සමාජයට අසම්මත ආදරයක් වූ සත්‍ය ආදරයක කතාව ශ්‍රීකාන්ත සහ රාජලක්ෂ්මි

0
859

“රාජලක්ෂ්මි බිමට නැඹුරු වී සීයාට වැන්දාය.ඔහු කලබල වී දෙපා ඉවතට ගත්තේය.” ආ හොඳයි හොඳයි. ජය වේවා ‘ ඔහු දොස්තර මහතා සමඟ කාමරයෙන් පිටව යද්දී මම රාජලක්ෂ්මි දෙස බැලුවෙමි .මට ඒ අවස්ථාවේ ඇගේ මුහුණේ පිළිබිඹු වූ හැඟීම් කිසිදා අමතක නොවේ. ඇය මට අයත් වස්තුවක් වුණත් ඒ බව කිසි දිනෙක පිටස්තර ලෝකයා දැනගත යුතු බව සිතා සිටියෙමිඑනමුත් එදින සිදුවූ දේනිසා එය ගමේ අයද දැනගනු ඇත මෙතෙක් කල් මගේ සිතේ සැඟවී පැවතිසැකය මට නිරන්තරයෙන් පීඩා දුන්නේය හදවතේ දොරගුළු හැර එය මටම විවෘතකර ගැනීමේ අවස්ථාව ලැබීම ගැන මම සතුටු වූයෙමි.

රාජ ලක්ෂ්මී ගල් ගැසුනාක්මෙන් ඔවුන් ගිය දෙස බලා සිට මා දෙසට හැරීසිනාසීමට නිරර්ථක ප්‍රයත්නයක යෙදුණාය.

ඔයා මොකටද ඔයා මගේ ස්වාමියා කියලා අඳුන්වලා දුන්නේ? නගරේ සින්දු කියන මං වගේ කෙනෙක් මේ අය ආයිත් කුලේට වැද්ද ගනියිද ? ඒ නැතත් මං කනවැන්දුම් වෙච්ච ගෑනියෙක්.වෙන කෙනෙකුව දැන් ඉන්න තත්වයෙන් ගොඩ ගන්න මට පුලුවන්ද ? මං…………

මේ උපුටා ගැනීම ශ්‍රීකාන්ත සහ රාජලක්ෂ්මි පොතෙන්. අපි කලින් ලිපියෙන් හඳුන්වා දුන්නේ ශ්‍රී කාන්ත, එහි දෙවන කොටස තමා ශ්‍රී කාන්ත සහ රාජ ලක්ෂ්මී කියන්නේ,මේ කොටසත් වංග බසින් සිංහලට පරිවර්තනය කරලා තියෙන්නේ චින්තා ලක්ෂ්මී සිංහ ආරච්චි කියන ඇති දක්ෂ පරිවර්තිකාව විසින්ම නිසා ඇයට සුපුරුදු අලංකාර භාෂා විලාශය මේ කෘතිය පුරාමත් දක්නට ලැබෙනවා. ඒ වගේම කලින් පොත වගේම එක හුස්මට කියවාගෙන යා හැකි කුතුහලයකින් සහ රසවත් භාවයෙන් පොත පිරී තිබෙනවා. එසේම මෙහි ශ්‍රීකාන්ත සේම ඔහුගේ ප්‍රේමයට පාත්‍ර වන රාජලක්ෂ්මිගේද චරිතයන් ප්‍රධාන චරිත බැවින් කතාන්දරය වඩාත් නැවුම් ආකාරයෙන් ඉදිරියට ගලාගෙන යනවා. අමානුෂික සමාජ නීති රීති හමුවේ අසාධාරණයට ලක්ව සිටින මිලියන ගණක කාන්තාව රාජලක්ෂ්මිය සමඟ අප ඉදිරියට ගෙනෙන්නට කතුවරයා සමත් වී සිටිනවා.විටෙක මේ මමද කියා ඔබ ඔබෙන්ම ප්‍රශ්න කරගනු නියතයි.

“ජිවිතයේ මට මුණගැසුණු ගැහැණු අතරින් මගේ සිතේ ගැඹුරු ලෙස සටහනක් තැබීමට සමත් වූ අයගෙන් එක් අයෙකු ලෙස කුශාරි මහතාගේ සොහොයුරාගේ විප්ලවකාරී බිරිඳ හැඳින්විය හැකිය. රාජලක්ෂ්මි නොසිටින්නට මට ඒ අපුරු ගැහැණිය හඳුනා ගැනීමට ඉඩ ලැබෙන්නේ නැත ඔවුන්ගේ අබලන් වූ නිවස අප සිටි නිවසේ සිට බලද්දී කෙලින්ම නෙත ගැටුණු නමුත් එවැනි විප්ලවකාරියක් තමාගේ සැමියා සහ පුතා සමඟ දුකසේ එහි ජිවත් වන බව අප දැන සිටියේ නැත”

ශ්‍රීකාන්තට හමුවන එවන් විශේෂිත, එසේම පැවති සමාජ ක්‍රමයට අභියෝග කිරීමට සමත් පෞර්ෂත්වයන්ගෙන් පිරිපුන් කාන්තාවන් රැසක් ශ්‍රීකාන්ත මෙන්ම ශ්‍රී කාන්ත සහ රාජලක්ෂ්මි කෘති දෙකෙන්ම අපට හමු වන අතර සමහර විට ඒ ඔබ හෝ මම විය හැකිය ,ඉතින් බාල හරසුන් ප්‍රකාශන, ටෙලි නාටක වලින් පිරුණු අප අවට පරිසරයට මේ වගේ පොතක් විශේෂ එකක් වන්නේ එහි ඇත්තේ සැබෑ ජීවිතය වීම නිසයි .ඔබ මනා රසිකත්වයකින් පිරිපුන් කෙනෙකු වනවා කියන්නේ ඉතා ඉක්මනින්ම ඔබේ දරුවන් ඔබ විශේෂ පුද්ගලයකු ලෙස, පොත් කියවන, රසයෙන් පිරිපුන් අම්මා කෙනෙකු ලෙස හඳුනා ගැනීමයි. ඉතින් ඔබේ පොත් රාක්කය පිරෙන්න පිරෙන්න ඔබේ පිරිපුන් බවද පිරී ඉතිරි යනු නිසැකයි. තව මාස කිහිපයකින් පැමිණෙන ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට ඔබ යන්න සිතාගෙන ඉන්නවනම් මේ පොතත් අනිවාර්යයෙන්ම ඔබේ පොත් ලැයිස්තුවට එක්කර ගන්න ,ඉදිරියේදී තවත් පොත් පත් රැසක් අපි හඳුනා ගනිමු.

“ඒ දඟකාර තරුණිය එදින රාත්‍රියේ පැමිණ හෙළුකඳුළුවල තෙත පැල්ලමක් ඒ වන විටත් මගේ හදවතේ කොනක නොවියලි පැවතිනඔවුන් දැන් කොහේ ඇද්දැයි මට නිතරම සිහි විය ඔවුන් ගංගා මාටියට නැවත ඉක්මනින් නොපැමිණෙනු ඇතැයි මම බලාපොරොත්තු වූයෙමි.

සැන්දෑ හිරුරැස් අප ඉදිරියේ වූ තැනිතලාවේදඑහි තිබුණු හුදෙකලා බට පඳුරේදසියඹලා ගස් මතද රන් පැහැයක් තැවරිය. මම රාජ ලක්ශ්මිට හොරෙන් ඇගේ මුහුණ දෙස බැලුවෙමි. ඇගේ දෙතොල් මත වූ සිනාව ඒ වනවිට මැකී ගොස් තිබුනේ නැත. හිරුගේ විසිරුණු ස්වර්ණ ප්‍රභාවෙන් ඇගේ සුපුරුදු සිනාමුසු මුහුණ දකිද්දී එය කිසියම් අපුර්ව බවක් පල කළේය.”

චම්මි