අන්නාසි කියන්නේ බොහෝ දෙනා ප්‍රිය කරන පළතුරක්. මේ අන්නාසි අන්නාසි වලින් අතුරුපස වර්ග බොහෝමයක් හදාගන්න පුළුවන්.අද අපි ඔබට කියන්නේ අන්නාසි වලින් හදාගන්න පුළුවන් රසවත් අතුරුපස කිහිපයක් ගැන
Pineapple upside down pan cake

අවශ්‍ය වෙන්නේ මේ දේවල්
- පාන් පිටි කෝප්ප 1 1/2
- බේකින් පවුඩර් තේ හැඳි 3
- ලුණු තේ හැඳි 1
- සීනි මේස හැඳි 1
- ෆ්‍රෙශ් මිල්ක් කෝප්ප 1 1/4
- බිත්තර 2
- දිය කරගත් බටර් මේස හැඳි 3
- පෙති කපාගත් අන්නාසි
හදන්නෙ මෙහෙමයි
මුලින්ම වියලි ද්‍රව්‍ය සියල්ල එකට මිශ්‍ර කර ගන්න
ඉන්පසුව එයට කිරි, බිත්තර සහ බටර් එකතු කර හොඳින් බ්ලෙන්ඩ් කරගන්න.
නන්ස්ටික් පෑන් එකක් ලිප තබා බටර් ස්වල්පයක් එකතු කර රත් වෙන්න හරින්න
දැන් සාදාගත් පෑන් කේක් මිශ්‍රණයෙන් ටිකක් පෑන් එකට දමා ගන්න
පෑන් කේක් එක උඩින් බුබුළු මතුවන විට ඒ මත අන්නාසි පෙත්ත තබා අන්නාසි පෙත්ත උඩින් සීනි ස්වල්පයක් ඉසගෙන පෑන් කේක් එක අනික් පැත්ත හරවා ගන්න. රන්වන් පැහැ වනතුරු පිසගන්න.
Pineapple coconut cream dessert

අවශ්‍ය වෙන්නේ මේ දේවල්
- කුඩාවට කපාගත් අන්නාසි කෝප්ප 1
- විපින් ක්‍රීම් කෝප්ප 1
- පොල්කිරි 1 1/
- මිල්ක්මේඩ් කෝප්ප 1/2
- සීනි ග්‍රෑම් 50
- රෝස්ට් කරගත් පොල්
හදන්නේ මෙහෙමයි
මුලින්ම භාජනයක් ගෙන එයට විපින් ක්‍රීම් එකතු කර හොඳින් හොදින් බීට් කර ගන්න.
හොඳින් බීට් වූ විපින් ක්‍රීම් වලට පොල්කිරි එකතු කර නැවතත් හොඳින් බීට් කරගන්න
දැන් එයට මිල්ක්මේඩ් එකතු කර නැවතත් හොඳින් බීට් කරගන්න.
ඉන්පසුව පෑන් එකකට චොප් කර ගත් අන්නාසි සහ සීනි එකතු කර අන්නාසි ස්ටූ එක සකස් කරගන්න
ඩෙසර්ට් කප් ගෙන කලින් සකස් කරගත් විපින් ක්‍රීම් මිශ්‍රණයෙන් ස්වල්පයක් එකතු කර ගන්න.ඉන්පසුව ඒ මතට කලින් සදා ගත් අන්නාසි මිශ්‍රණය එකතු කර ගන්න. නැවත විප් ක්‍රීම් මිශ්‍රණයෙන් තවත් තට්ටුවක් දා ගන්න.
අවසාන තට්ටුව ලෙස රෝස්ට් කර ගත් පොල් ඉසින්න
Pineapple pudding

අවශ්‍ය වෙන්නේ මේ දේවල්
- අන්නාසි ගෙඩි 1
- කුඩා ප්‍රමාණයේ මිල්ක්මේඩ් ටින් 1 ක්
- සීනි මේස හැඳි 6
- ජෙලටීන් මේස හැදි 1
- වැනිලා ස්වල්පයක්
හදන්නේ මෙහෙමයි
මුලින්ම අන්නාසි ගෙඩියේ පොතු හැර කුඩා කැබලි වලට කපා ගන්න
ඉන්පසුව එය සීනි සමඟ පෑන් එකකට එකතු කර ස්ටූ එක සකස් කරගන්න
දැන් ජෙලටීන් ටික උණු වතුරෙන් හොඳින් දිය කර ගන්න
මිල්ක්මේඩ් පින් එක පෑන් එකකට එකකට එකතු කර , එම ටින් එක ප්‍රමාණයටම වතුරද එකතුකර හොදින් මිශ්‍ර කර ගන්න
ඉන්පසුව එයට ජෙලටීන් එක් කරන්න
ස්ටූ කරගත් අන්නාසි සහ රත් කරගත් කිරි මිශ්‍රණයන් හොදින් නිවෙන්න තබන්න
ඉන්පසු මේ මිශ්‍රණ දෙකම එකට මිශ්‍ර කර එයටම වැනිලා එකතු කර ශිතකරණයේ තබා පිළිගන්වන්න