මිනිස් සංවේදනාවන් හසු කරගත් මේ අපූරු පොත කියවන්න, සංවේදී හදක උරුමකාරියක් වන්න

0
2486

“මානව සංහතියේ
නෙක නෙක කිලිටි කෙලෙසුන්
ස්වකීය දෑත් වලින්
සුදෝ -සුදට පවිත්‍ර කර දී
හිස් දෑත් බදාගෙන
හිතේ මොනවදෝ හිර කරගෙන
නිහඬවම මිය පරලොව ගිය
ඒ උසස් මිනිස් වර්ගයාට
භක්ත්‍යාදරයෙන් කෙරෙන
උත්තමාචාරය
මෙසේ සලකුණු වන්නේය ……..

මේ මහින්ද මස්ඉඹුල සිය සෙන්කොට්ටන් නවකතාව පුදදුන් ආකාරයයි .මේ නව කතාව ඇත්තටම එක හුස්මට ,කියවිය හැකි පොතක් .එසේම බොළඳ ප්‍රේම කතාවලින් ,හරසුන් නවකතා වලින් බැහැරව සැබෑ මිනිස් ගුණයෙන් යුතු මිනිසුන් ගැන කතාකරන නව කතාවක් කියල හඳුන්වන්න පුළුවන්.

“ එදා පැයූ රාස්සිගේ අවුව වීරප්පුලි හේනයාට මෙන්ම බබා හේනයාටද ඉතා අමුතුම දුක්බර එකක් විය .ජිවිතයේ පෙර කිසි කලෙක මෙවන් සැඳවක් ගත කර නොමැති බව විරප්පුලි හේනයාට කල්පනා විය .ඔහු සන්ද්‍යාව සමඟ ශෝකයෙන් මුසු වී ,ගෙට පහලින් ගලා යන දොළ පාරේ රෙදි අපුල්ලන ගල මත වාඩි වී උන්නේය .ඔහුගේ ඇඟට උණ ගතියක් වැනි අමුත්තක් ආරූඩ වී තිබේ .සිතද මහා හිස් බවකින් පිරී තිබිණි .සියලු කතා දන්නා පරිදි දොළ පාර ශෝකයෙන් කඩා හැලේ,තමා පමණක් නොව ,තමාගේ මවුපියන්ද උන්ගේ මවුපියන්ද මේ ජලයෙන් මේ ගල මත කොතරම් නම් අනුන්ගේ රෙදි හෝදා ඇද්ද ?”

ඒ මහින්ද මස්ඉඹුල ලේඛකයා සිය සෙන්කොට්ටන් නවකතාවේ එක් සොඳුරු චරිතයක් වූ විරප්පුලි හේනයාගේ සිතුවිලි සිත්තම් කල ආකාරය,ඉසියුම් මිනිස් සන්වේදනාවන් වලින් පිරිපුන් කෘතහස්ත කෘතියක් ලෙස සෙන්කොට්ටන් හඳුන්වා දිය හැකි අතර ,එය ඔබ මෙතෙක් කියවා නොමැතිනම් ඔබේ පොත් රාක්කයට අනිවාර්යයෙන්ම එකතු විය යුතු පොතක් ලෙසත් හඳුන්වා දෙන්න පුළුවන් ,

ලේඛකයා සිය පොත පිලිගන්වන්නේද විරප්පුලි හේනයා ප්‍රමුඛ සමාජයේ කිලිටි සෝදා එහෙත් ,සමාජයේ අනේක කෙනෙහිලිකම් වලට ලක්වූ ,ලක්වන ,මිනිස් වර්ගයාටම වීම විශේෂයක් .

“මේ රිදී විට පැත්තේ ඉන්න රදා පැටවෙක් මයේ එකා ඉන්න බංකුවේ එකට වාඩි කරවන්න ….! මොකටද මයේ කට! අපි වැදගත් මිනිස්සු …………………

මේ පුංචි පැටියෙකු ගේ පාසැල් ගමන කුලය නිසා නවතාලු වැදගතෙකු සෙන්කොට්ටන් තුලින් මතුවූ අවස්ථාවක්

ඔබ කාන්තාවක් ,අම්මා කෙනෙක් ,සාහිත්‍ය ඔබව මිනිසත් හැඟීම් වලින් පොහොසත් කරනවා .ඔබේ මිනිසත් බව , විවෘත ඇසින් සමාජය දෙස බැලීමට හැකිවීම ඔබේ දරුවාට ඔහුගේ දිවිය තුල නවමු මං පෙත් රැසක් විවර කර දීමට සමත් වනවා ,ඉතින් මේ සතියේ මම ආරාධනා කරනවා ,සෙන්කොට්ටන් සමඟ මිනිස් සන්වේධනාවන් හඳුනා ගැනීමට එන්න කියලා .

චම්මි