කටට රසට වඩේ හදන්න රෙසිපි 3 ක්.

වඩේ අපිට බොහොම සමීප ස්නැක් එකක්. බීච් එකේ ඉස්සෝ වඩේ වල ඉඳන් වඩේ කරත්තවල පරිප්පු වඩේ දක්වාම රස නොවිඳපු අය නැති තරම්.ඒත් ඇති වෙනකම් කන්න ගෙදරදීම වඩේ හදා ගන්න පුලුවන් නම් කොච්චර අපූරුද?
මේ රෙසිපි ඒ වෙනුවෙන් මයි.

පරිප්පු වඩේ.

අවශ්‍ය ද්‍රව්‍ය

  • සිසිල් ජලයේ පැය 2ක් පෙඟෙන්නට හැර වතුර පෙරා ගත් කඩල පරිප්පු කප් 1
  • චොප් කරගත් ඉඟුරු තේ හැන්දක්
  • සිහින්ව ලියා ගත් කරපිංචා
  • කුඩාවට කපා ගත් වියළි මිරිස් කරල්
  • කුඩාවට ලියා ගත් රතු ළූණු
  • ලුණු තේ හැන්දක්
  • අවශ්‍ය පමණ තෙල්

සාදාගන්නා ආකාරය:

  • පැය දෙකක් සිසිල් ජලයේ පොඟවා හොඳින් වතුර පෙරාගත් කඩල පරිප්පු හොඳින් කුඩු වී තලපයක් වන තුරු ග්‍රයින්ඩ් කර ගන්න.
  • එය භාජනයකට දමා ගන්න
  • එයට ඉඟුරු, කරපිංචා, වියළි මිරිස්, රතු ළූණු සහ ලුණු එකතු කර හොඳින් මිශ්‍ර කරගන්න
  • ඉන්පසු මිශ්‍රණයෙන් කුඩා කොටස් ගෙන, අතින් හෝ හැඳි දෙකක් භාවිතා කර ඔබට කැමති ආකාරයේ හැඩයට පරිප්පු වඩේ සකස් කරගන්න.
  • ඉන්පසු තෙල් රත් වෙන්න තබා ගැඹුරු තෙලේ රන්වන් පැහැ වන තෙක් පරිප්පු වඩේ ටික බැදගන්න

ඉස්සො වඩේ

අවශ්‍ය දේවල්:

  • ඉස්සො 500g
  • පරිප්පු කෝප්ප 2
  • කුඩාවට කපා ගත් ලොකු ළූණු ගෙඩි 1-2
  • කුඩාවට කපා ගත් අමුමිරිස් කරල් 3-4
  • කරපිංචා
  • සුදුරු තේ හැන්දක්
  • වේලුනු මිරිස් කරල් 3-4
  • සුදු ළූණු ගෙඩියක් දෙකක්
  • ඉඟුරු කැබැල්ලක්
  • මිරිස් කුඩු තේ හැන්දක්
  • කහ කුඩු ස්වල්පයක්
  • ගම්මිරිස් කුඩු ස්වල්පයක්
  • තෙල්
  • ලුණු

සාදාගන්නා ආකාරය:

  • සෝදා ගත් ඉස්සන්ට ලුණු, ගම්මිරිස්, කහ එක්කර කලවම් කර පැත්තකින් තියන්න.
  • පරිප්පු පැය දෙකක් සිසිල් ජලයේ පොඟවා හොඳින් ග්‍රයින්ඩ් කර ගන්න.
  • ඉන්පසු ඉඟුරු, සුදු ළූණු, ඉඟුරු,සූදුරු බ්ලෙන්ඩ් කර පරිප්පු වලට එක් කරන්න.
  • එයට කපා ගත් රට ළූණු, කපාගත් අමුමිරිස් එකතු කරන්න.
  • මේ මිශ්‍රණයට වියළි මිරිස් කරල් කුඩාවට කඩා එක් කරන්න.
  • කරපිංචා ද එකතු කරන්න.
  • දැන් මිරිස් කුඩු සහ කහ එකතු කරන්න.
  • රස බලා ලුණු එකතු කර හොඳින් මිශ්‍ර කරන්න.
  • මිශ්‍රණයෙන් ටිකක් ගෙන ඉස්සෙක් මැදින් තබා අතින් රවුම් හැඩය හදා ගන්න.
  • ගැඹුරු තෙලේ බැද ගන්න.

කෙසෙල්මුව වඩේ

අවශ්‍ය දේවල්:

  • කෙසෙල් මුවයක්
  • උම්බලකඩ
  • කොච්චි මිරිස් කරල්
  • රතු ළූණු
  • කරපිංචා
  • පරිප්පු (ග්‍රෑම් 250)
  • පොල් තෙල්

සාදාගන්නා ආකාරය:

  • කෙසෙල් මුවය හොඳට සෝදා ඉතා සිහින් ලෙස කපා නටන වතුරට දමන්න.
  • මිනිත්තු පහක් කපාගත් කෙසෙල් මුව තම්බාගන්න.
  • තම්බාගත් කෙසෙල් මුව වතුර මිරිකාහැර මිරිස්ගලක හෝ වංගෙඩියක දමා තරමක් තලාගන්න.
  • සුළු මොහොතක් පරිප්පු පෙඟෙන්නට හැර සෝදා ගලෙන් අඹරාගන්න. ලියාගත් ලූණු, කරපිංචා, කොච්චි, උම්බලකඩ, අඹරාගන්නා ලද පරිප්පු සියල්ල කෙසෙල් මුව වලට දමා ලුණු එකතුකරමින් හොඳින් අනා ගන්න.
  • ගුලි කර ගැඹුරු තෙලේ බැද ගන්න.

Related Articles

Don't Miss


Latest Articles