සංවේදී සමකට ගැළපෙන Skincare Routine එකක් නිවැරදිව කරමු

සංවේදි සමක් සහිත යුවතියන් රූපලාවණ්‍ය සත්කාර වලදී දැඩි අපහසුතා වලට ලක් වීම සාමාන්‍යයෙන් සිදු වෙන දෙයක්.එයට හේතුව ඔවුන්ගේ සම නිතරම ආසත්මිකතාවයන් වලට ලක් වෙන නිසා.මේ වගේ සමකට Skincare Routine එකක් නිවැරදි ලෙස කරන ආකාරය ගැන අපි අද කතා කරමු.

සංවේදි සමක් යනු?

සංවේදී සමක් කියන්නේ සමහර රූපලාවණ්‍ය සත්කාර ප්‍රතික්ෂේප කරන ප්‍රමාණය වැඩි සමකටයි.මේ ආකාරයේ සමක් නිතරම අසාත්මික වීම් වලට ගොදුරු වෙනවා.

සංවේදී සමක ලක්ෂණ.

බිබිලි හට ගැනීම

ස්පර්ශ කළ පමණින් රත්පැහැ වීම

කැසීම්වලට ලක් වීම

Acne හට ගැනීම

කුරුලෑ හට ගැනීම

අව්වට නිරාවරණය වීමට නොහැකි වීම.

සංවේදී සමකට ගැළපෙන ආලේපන

සංවේදී සමකට පාවිච්චි කළ යුතු වන්නේ සුවඳකාරක රහිත,ඇල්කොහොල් සහ රසායනික අඩංගු නොවන ද්‍රව්‍ය වලින් සකසා ගත් රූපලාවණ්‍ය නිෂ්පාදනයි.Heavy scrub,Heavy sun cream,Heavy toner ආදිය සංවේදි සමකට ගැලපෙන්නේ නැහැ.ඒවාගේම සුවඳරහිත ටිෂූස් පාවිච්චි කරන්නට වග බලා ගත යුතුයි.

ක්ලෙන්සර් සහ ස්ක්‍රබ් තෝරා ගැනීමේදී කෝමාරිකා ජෙල් ආදිය වඩාත්ම සුදුසු වෙනවා.එය සමට වඩාත් ගැළපෙනවා.ඇක්නි, පිම්පල් සමේ පවතිනවා නම් ඒවා ඉක්මනින් සුව වෙනවා.

Moisturizer එකක් තෝරා ගැනීමේදී ක්‍රීම් හෝ ලෝෂන් නොවන රසායනික ද්‍රව්‍ය අඩංගු නොවන, මෘදු සීරම් එකක් පාවිච්චි කරන්න.
සීරම් එකක් ආලේප කරද්දී ආසාත්මික වෙනවාද යන්න ගැන ඉක්මනින් දැන ගන්නට හැකියාව තිබෙනවා.විටමින් සී අඩංගු සීරම් මෙවැනි සමකට වඩාත් ගැළපෙනවා.

කැරට් වැනි දෑ අඩංගු පැක් වර්ග සංවේදි සමකට වඩාත් ගැළපෙනවා.

සංවේදී සමට ගැළපෙන පැක් එකක්.

අවශ්‍ය ද්‍රව්‍ය 

කැරට් 
කහ ලෙමන්
කෝමාරිකා 
කස්තුරි කහ 

සාදා ගන්නා ආකාරය

කැරට් බ්ලෙන්ඩ් කර ලෙමන්,කස්තුරි කහ සහ කෝමාරිකා මිශ්‍ර කර සමේ ආලේප කරන්න.

මේ පැක් එක සමඟ කෝමාරිකා හෝ පිපිඤ්ඤා යුෂ ක්ලෙන්සර් එකක් ලෙස භාවිතා කරන්න පුලුවන්.ලෙමන් විෂ බීජ නාශකයක්. මැරුණු සම ඉවත් කරන්නට හේතු වනවා.

සංවේදි සමකට ගැලපෙන ස්‍ක්‍රබ්

කැරට් සහ කඩල පිටි ස්ක්‍රබ්

අවශ්‍ය ද්‍රව්‍ය 

කැරට්
කඩල පිටි ස්වල්පයක්

කැරට් බ්ලෙන්ඩ් කරගෙන කඩල පිටි ස්වල්පයක් මිශ්‍ර කර මුහුණ හොඳින් ස්ක්‍රබ් කරන්න

ලෙමන් සහ සීනි ස්ක්‍රබ්

ලෙමන්  
ග්‍රයින්ඩ් කළ සීනි

ලෙමන් යුෂ වලට සීනි ග්‍රයින්ඩ් කර මිශ්‍ර කරගන්න.මුහුණ හොඳින් ස්ක්‍රබ් කරන්න.

මේ සෑම රූපලාවණ්‍ය සත්කාරයක්ම එක්වරක් කර එය ආසත්මිකතාවයන් ඇති කරන්නක් දැයි විපරමෙන් සිටීම වැදගත්.

තොරතුරු සැපයීම – රූපලාවණ්‍ය ශිල්පිනී මධූ ජයවීර 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here