Nail polish ආලේප කිරීමට පෙර ඔබ දැනගත යුතු කරුණු

ලස්සන නිය කාන්තා රුවට ආභරණයක්. නිය ආලේපන ගැල්වීම කාන්තාවන් අතර ඉතාමත්ම ජනප්‍රිය විලාසිතාවකි. අඳින ඇඳුමේ වර්ණයට අනුව බොහෝ තරුණියන් නිය ආලේපන ගැල්වීමට උන්නදුවක් දක්වයි.

දෛනික ව මෙන් සතියකට වරක් හෝ නව වර්ණයක් ආලේප කිරීමට බොහෝ දෙනෙක් හුරු ව සිටී. එසේම තව පිරිසක් ආලේප කර ගත් නිය ආලේපන ඉවත් කිරීමට මැලිකමක් දක්වයි. එය ශරීරයට අහිතකර ක්‍රියාවකි. එසේ ම නිරතුරුව නිය ආලේපන ගැල්වීමේ දී ඒවා ඉවත් කිරීමට සිදු වෙයි. එහි දී නිය ආලේපන ඉවත් කිරීමට යොදා ගනු ලබන රසායනික ද්‍රව්‍ය ද ශරීරයට හිතකර නොවේ. නිකමට සිතා බලන්න. ඔබ ගල්වන නිය ආලේපන කොතරම් වර්ණවත් ද? එසේ නම් එම තද පැහැති වර්ණ ඉවත්වන වේගය කොපමණ ඉක්මන් ද? එමගින් ඔබේ නියපොතු අප්‍රාණවත් වෙයි. අවපැහැ ගැන්වෙයි.

ශරීරයට බලපෑම් ඇති කරවන අහිතකර රසායනික ද්‍රව්‍ය නිය ආලේපනවල අන්තර්ගත බවත් එවැනි අහිතකර රසායනික ද්‍රව්‍යවලට නිරාවරණයවීම හේතුවෙන් වඳභාවයේ සිට පිළිකා දක්වා වූ නොයෙක් අහිතකර තත්ත්ව ඇති විය හැකි බවත් විද්‍යාඥයෝ සොයාගෙන ඇත.

පිළිකා ඇති කරන සෝමැල්ඩිහයිඩ් වැනි සංයෝග ද හෝමෝනවලට බලපෑම් ඇති කරන වෙනත් අහිතකර රසායනික ද්‍රව්‍ය ද නිය ආලේපනවල අන්තර්ගත බව ඔවුහු සඳහන් කරති.

එනිසා නිතර nail polish ආලේප කිරීමට පෙර වඩාත් සැලකිමත්වීම වඩාත් වැදගත්.

– කල්හාරී –

Related Articles

Don't Miss



Latest Articles

සුහදිනි -75

ලෝක කුසලාන තරග ඇරඹිණ.සකීට මුල් තරග කිහිපය මග හැරෙන බව ඇය දැන සිටියා ය.නමුත් වෙනදා මෙන් සිහින නොපෙනෙන අහස් ගැන ඕනෑවට වඩා...

(අ) හිමි සිහින -229

පැමිණිල්ලේ නීතිඥයා කතාකල පසු එයට උත්තර බැඳීමට අපට අවස්ථාව ආවා.එවිට එතෙක් මා රැගෙන ගිය ලිපිගොනු සියල්ල එකින් එක පොලිස් ස්ථානාධිපතිවරයාට පෙන්වමින් මගේ...

නිබ්බුත ගීත -24

ගේට්ටුවෙන් ඇතුලු වත්දී ම අප පිළි ගත්තේ දණක් උසට වැවුණ තණ කොළ හා වල් පැළෑටි වර්ග ය. කාලයකින් මේ බිමට මිනිස් දෙපා...

අවුරුදු 55 දී IVF තාක්ෂණය භාවිතා කර සිහිනය සැබෑ කරගත් අම්මා

කෙලී ක්ලාක් සිය ජීවිතය ගත කළේ මතකයන් ගොඩනඟා ගැනීමට සහ විවිධ වෘත්තීය අරමුණු සාක්ෂාත් කර ගැනීමටයි. ඇය ගුවන් තොටුපළ පර්යන්ත කළමනාකරුවෙකු ලෙස...

සුහදිනි -74

සකී අහස්ගේ නිවසට ගියේ නිම්නා ද සමඟ ය.හිමිදිරි පාන්දර අහස්ගේ නිවසට යද්දී ඔහු අවදිව වූවා පමණකි.සකී රැගෙන යන්නට එන බවට පිළිණ දුන්නාට...