ජීවිතය පහසුකරගන්න බේබි පවුඩර්

අපි දන්නෙ නැති වුණාට අපේ ජීවිතය පහසුකරගන්න පුළුවන් දේවල් නිවස තුලින්ම සොයාගන්න පුළුවන්. පුංචි බබාලව සුවයෙන් සුවඳින් පුරවන බේබි පවුඩර්වලින් ඔබේ ජීවිතය පහසුකරගන්න පුළුවන් උදව් රැසක් තිබෙනවා. බලන්න බේබි පවුඩර්වලින් ගන්න පුළුවන් මේ ප්‍රයෝජන5 ඔබට මොනතරම් පහසුවක්වෙයිද කියලා.

පිරුණු ඇස් පිහාටු ලබාගන්න

1

පළමුව මස්කාරා එක්වරක් ආලේපකර බ්‍රෂ් එකක් ආධාරයෙන් ඇස් පිහාටු මත බේබි පවුඩර් සිනිඳුවට තවරා නැවත ඒමතින් මස්කාරා ආලේපකරන්න. මෙයින් ඔබේ අස් පිහාටු දිගු, පිරුණු පෙණමක් ලබාදේවි.

හිසකෙස් පිරිසිදුව තබාගන්න

3

බේබි පවුඩර් Dry shampoo එකක් විදියට භාවිතාකරන්නත් පුළුවන්. හිස කෙස් අධික තෙල් ගතියකින් යුතු නම් බේබි පවුඩර් ටිකක් හිසකෙස්වලට, විශේෂයෙන්ම හිසකෙස් මුලට දම පවුඩර් නොපෙනීයනතුරු මසාජ්කරන්න. ඉක්මනින්ම නැවුම්කෙස්කළඹක් ඔබට ලබාගත හැකිවේවි.

ඇඳ ඇතිරිලිනැවුම්ව තබාගන්න

5

දහඩිය අධික රාත්‍රියකදී ඇඳ ඇතිරිලි මත බේබි පවුඩර් තට්ටුවක් දමා තැබීමෙන් ඇතිරිලිවල නැවුම්බව රැකගතහැකිවේවි.

පැටලුණු මාල පහසුවෙන්ම ගලවගන්න

2

මාල පැටලුණු තැන්වලට බේබි පවුඩර් ස්වල්පයක් දමා ඇඟිලි තුඩුවලින් අතුල්ලන්න. ඉක්මනින්ම පැටලුම් බුරුල්වේවි.

ඇඳුම්වල පැල්ලම් පහසුවෙන්ම මකාගන්න

4

ඇඳුමෙහි තෙල් පැල්ලමෙහි දෙපැත්තේ පවුඩර් ස්වල්පයක් ආලේපකර පැයක් පමණතබා සෝදා මද පවනේ වියළාගන්න.

ඔබ නිර්මාණශීලී නම් බේබි පවුඩර්වලින් පමණක් නොවේ ඔබ අවට ඇති බොහෝ දෙයින් ඔබේ වැඩකටයුතු පහසුකරගත හැකිවේවි.  තවත් ප්‍රයෝජන ගන්න

– කල්හාරී –

Related Articles

Don't Miss


Latest Articles