ෂාරුක් ඛාන්ගේ පුත්‍රයා ඉන්දීය මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ අත්අඩංගුවට

ජනප්‍රිය තලයේ සිටින බොහෝ බොලිවුඩ් තරු මෙන්ම ඔවුන්ගේ දුවා දරුවන් ගැනද වරින් වර නොයෙක් මාතෘකා ඔස්සේ කතා බහ වීම සාමාන්‍ය තත්වයක්.නමුත් මත්ද්‍රව්‍ය භාවිතාවන් පිළිබඳව ඇසෙන කතා නම් සැබවින්ම ඔවුන්ගේ රසික හදවත් වේදනාවට පත් කරන්නක්.

මේ ගැන බොලිවුඩයෙන් ළඟදීම ඇසුණු කතාව කින් ඛාන්ගේ පුතා ගැනයි.

ශාරුක් ඛාන්ගේ පුත් ආර්යන් ඛාන් ඉකුත් 03 වැනිදා ඉන්දීය මත්ද්‍රව්‍ය පාලන කාර්යාංශය (NCB) විසින් අත්අඩංගුවට ගත් බව ලොව පුරා සිටින කින් ඛාන් ගේ රසිකයින් කැළඹුව පුවතක් වුණා..

ඒ ආර්යන් ඇතුළු පිරිසක් 02 වැනිදා රාත්‍රියේ කෝඩේලියා කෘසස් නම් මගී නෞකාවේ පවත් වූ නීති විරෝධී මත්ද්‍රව්‍ය සාදයක් හේතුවෙනුයි.

මෙම නීති විරෝධී සාදය පවත්වා ඇති කෝඩේලියා කෘෘසස් නම් නෞකාව නතර කර තිබී ඇත්තේ මුම්බායි වෙරළආසන්නයේ වන අතර වැටලීමේදී හෙළි වූ සාක්ෂි අනුව ප්‍රබල මත්ද්‍රව්‍ය සැපයුම්කරුවකු ඊට සම්බන්ධ බවද අනාවරණය කර ගෙන තිබෙනවා.

FTV පූල් පාටි නම් එම සාදයට සහභාගි වූවන් ළඟ නීතිවිරෝධි මත්ද්‍රව්‍ය වර්ග ගණනාවක් තිබී ඇති බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

බොලිවුඩයේ සුපිරි තරු රැසක්ම මත්ද්‍රව්‍යට ලොල් ජීවිත ගත කරනවා. ඒ අතර සංජේ දත්, මනීෂා කොයිරාළ, සහ දිව්‍යා භාරතී වැනි අයත් ඒ අතර සිටිනවා.

මෙලෙස සුරූපී නළු නිළියන් ගේ මත්ද්‍රව්‍ය භාවිතාව පිළිබඳව බොහෝ කරුණු ලෝකයට නිරාවරණය වුයේ සුශාන්ත් සිං ගේ මරණයත් සමගයි. එහිදී හෙළිදරව් වූ කරුණු අතර දීපිකා පදුකෝන් ද මත්ද්‍රව්‍ය භාවිතා කරන බවට ආරංචි පැතිරීම කවුරුත් මවිත කරන කාරණයක් බවට පත් වුණා.

කෙසේ නමුත් මතට ඇබ්බැහි වූ මනිෂා කොයිරාළ වැනි සුරූපී නිළියන් එහි ආදීනව අත් විඳ මේ වන විට ඉන් සම්පුර්ණයෙන්ම මිදුණු බව ද පැවසෙනවා. ඒ ඇයට දරුණු ගණයේ පිළිකාවක් වැළඳුනු පසුවයි.

අසීමත ජනප්‍රියත්වයක් සහ ජීවිතයේ බොහෝ ඉසව් සාර්ථක කරගත් මෙවන් තරු කාලයත් සමග නොයෙක් අහිතකර පුරුදු වෙත යොමු වීම ඇත්තෙන්ම ඉතාම අවාසනාවන්ත තත්ත්වයක්.

Related Articles

Don't Miss


Latest Articles