ඉක්මනින් සිරුරේ බර අඩු කරගන්න කැමති අයට ගැලපෙනම ඩයට් ප්ලෑන් එකක්.

0
7254

ඉක්මනින් බර අඩු කරගන්න විවිධ ආහාර පාලන ක්‍රම තියෙනවා.ඒ අතරින් Egg diet කියන්නේ ලොව පුරා ජනප්‍රිය ක්‍රමයක්.අද අපි ඔබට කියන්න යන්නේ ඒ ගැනයි

ඒ අනුව මේ ඩයට් එකට ,තැම්බූ බිත්තර , පිශ්ටය රහිත එළවලු සහ කාබෝහයිඩ්‍රේට් අඩු පලතුරු වර්ග අඩංගු වෙනවා.ඒ වගේම සිරුරේ බර අඩු කිරීමට අමතරව මේ ක්‍රමයෙන් තවත් වාසි අත්වෙනවා

මොනවද ඒ වාසි ?

  • රුධිරයේ සීනි පාලනය වැඩි දියුණු කිරීම
  • සෞඛ්‍ය සම්පන්න පෙනුමක් ලබා දීම
  • අස්ථි ශක්තිමත් කිරීම
  • හිසකෙස් වැඩීම දියුණු කිරීම
  • නියපොතු ශක්තිමත් කිරීම
  • සමේ පැහැය වැඩි දියුණු කිරීම
  • සෞඛ්‍ය සම්පන්න නොවන ආහාර ගැනීමෙන් වැළකීම
  • හෘද රෝග සහ පිළිකා ඇතිවීමෙ අවදානම අවම වීම

කොහොමද මේ diet එක කරන්නේ ?

ඔබ මතක තියාගන්න ඕනෙ එක දෙයක් තමයි මේ ඩයට් එක කරන අතරතුර ප්‍රධාන ආහාර වේල් වලට අමතරව ඔබ වෙනත් කිසිම දෙයක් හෝ සුලු කෑම වර්ග ආහාරයට නොගෙන ඉන්න එක.

උදෑසන ආහාරය

උදේ ආහාරය සඳහා ඔබ බිත්තර දෙකක් , තක්කාලි වැනි පිශ්ටය රහිත එළවලුවක් සහ කාබෝහයිඩ්‍රේට් අඩු මිදි වැනි පලතුරක් ආහාරයට ගත යුතුයි

දවල් ආහාරය සහ රාත්‍රී ආහාරය

දවල් ආහාරය සහ රාත්‍රී ආහාරය වශයෙන් පිශ්ටය රහිත එළවලු ආහාරයට ගත යුතු අතර එයට බිත්තර ,කුකුල් මස් හෝ මාලු වැනි ප්‍රෝටීන් ප්‍රභවයක් ඇතුලත් විය යුතුයි

අනුගමනය කල යුතු අනෙක් දේවල්

සාමාන්‍යයෙන් දිනකට ඔබට බිත්තර හයක ප්‍රමාණයක් ආහාරයට ගන්න පුලුවන්

මෙම ආහාර වේල් වලට අමතරව ඔබ ව්‍යායාම කරනවා නම් ,නැත්තම් ව්‍යායාම ලෙස ඇවිදිම ,පාපැදි පැදීම හෝ දිවීම වැනි ක්‍රියාකාරකම් වල යෙදෙනවා නම් ඔබට තවත් ප්‍රතිඵල ලබා ගන්නට හැකියාව තිබෙනවා

ඒ වගේම මේ ඩයට් එක අතරතුර ඔබ හොඳින් ජලය පානය කරන්නත් මතක තියාගන්න ඕනේ.ඒ වගේම පැණි රස රහිත තේ හෝ කෝපි ඇතුලු කැලරි රහිත පාන වර්ගත් ඔබට ලබා ගන්න පුලුවන්

Egg diet එක අතරතුර ඔබට ආහාරයට ගත හැකි දේවල් මොනවද ?

බිත්තර කහ මදය සහ සුදු මදය

ප්‍රෝටීන | සම රහිත කුකුළු මස් , මාලු

පිෂ්ටය රහිත එළවලු | නිවිති , බ්‍රොකලි , බෙල් පෙපර් , තක්කාලි

කාබෝහයිඩ්‍රේට් අඩු පලතුරු | ලෙමන් ,දෙහි , දොඩම් , කොමඩු, බෙරි , මිදි

මේද සහ තෙල් | පොල්තෙල් ,බටර් සහ මයෝනීස් වලින් ඉතාම කුඩා ප්‍රමාණ වලින්

බීම | ජලය , සීනි රහිත තේ සහ කෝපි

ඖෂධ පැලෑටි සහ කුලු බඩු | සුදු ළූණු , බැසිල්, කහ ,ගම්මිරිස් ,රෝස්මරී ,සිහින්ව කැපූ ළූණු

Egg diet එක අතරතුර ඔබ වැළකිය යුතු ආහාර මොනවද ?

පිෂ්ටමය එළවලු | අර්තාපල් , රනිල කුලයට අයත් බෝග , ඉරිඟු

කාබෝහයිඩ්‍රේට් ඉහල පලතුරු | කෙසෙල්, අඹ ,අන්නාසි

ධාන්‍ය | පාන් , පැස්ටා , බාර්ලි

සැකසූ ආහාර | බේකන් , ක්ශණික ආහාර , චිප්ස් , කුකීස් ,රස කැවිලි

පැණි රස බීම | සීනි සහිත තේ සහ කෝපි , පැණි බීම

පර්‍යේෂණ වලට අනුව සඳහන් වන්නේ මෙම අඩු කාබෝහයිඩ්‍රේට් සහ අඩු කැලරි සහිත ආහාර රටාවට අනුව සති දෙකක් තුල කිලෝග්‍රෑම් 11 ක් දක්වා බර අඩු කර ගත හැකි බවයි.එ වගේම එම සති දෙකෙන් පසුව ඔබ නැවත ඔබේ සාමාන්‍ය ආහාර රටාවට හුරු වනවා නම් අඩු කරගත් බර ප්‍රමාණය නැවත ඔබට ලබා ගත හැකි බවත් පර්‍යේශකයන් සඳහන් කරනවා.

සැලකිලිමත් විය යුතුම කරුණු

ඔබ යම් කිසි බෝනොවන රෝගයකින් හෝ ගැස්ට්‍රයිටිස් වැනි රෝග තත්වයකින් පීඩා විදිනව නම් මේ ඩයට් පෑල්න් පටන් ගැනීමට පෙර ඔබ අනිවාර්යයෙන් වෙද්‍යවරයෙක් ගෙන් විමසීමක් කර ඒ උපදෙස් අනුව කටයිතු කල යුතුයි.

මෙවැනි අදිවේගී බර අඩුකරන ඩයට් ප්ලැන් වලට වඩා ක්‍රමානුකූලව සිරුරේ බර අඩුකර ගැනීම සුදුසු බව වෙද්‍යවරුන් නිර්දේශ කරනව.

නමුත් සුවිශේෂී අවස්තා වෙනුවෙන් සූදානම් වන ඔබ හොද නීරෝගී සෞඛ්‍යය මට්ටමක් තිබෙන අයෙක් නම් මෙවැනි ඩය්ට් ප්ලෑන් අනුගමනය කිරීමෙන් සාර්ථක ප්‍රතිඵල ලබා ගත හැකියි. නමුත් මෙවැනි ඩය්ට් ප්ලෑන් අනුගමනය කරන ඔබට යම් රෝගී තත්වයක් ඇතිවුවහොත් වහාම වෙද්‍යවරයෙක් ගෙන් උපදෙස් ලැබීම අනිවාර්යයෙන් කලයුතුයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here