මවගේ පෙම්වතා අතින් අපයෝජනයට පත් වී මිය ගිය සිඟිති සුරඟන.

Faviola Rodriguez නම් සිඟිති දියණිය ඇගේ මවගේ පෙම්වතාගේ රැකවරණය යටතේ හිඳියදී මිය යන්නේ දෙහැවිරිදි වියේදී.ඇගේ මව වූ Saundra Gonzales පවසන අන්දමට 2018 සැප්තැම්බර් 5 වැනිදා රාත්‍රියේ ඇය රැකියාවට යද්දී දියණිය නිදා සිට තිබෙනවා.ඒ ඇය දියණියව ජීවතුන් අතර දුටු අවසන් අවස්ථාව වනවා.හය වැනිදා අලුයම ෆාවි හුස්ම නොගත් නිසා නිවසට පොලිසිය පැමිණෙනවා.ඉන්පසු ප්‍රාදේශීය වෛද්‍ය මධ්‍යස්ථානයට ෆාවි ගෙන ගියත් ඇය මිය ගොස් අවසන්.

දැරියගේ සිරුරේ තැලීම් වලට අමතරව හිසට මොට ආයුධයකින් පහර දී තිබූ බව පරීක්ෂණ වලින් අනාවරණය වුණා.මවගේ පෙම්වතා වූ කැස්තිලෝ හට ළමා අපචාර චෝදනාවක් එල්ල වූවා.එය මරණ දඬුවමට හේතු වන අතර ඒ තීන්දුව ලැබෙන තුරු ඔහු බන්ධනාගාර ගතව පසු වෙනවා.

ෆාවීගේ මව,පියා සහ මිත්තණිය පවසන අන්දමට ඇය ඉතා සුරතල් සහ ආදරණීය දැරියක වනවා.චොකලට් කිරි බොන්නට ප්‍රිය කළ,සීයා සමඟ එක් වී අත්තම්මා බියපත් කළ දඟකාර ෆාවි ටින්කර්බෙල් බලන්නටත් බාර්බි කතා මාලාව බලන්නටත් වඩා ප්‍රිය කළ සිඟිත්තියක්.නමුත් ඇගේ ආදරණීය සුරතලය ඉතා ඉක්මනින් අවසන් වුණේ මෙක්සිකෝවේ පැතිර ඇති ළමා අපචාර රැල්ලේ තවත් ගොදුරක් බවට ෆාවිද පත් කරමින්.

දස හැවිරිදි වික්ටෝරියා,නව හැවිරිදි ඔමරී,අට හැවිරිදි ගේබ්‍රියල්,මාස 21 වයසැති මරියානෝ මාස දහහතරක ජේඩන් වැනි නම් බොහොමයක් පවුලේ සාමාජිකයන් අතින් අපයෝජනයට ලක් වූ මෙක්සිකානු දරුවන් වනවා.

Vanessa Beaza නම් සමාජ සේවිකාව පවසන ලෙසට මෙවැනි ළමා අපචාර දැන් බහුලයි.බ්‍රියානා ලෝපේස් නම් මාස පහක දැරියක් පවුලේ සාමාජිකයන් අතින් දරුණු ශාරීරික සහ ලිංගික අපචාරවලට ලක් වී මිය යන්නේ ඇයට මාස පහක් වයසේදී. Baby brianna මෙක්සිකෝවේ ළමා අපචාර නීති දැඩි කිරීමේ සංකේතය වන්නේ ඉන්පසුවයි.මෙවැනි දුක්ඛිත මරණ බොහොමයක් අතරට කුඩා ෆාවිද එක් වන්නේ අතිශය අවාසනාවන්ත ලෙසට.

නිව් මෙක්සිකෝවේ Las Cruces හි Masonic සුසාන භූමියේ පිහිටි ෆාවිගේ සොහොනෙන් මිනිසුන් යම් යම් දෑ සොරකම් කිරීම සම්බන්ධයෙන් ඇගේ මව වූ Saundra Gonzales හට ගැටළු ඇති වෙන්නේ ටික කලකට පසුවයි.සෙල්ලම් බඩු සහ පෞද්ගලික බඩු බාහිරාදිය අස්ථානගත වෙන්නට පටන් ගත් නිසා සුසාන භූමිය ගැන විමසිල්ලෙන් සිටින ලෙස එහි බලධාරීන්ගෙන් සැන්ඩ්‍රා ඉල්ලා තිබෙනවා.

කුඩා Faviola ගේ සොහොන අසලම තවත් තරුණයකුගේ සොහොනක් තිබෙනවා.ඒ පවුලේ අය තම දරුවාගේ සොහොනට කැමරාවක් සවි කරන්නේ ඒ තරුණයා මිනීමැරුමක් නිසා මිය යාම හේතුවෙන්.ඔහුගේ මිනීමරුවා තවමත් නිදැල්ලේ සිටින නිසා ඔහු තරුණයාගේ සොහොනට අලාභහානි කරන බවට පවුලේ උදවියට සැක සංකා තිබුණා.ඔවුන් නිතරම ඉන් ලබා ගන්නා දර්ශන පරීක්ෂා කලා.ඔවුන් හදිසියේ කලබල වන්නේ මධ්‍යම රාත්‍රියේ දී සොහොනේ සැරිසරන කුඩා දැරියකගේ ඡායාරූප එහි සටහන් වීම නිසා.ඒ අතරමං වූ දැරියක්දැයි විමසන්නට ඔවුන් සොහොන් බිමේ බලධාරීන් වෙත යනවා.

මේ පවුලේ උදවියට සුසාන භූමියේ සේවකයෙකු “මම මේ දැරියව දන්නව” යැයි පවසන අතර ඔහු ඊළඟ දවසේ Saundra Gonzales ව ඔවුන්ට මුණ ගස්වනවා.
වික්ෂිප්ත වූ කැමරා දර්ශන හිමිකරුවන්ට සැන්ඩ්‍රා හඬමින් පවසා තිබුණේ “ඔය මගේ දුව බව මම දන්නවා”යන්නයි.

ඒ කැමරාවට අසු වූ ඡායාරූප ඇත්තෙන්ම ඉතා පුදුම සහගත බව නොකියාම බැහැ.සැරිසරන කුඩා දැරියගේ ඡායාරූප කිහිපයකට පසු එහි සටහන්ව තිබුණේ ඇය උස තරුණයෙකුගේ අත අල්ලාගෙන කැමරා දර්ශන වලින් ඉවතට යන ආකාරයයි.

මගේ දුව ඔබේ පුතාව ස්වර්ගයට රැගෙන යන්නට ඇති..” සැන්ඩ්‍රා තරුණයාගේ පවුලේ අයට පවසා තිබෙනවා.

“ඔවුන් දෙදෙනාටම ඔවුන්ට සිදු වූ දේවල් පිළිබඳ ඛේදජනක කතාවක් ඇති බවයි මම අදහස් කළේ, ඔවුන් දෙදෙනාටම තවමත් යුක්තිය ලැබී නෑ. ඉතින්, මම හිතන්නේ ඇය අනිවාර්යයෙන්ම ඔහුව සනසන්න සහ ඔහුව ස්වර්ගයට ගෙන යන්න බලාගෙන හිටියා.”

සැන්ඩ්‍රා තම දියණිය ගැන පවසන්නේ එවැනි කතාවක්.

ළමා අපචාර සහ සමහර ඝාතන වලට යුක්තිය ඉටු නොවන ලෝකයක වින්දිතයන් ස්වර්ගයේදී හෝ සැනසීම ලබා ගන්නා බව සිතීම අපිට සහනයක්.නමුත් සැබෑවටම විය යුත්තේ ඔවුන්ට සැබෑ ලෝකයේ දී යුක්තිය ඉටු වීමයි.

Related Articles

Don't Miss


Latest Articles