අවුරුදු කෑම මේසය රස ගන්වන කැවුම් වර්ග තුනක්

අලුත් අවුරුද්දට අපි හැමෝම නිතරම වගේ හදන්නේ කොණ්ඩ කැවුම්.හැබැයි වෙනත් කැවුම් වර්ග ටිකකුත් හැදුවොත් කැවිලි මේසයට වෙනසක් එකතු වෙයි නේද ?ඉතින් අද අපි ඔබට කියන්න හදන්නේ කැවුම් වර්ග කීපයක් හදන විදිය ගැනයි

නාරං කැවුම්

අවශ්‍ය වෙන්නේ මේ දේවල්

සීනි 150g
පොල් බෑයක පොල්
බැද, කැබලි සිටින සේ කුඩු කරගත් මුං ඇට 100g
බැද ගත් හාල් පිටි 250g
කරදමුංගු කුඩු ස්වල්පයක්
පොල්තෙල්
කහකුඩු

හදන්නේ මෙහෙමයි

මුලින්ම සීනි හා වතුර ලිප තබා උණු කරගන්න

එයටම පොල් සහ කරදමුංගු එකතු කර හොඳින් මලවා ගන්න

ඊලගට පැණි පොල් එක ලිපෙන් ඉවත් කරගෙන එයටම කුඩු කරගත් මුං හා බැද ගත් හාල් පිටි එකතු කර හොඳින් මිශ්‍ර කරන්න

මිශ්‍රණය නිවුන පසු තරමක බෝල හද ගන්න.

තවත් හාල්පිටි කෝප්පයකට කහ කුඩු හා ලුණු ස්වල්පයක් මිශ්‍ර කර බැටරයක් සදා කලින් සදාගත් බෝල එහි ගිල්වා ගැඹුරු තෙලෙහි බැදගන්න.

හැඳි කැවුම්

අවශ්‍ය වෙන්නේ මේ දේවල්

හාල් පිටි 200g
පාන් පිටි 200g
පැණි 320ml
ලුණු ස්වල්පයක්
මහදුරු තේ හැදි බාගයයි
සුදුරු තේ හැදි කාලයි
වතුර මේස හැදි 10ක්
තෙල්

හදන්නේ මෙහෙමයි

මුලින්ම ,හාල් ටික පෙගෙන්න පැය තුනක් පමණ පෙගෙන්නට තබන්න

ඉන්පසු ග්‍රයින්ඩර් එකක් ආධාරයෙන් හාල් හොඳින් කොටාගන්න

කොටාගත් තෙත හාල් පිටි තුන් වරක් හොඳින් හලා ගන්න

දැන් භාජනයක් ගෙන පැණි ටික දමා එයට මහදුරු ,සුදුරු සහ ලුණු එකතු කර , එයටම හාල් පිටි සහ පාන් පිටිත් එකතු කර කැටි නොහිටින අයුරින් හොඳින් මිශ්‍ර කරගන්න

වැක්කෙරෙන පදමට මිශ්‍රණයට වතුර ටික ටික එකතු කරමින් හදාගත ‍යුතුයි

පැය 2ක් පමණ මිශ්‍රණය වසා තබා ඉන්පසුව ගැඹුරු තෙලේ කැවුම් බැදගන්න

කෙසෙල් කැවුම්

අවශ්‍ය වෙන්නේ මේ දේවල්

කෙසෙල් (ඇඹුල් කෙසෙල්) ග්‍රෑම් 300g
පොල් පැණි කෝප්ප 2 cups
පොල් කිරි කෝප්ප 2
කහ කුඩු මේස හැඳි ¼ tsp
පිටි ග්‍රෑම් 250g
සීනි කෝප්ප 2
කරදමුංගු ඇට 2
තල ඇට මේස හැඳි 1 1/2
කෙසෙල් රසකාරක තේ හැඳි 1/
රස අනුව ලුණු
තෙල්

හදන්නේ මෙහෙමයි

පිටි, ලුණු, කහ කුඩු, තල ඇට, කෙසෙල් රසය ඇති ද්‍රවණය සහ පොල් කිරි සියල්ල භාජනයකට දමාගන්න

එම අමුද්‍රව්‍ය හොඳින් මිශ්‍ර කොට මිශ්‍රනයක සකස් කරගන්න

කෙසෙල් වල ලෙලි ඉවත් කර වෙනත් භාජනයකට දමා හොඳින් පොඩි කරගන්න.

කලින් සකස් කරගත් මිශ්‍රණය පොඩි කරගත් කෙසෙල් වලට වක් කොට හොඳින් මිශ්‍ර කරගන්න

තෙල් තාච්චියක් ලිප තබා තෙල් දමා හොඳින් රත් වෙන්නට හරින්න

දැන් කුඩා කෝප්පයක් යොදාගෙන කැවුම් සඳහා සකස් කරගත් මිශ්‍රණයෙන් කොටසක් තාච්චියට දමන්න

දුඹුරු පැහැය වෙන තුරු බැදගන්න

කැවුම් පිළිගැන්වීමට පෙර කලින් සකස් කරගත් පැණි වල බහා තබන්න

Related Articles

Don't Miss


Latest Articles