටතේ ,විවිධ රසයෙන්ගෙන් සහ විවිධ මිල ගණන් යටතේ විකිනෙන ඉතා රසවත් ආහාරයක්. හැබැයි නිතර කන්න හොඳ ආහාරයක් නම් නෙමෙයි පීසා කියන්නෙ.විශේශයෙන්ම අධික ලෙස තරබාරු අයට ,ආහාර පාලනය කරන අයට නම් පීසා කියන්නේ ගොඩක් අහිතකර දෙයක්. මොකද එක පීසා කෑල්ලකින් උනත් කැලරි බොහෝ ප්‍රමාණයක් ඔබේ ශරීරයට ඇතුලු වෙනවා.අද අපි ඔබට කියන්න යන්නේ ඔබ ඉඳලා හිටලා හරි පීසා එකක් කනවා නම් ,ශරීරයේ බර වැඩි නොවෙන විදියට පීසා කන්න පුලුවන් රහස් කීපයක් ගැනයි !

ඝණකමින් අඩු / තුනී පීසා රොටි වලින් සෑදූ පීසා

ඔබ පීසා කනවා නම් ඉතා තුනී පීසා රොටි වලින් සකසන ලද පීසා තෝරා ගන්න. එයින් ඔබේ ශරීරයට ඇතුල්වන පිටි ප්‍රමාණය තරමක් දුරට අඩු වෙනවා.

සෞඛ්‍ය සම්පන්න චීස්

සාමාන්‍ය මොසැරැල්ලා චීස් වෙනුවට, එළු කිරි වලින් සාදන ලද චීස් ( goat cheese ) භාවිතා කල පීසා ආහාරයට ගන්න.ඒවා ගුණාත්මකයි වගේම රසයෙන් ඉතා ඉහලයි

සැකසූ මස් රහිත පීසා

සැකසූ මස්,සොසේජස්,බේකන් වැනි දේවල් වල අධික මේදය සහිත බව නිසා එය ඔබේ ශරීරයේ බර ඉක්මනින් වැඩි කරනවා. ඒ වෙනුවට බ්‍රොකලි, කුකුල් මස්, බිම්මල්, බෙල් පෙපර්, මාලු මිරිස් වැනි Pizza topping එකක් ඇති පීසා ආහාරයට ගැනීම ඔබට වඩාත් හිතකරයි

පීසා ආහාරයට ගන්න කලින් සලාදයක රස බලන්න

ඔබ අවන්හලකට ගොස් පීසා ඇණවුම් කිරීමට පෙර හෝ නිවසේදි පීසා සකසා ගෙන ආහාරයට ගන්න කලින් නැවුම් එළවලු සලාදයක් ආහාරයට ගන්න.එය ඔබගේ කුසගින්න තරමක් අඩු කරනවා වගේම ඔබ පීසා කන ප්‍රමාණයත් අඩු කරගන්න හොඳ උපක්‍රමයක්

කුළුබඩු සහිත පීසා

සිහින්ව කැපූ ළුෑනූ, බැසිල් කොල ,රෝස්මරී, කළු ගම්මිරිස් සහ Herbs එකතු කල පීසා රසවත් වගේම ගුණවත්.ඒ වගේම මෙම ස්වභාවික කුලු බඩු වල බලපෑමෙන් ඔබේ ශරීරයේ කැලරි වේගයෙන් දහනය කරනවා

සම්පූර්ණ තිරිඟු පීසා

මෙය ඉතාමත් වැදගත්. පිරිපහදු කළ පිටිවලින් සාදන ලද පීසා වෙනුවට තිරිඟු පිටි වලින් සැකසූ පීසා ලබා ගත හැකි නම් එය ඔබට ඉතා වාසිදායක වෙනවා. එයින් ඔබේ ශරීරයේ බර වැඩි වීමක් වන්නෙ නෑ

එළවලු topping

ඔබ ආහාරයට ගන්නා පීසා එකේ topping එකට මස් වර්ග සහ චීස් වෙනුවට භාවිතා කල කළ හැකි එළවළු විශාල ප්‍රමාණයක් තියෙනවා. නිවිති ,බෙල් පෙපර්, ළූණු, තක්කාලි, ඔලිව්, හතු ඔබට භාවිතා කල හැකියි. ඒවායේ ගුණාත්මක බව වැඩියි වගේම ශරීරයේ මේදය තැන්පත් වීමක් වන්නේත් නැහැ

අමතර තෙල් ඉවත් කරගන්න

ඔබ පීසා එකක් මිලදී ගන්න වෙලාවට එහි අතිරේක තෙල් තැවරිලා තියනවා ඔබ දැකලා ඇති.එහෙම තෙල් ටිශූ කඩදාසියක් මගින් ඉවත් කරගන්න පුලුවන් .ඔබේ පීසා එක සුලු වේලාවක් ටිශූ කඩදාසියක් මත තැබීම විතරයි ඔබ කරන්න ඕන

ඔලිව් තෙල් බින්දු කීපයක් ඉසින්න

ඔබට සෞඛ්‍ය සම්පන්න පීසා එකක් ආහාරයට ගන්න පුලුවන් තවත් ක්‍රමයක් තමයි මේක.ඒ වගේම අමතර කැලරි ප්‍රමාණය අඩු කිරීමටත් මේ පිරිසිදු ඔලිව් තෙල් උපකාරි වෙනවා.

ඔබේ ශරීරයේ ඇති අමතර කැලරි මේදය බවට පත්වන්නේ රාත්‍රියේදියි. ඒ නිසා ඔබ මේ කුමන ආකාරයට පීසා ආහාරයට ගත්තත් රාත්‍රියෙදි පීසා ආහාරයට නොගන්න කියලා අපි ඔබට යෝජනා කරනවා.ඒ වගේම මේ ක්‍රම වලට අනුව සෞඛ්‍ය සම්පන්න ආකාරයට රසවත් පීසා ඔබට නිවසේදීම සකසා ගෙන ආහාරයට ගන්නත් පුලුවන් . එය වඩාත් ආරක්ශිත සහ විශ්වාසවන්ත වෙනවා.

ඉතින් ශරීරයේ අනවශ්‍ය බර ගැන වද වෙන ඔබට සහ ආහාර පාලනය ගැන උනන්දු වෙන ඔබට තව දුරටත් පීසා ආහාරයට නොගෙන හිඳීම අවශ්‍ය වන්නේ නෑ

Related Articles

Don't Miss


Latest Articles