සාරියක් ඉක්මනින් අඳින හැටි, ෆැෂනබල් විදියට අඳින හැටි වගේම සාරි හැට්ටයක් සකසා ගන්න හැටි, සිරුරේ හැඩයට සාරියක් අඳින හැටි අපි මීට ඉහත ලිපිවලින් කතා කළා ඔයාලට මතක ඇති. අද අපි කතා කරන්න යන්නේ සාරි අඳින ඔබ දැන ගත යුතුම කාරණා.ෆැෂනබල් විදියට සාරියක් අඳින්න මේ හැම කරුණක්ම ඔයාලාට වැදගත් වෙයි.
සිරුරේ හැඩය අනුව ඔබට ගැලපෙන්නේ කොහොම සාරියක් ද?
චබී කෙල්ලන්ට ෆැෂනබල් සාරියක් හදා ගන්න ටිප්ස්.


ඔබ චබී සිරුරක් තියෙන කෙනෙක් නම් කොට්න් සාරි අඳින්න එපා. ඔබට ගැලපෙන්නේ ජෝජට් රෙද්දෙන් කරන සාරියි.
කළු,මෙරූන් වැනි තද වර්ණ ඔබේ චබී පෙනුම අඩු කරන්න සමත් වෙනවා.
ලා පැහැති සාරි තෝරා නොගෙන ඉන්න සෑම විටම සැලකිලිමත් වෙන්න.
සාරියේ ප්‍රින්ට් එක
- මල් මෝස්තර සහ සාරිය පුරා විහිදුණු මෝස්තරත් හරස් අතට ඉරිත් තෝරා ගන්න එපා.
- තනි පාට ඇරුණු විට දිගු අතට ඇති ඉරි තෝරා ගන්න.
හැට්ටයේ අත
ෆුල් ස්ලීව් හෝ 2/3 ස්ලීව් එකක් තෝරා ගන්න.
අන්ඩර්ස්කර්ට් එක මේ විදියට හදා ගන්න.
අන්ඩර් ස්කර්ට් එක සකසා ගැනීමේදී ඔබට හරියන්නේ ෆිෂ්ටේල් ස්කර්ට් එකක්.
ඉන ප්‍රදේශය ස්ලිම්ව සහ දණහිසෙන් පහළට ෆ්ලෙයාඩ් ලෙස යට සාය මසා ගන්න.
ඔබ සිහින් සිරුරක් සහිත කෙනෙක් නම් ෆැෂනබල් සාරි හදා ගන්න ටිප්ස්



කොට්න් සාරි තෝරා ගන්න. ක්‍රේප්,ශියොන් ජෝජට් වගේ මෙටීරියල් ද ඔබට ගැලපෙනවා
ලා වර්ණ සාරි තෝරා ගන්න.
අන්ඩර්ස්කර්ට් එක මෙහෙම හදා ගන්න.
රැලි සහිත අන්ඩර්ස්කර්ට් එක ඔබේ කෙට්ටු පෙනුම අඩු කරනවා.
සාරියේ ප්‍රින්ට් එක
ලොකු මල් මෝස්තර සහ සාරිය පුරා විහිදී යන මෝස්තර ඔබට අපූරුයි.
ජැකට් එකේ අත
ස්ලීව්ලස් හෝ ශෝට් ස්ලීව් අතක් තමයි ඔබට ගැලපෙන්නේ.
ලස්සනට සාරියක් අඳින්න නම් මේ කරුණු ගැන සැලකිලිමත් වෙන්න.

- සාරිය අඳින්න කලින් ඔබේ සෙරෙප්පු යුවල පැලඳගෙන ඉන්න.
- සාරිය අඳින නියම උස ලැබෙන්නේ එවිටයි.
- අන්ඩර්ස්කර්ට් එක වලලුකර තෙක්ම දිගට අඳින්න.
- සාරිපොට සකසා ගැනීමේ දී මුලින්ම පොටට එන රැලි ටික සකසාගෙන කටුවක් ගසා තබා ගැනීම ඔබේ කාලය ඉතුරු කරන වැඩක්.
- සාරිය අඳිද්දී ඒ කටුවට පහලින් සාරියත් ඉදිරිපස රැලි වල යටින්ම තියන රැලි දෙකත් එකතු කර තදින් කටුවක් ගසා ගන්න.උකුලේ හැඩය ඒ කටුවට මනාව ඉස්මතු වෙනවා.
- සාරියට කටු ගසද්දී සිල්වර් පාට කටු වෙනුවට ඔබේ සාරියේ පාට කටුම භාවිතා කරන්න.
- සාරිය අඳිද්දී මුල් කෙලවරට ගැටයක් දමා ඉනේ ගසා ගන්න එපා. ඒ කෙළවර ඉනට යට කර කෙලවරට කටුවක් ගසා ගන්න.
- සාරි කටුවේ හිස කොටස උඩු අතට ගැසීමෙන් වඩාත් ලස්සන පෙනුමක් ලැබෙනවා.
සාරි පිලිවෙලකට අසුරා ගන්න පුංචි ට්‍රික් එකක්.
- සිල්ක් සාරි නමලා හති වැටිලා ඉන්න ස්මාර්ට් නෝනලාට මීට පස්සේ සාරිය පිළිවෙළකට නවලා එහි හරි මැද්දෙන් මුලු සාරියම අසු වෙන සේ බේබි පින් එකක් ගහන්න පුලුවන්
- එතකොට සාරි පිළිවෙළකට අසුරා ගැනීම ඔබට පහසු වෙයි.
අපිට ඕනෑම දෙයක් ලස්සනට කර ගන්න අවශ්‍ය වෙන්නේ හරිම පුංචි ඒත් ස්මාර්ට් ට්‍රික්ස් විතරයි.සාරි අඳිනකොට කිසිම ලස්සනක් නෑ කියලා හිතපු ඔබ මේ ලිපියේ තියන පුංචි කරුණු ටික නූලට අනුගමනය කරොත් හැඩට ෆැෂනබල් විදියට සාරියක් අඳින්න ඔබට බැරි වෙන්නේ නෑ.
ලස්සනට සාරිය ඇන්දටම බෑනේ. සාරියට ගැලපෙන ජුවලරි තෝරා ගන්න මේ විදියට පුලුවන්
ගැහැනියකට සරාගීම ඇඳුම සාරිය බව කියනවා ඔබත් අහලා ඇති. මේ ක්‍රම අනුගමනය කළොත් නම් ඔබත් අත් දෙකම ඔසවලා ඊට එකඟ වෙයි කියලා අපිටත් සහතිකයි.