අඩු අමුද්‍රව්‍ය ප්‍රමාණයකින් රසවත් අතුරුපස කිහිපයක් හදමු

මේ කාලයේ කෑම බීම හදන්න වෙන්නේ ගෑස් සහ විදුලිය අවමව භාවිතා කරලා. ඒ වගේම අඩු අමුද්‍රව්‍ය ප්‍රමාණයකින් හදන කෑම වර්ග තමයි දැන් අපි සෑදිය යුතු වන්නේත්.කඩ කෑම කොහොමත් මිල අධික නිසා අමුද්‍රව්‍ය අඩු ප්‍රමාණයකින් සකසන කෙටි කෑම සහ අතුරුපස ගෙදරදීම සකසා ගන්න පුලුවන් නම් අපූරුයි නේද?

අද අපි කියන්නේ Microwave Oven එකකින් සාදා ගත හැකි රෙසිපීස් කිහිපයක් ගැනයි.

Microwave Rice Pudding

අවශ්‍ය ද්‍රව්‍ය

  • කිරි 250ml
  • බිත්තර 1
  • කුඩු කරගත් සීනි තේ හැදි 2
  • ලුණු ටිකක්
  • වැනිලා තේ හැන්දක්
  • කුරුඳු කුඩු තේ හැදි 1/4
  • පිසගත් හාල්

සාදා ගන්නා ආකාරය

  • කිරි,බිත්තර,සීනි,ලුණු සහ කුරුඳු කුඩුත් වැනිලා ත් එකට මිශ්‍ර කරන්න.
  • ඒ මිශ්‍රණයට බත් එකතු කරමින් ගෑරැප්පුවකින් මිශ්‍ර කරන්න
  • Microwave Mug එකකට දමා මිනිත්තු හයක් පමණ බේක් කරන්න

Microwave Mug Chocolate chip Cookies

අවශ්‍ය ද්‍රව්‍ය

  • පිටි ග්‍රෑම් 25
  • සීනි ග්‍රෑම් 20
  • ලුණු ස්වල්පයක්
  • වැනිලා ස්වල්පයක්
  • බේකින් පවුඩර් තේ හැදි කාලක්
  • දියකර ගත් බටර් ග්‍රෑම් 15
  • බිත්තරයක්
  • චොකලට් චිප්ස් තේ හැඳි බාගයක්

සාදා ගන්නා ආකාරය

  • මෙහි විශේෂත්වය තමයි මේ කුකීස් ඔබට විනාඩියකින් හදන්න පුලුවන්.
  • සියල්ල මිශ්‍ර කර මග් එකට දාගන්න
  • විනාඩියක් මයික්‍රොවේව් අවන් එකේ තබා පිසගන්න

Banana Bread

අවශ්‍ය ද්‍රව්‍ය

  • කෙසෙල් ගෙඩියක්
  • බිත්තරයක්
  • ආමන්ඩ් පිටි හෝ කේක් පිටි
  • චොකලට් චිප්ස්

සාදා ගන්නා ආකාරය

  • කෙසෙල් ගෙඩිය ගෑරුප්පුවකින් අනිමින් චොප් කරගන්න
  • බිත්තරය එක් කර කලවම් කරගන්න
  • පිටි එකතු කරමින් කලවම් කරන්න
  • මයික්‍රොවේව් මග් එකකට මිශ්‍රණය දමා උඩින් චිප්ස් ඉසින්න
  • විනාඩියක කාලයක් උදුනේ තබා ගන්න.

ඉතා කෙටි කාලයකින් උදුනේ බේක් කරගත හැකි නිසා මේ රෙසිපීස් විදුලිය ඉතිරියටත් කදිමයි නේද?

Related Articles

Don't Miss


Latest Articles