තෙල් ,කුණු බැඳී නිතර අපිරිසිදු වන සින්ක් ( sink ) එකට දීප්තිමත් පැහැයක් ගමු

0
1605

හොඳ ගෘහණියක් නිතරම තමන්ගෙ නිවසේ පිරිසිදුකම ගැන සැලකිලිමත් වෙනවා.මුලුතැන්ගෙය කියන්නේ නිවසක හදවත වගේ කොටසක් .ඔබේ ආදරණීයන් සියළුදෙනා වෙනුවෙන් පෝෂ්‍යදායි සහ සෞඛ්‍ය සම්පන්න ආහාර පිසින්නේ මේ මුළුතැන්ගෙයි. එනිසා එය පිරිසිදුව තිබීම අතිශයින් අතිශයින් ම වැදගත් . මුළුතැන්ගෙයි පිරිසිදුකම ගැන කතා කරද්දී අප කතා කළ යුතුම කොටසක් ගැන මේ ලිපියෙන් කතා කරන්න අපි හිතුවා.

මුළුතැන්ගෙයක් පිරිසිදු කරනකොට ඒ පිරිසිදු කිරීම් අවසානයේදී ඔබ අනිවාර්යෙන්ම පිරිසිදු කරන්න ඕන අංගයක් තමයි සින්ක් එක.ඒ කියන්නෙ සේදුම් බේසම. සින්ක් එකක බොහෝ වේලාවට තෙල් ,කුණු හෝ දැලි වැනි නොයෙකුත් අපද්‍රව්‍ය බැඳිලා තියෙන්න පුළුවන්.මේවා නිසියාකාරව පිරිසිදු කරන එක හිතන තරම් ලේසි පහසු කටයුත්තක් නෙමෙයි .

Sink එක පිරිසුදු කරන්නේ කොහොමද?

ඒ සඳහා ඔබට මේ දේවල් අවශ්‍ය වෙනවා

  • රබර් අත්වැසුම්
  • Scrubber එකක් හෝ brush එකක්
  • ස්පොන්ජ් එකක්
  • සේදුම් දියර
  • බේකිං සෝඩා
  • සුදු විනාකිරි
  • හයිඩ්‍රජන් පෙරොක්සයිඩ්
  • දෙහි
  • ලුණු

ඔබේ සින්ක් එක පිරිසිදු කරනකොට ඔබ ඒ අවටත් පිරිසිදු පිරිසුදු කරන්නට ඕනේ .ඒ නිසා sink එක පිරිසිදු කරන්න කලින් ඒ අවට තියෙන සබන් දියර බෝතල් , අත් සෝදන දියර බෝතල් ආදිය ඉවත් කරන්න . ඒ වගේම ඔබේ දෑත් වල ආරක්ෂාව සඳහා අනිවාර්යෙන්ම අත්වැසුම් පළඳින්න

මල නොබැඳෙන වානේ සේදුම් බේසමක් පිරිසිදු කරන්නේ මෙහෙමයි

මල නොබැඳෙන වානේ සේදුම් බේසමක් මළ බැඳීමට ඇති හැකියාව ඉතාම අඩු වුණත් සමහර ආම්ලික ආහාර වර්ග සහ බ්ලීච් වර්ග නිසා එයට හානි පැමිණෙන්නට හැකියාව තියෙනවා.ඒ නිසා බ්ලීචින් මත පදනම් වූ සේදුම්කාරක වෙනුවට බේකින් සෝඩා භාවිතා කරන්න

මුලින්ම ඔබේ sink එකට බේකිං සෝඩා ඉසින්න. මද උණුසුම් වතුරට සේදුම් දියර මිශ්‍රකර ස්පොන්ජ් එකකින් පොඟවා මධ්‍යම ප්‍රමාණයේ පීඩනයකින් යුතුව සින්ක් එකෙහි පැල්ලම් ඇති ස්ථාන සහ සින්ක් එක අවට දාර සියල්ලම මදින්න . අවශ්‍ය තරමට සබන් වතුර භාවිතා කරමින් පිරිසිදු කර ඉන්පසු පිරිසිදු වතුරෙන් සින්ක් එක සහ ඒ අවට සෝදා හරින්න .

සුදු පැහැති සේදුම් බේසමක් පිරිසිදු කරන්නේ මෙහෙමයි

සුදු පැහැති sink එකක ඇතිවන පැල්ලම් ඉතා ඉක්මනින් පෙනෙන නිසා එය ඔබේ මුළුතැන්ගෙයට එක් කරන්නේ අවලස්සනක්. ඒ නිසා එය දිනපතාම පිරිසිදු කිරීම අනිවාර්යයෙන් කළ යුතුයි .

සින්ක් එකේ සෑම තැනකටම බේකින් සෝඩා ඉස ඒ මතට හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් ඉසින්න . ඉන්පසුව scrubber එකක් හෝ බුරුසුවක් ආධාරයෙන් පැල්ලම් හොඳින් මැද ඉන්පසුව සින්ක් එකද හොඳින් මදින්න. පැල්ලම් සියල්ල හොඳින් ඉවත් වූ පසු පිරිසිදු වතුරෙන් සෝදා හරින්න .

පෝසිලේන් සේදුම් බේසමක් පිරිසිදු කරන්නේ මෙහෙමයි

මෙවැනි වර්ගයේ සින්ක් ද නිතරම පිරිසිදු කර තබා ගත යුතුය. දෙහි හෝ ලෙමන් බෑයක් මතට ලුණු ඉස එමගින් සින්ක් එකේ සෑම තැනක්ම හොඳින් අතුල්ලන්න . ඉන්පසුව සේදුම් දියර සහිත මද උණුසුම් වතුරෙන් ස්පොන්ච් එකක් පොඟවා සින්ක් එක නැවත අතුල්ලන්න . අවසානයට පිරිසිදු වතුරෙන් සින්ක් එක හොඳින් සෝදා වියලා ගන්න

එපමණක්ද ?

ඔබ පිරිසිදු කළ යුත්තේ සින්ක් එක පමණක් නොවේ. අනිවාර්යයෙන්ම ජල කරාමය ද ඔබ පිරිසිදු කළ යුතුයි. එය ප්ලාස්ටික් එකක් නම් ඔබට සාමාන්‍ය සේදුම් දියර වලින් සහ බ්‍රෂ් එකක් ආධාරයෙන් පිරිසිදු කළ හැකියි .

ඔබේ මුළුතැන්ගෙයි ජල කරාමය මල නොබැඳෙන වානේ හෝ ඇලුමිනියම් එකක් නම් ඔබට පරණ දත් බුරුසුවකට දන්තාලේප ස්වල්පයක් එකතු කර ජල කරාමය හොදින් මැද පිරිසිදු කළ හැක .

ඒ වගේම සබන් මිශ්‍ර වතුරට විනාකිරි ස්වල්පයක් එකතු කර බ්‍රෂ් එකක් ආධාරයෙන් ද ඔබේ ජල කරාමය පිරිසිදු කළ හැකියි .

සේදුම් බේසමෙහි ජල නලය හිර නොවන්නට නම්,

බේකිං සෝඩා කොටස් දෙකකට විනාකිරි කොටස් එකක් එකතු කර එය ක්‍රියාත්මක වන විට සින්ක් එකේ ඇති නලයට සෙමින් වක්කරන්න. ඉන්පසුව තවත් බේකිං සෝඩා ස්වල්පයක් හෙමින් ජලය මතට ඉස තවත් විනාකිරි කොටස් එකක් නලයට වක්කරන්න . විනාඩි පහලවක් එය එසේ තිබෙන්නට හරින්න .
ඉන්පසුව හොඳින් උතුරන වතුර සින්ක් එකට වක්කරන්න.එමගින් නලයේ ඉතිරිව ඇති අනෙක් සියලු අපද්‍රව්‍ය ද සේදී යනු ඇත .

ඔබේ මුළුතැන්ගෙයි සේදුම් බේසම පිරිසිදුව තබා ගන්න ඔබට මිල අධික කෘතිම රසායනික ද්‍රව්‍යම අවශ්‍ය වෙන්නේ නැහැ. මේ ලිපියෙ සදහන් කල ආකාරයට මුළුතැන්ගෙයි තියන අමුද්‍රව්‍ය වලින්ම ඔබට එය පහසුවෙන් පිරිසිදු කර ගන්නට පුළුවන් . ඉතින් මේ ලිපියෙන් ඔබට කිවූ විසඳුම් ඔබට වැදගත් වේවි කියල අපි හිතනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here