මානෙල් නැටි ව්‍යාංජනයක් හදමු ද?

0
171

ආහාර අපතේ නොයවා උපරිම ප්‍රයෝජන ගැනීම මේ කාලයේ කළ යුතුම දෙයක්.අතිශය අසීරු කාලයක් පහු කරමින් ඉන්න අපි ගෘහනියන් ලෙස නිතරම අරපිරිමැස්මෙන් කටයුතු කරන්නටම ඕනෑ.ඉතින් වෙනදා අපතේ යැවූ ආහාර කොටස් වලින් රසවත් ආහාර පිළියෙළ කරගන්නා ආකාරය තමයි අද ඔබට කියන්නේ.

අළු කෙසෙල් පොතු මැල්ලුම

අවශ්‍ය ද්‍රව්‍ය 

සෝදා හීනිවට කැපු අලුකෙසෙල් පොතු

සෝදාගත් හාල් මැස්සන් ටිකක්

සුදු ළූනු

ගම්මිරිස් 

අඹරාගත් පොල්

රස අනුව ලුණු,

කහ,

රම්පේ සහ කරපිංචා

ළූනු

අමු මිරිස්.

තෙල් ස්වල්පයක්

සකස් කරන ආකාරය:

මුලින්ම හාල්මැස්සන් බැද ගන්න

ඉන්පසු එයට අලුකෙසෙල් පොතු එකතු කරන්න.

ඉන්පසු පොල් හැර අනික් සියල්ල එයට දමා තැම්බෙන්න තියන්න.

තැම්බුණු පසු අඹරාගත් පොල් දමා හොඳින් කවලම් කරන්න

මඳගින්නේ තැම්බෙන්නට තබා ලිප නිවා ගන්න.

මානෙල් මල් නැටි ව්‍යාංජනය

අවශ්‍ය දේවල්:

මානෙල් මල්වල නැටි කිහිපයක්.

ලොකු ළූණු 

සුදු ළූණු

කූනිස්සන් ස්වල්පයක්

රම්පෙ 

රස අනුව ලුණු 

ගොරකා කැබැල්ලක්

තෙල් ස්වල්පයක්

පොල් කිරි 

කෑලි මිරිස්

අමු තුනපහ කුඩු

සාදාගන්නා ආකාරය:

කහට ගතිය නැති වීම සහ පිරිසිදු වීමට මානෙල් මල් නැටි උණුසුම් ලුණු වතුරෙහි මඳ වෙලාවක් තබන්න.

ඉන්පසු ඒවා සිහින්ව ලියා ගන්න

ළූණු සහ සුදු ළූණු ද සිහින්ව ලියා ගන්න.

භාජනයකට තෙල් දමා රත් කර ළූණු බැද ගන්න.

ඉන්පසු මානෙල් මල් නැටි බැද ගන්න.

ලුණු,කෑලි මිරිස්,තුනපහ,රම්පෙ සහ ගොරක එකතු කර කූනිස්සන් එකතු කරන්න.

පියනකින් වසා තම්බා ගන්න.

තැම්බුණු පසු පොල් කිරි එකතු කරන්න

මඳ ගින්නේ පිස ගන්න.

නිවිති කොළ බැදුම

අවශ්‍ය දේවල්:

නිවිති කොළ

කඩල පිටි මේස හැදි 1

මිරිස් කුඩු තේ හැදි 1

ගම්මිරිස් කුඩු ස්වල්පයක්

ලුණු

කහ කුඩු තේ හැදි 1/4

කඩල පිටි කෝප්ප 1

බේකින් පවුඩර් තේ හැදි 1

වතුර

තෙල්

අවශ්‍ය දේවල්:

කඩල පිටි, බේකින් පවුඩර්, කහ කුඩු, මිරිස් කුඩු, ගම්මිරිස් කුඩු, ලුණු සහ වතුර දමා හොඳින් මිශ්‍ර කර ගෙන ඝනකම් බැටර් 1ක් සාදා ගන්න.

දැන් තෙල් ටික තාච්චියකට දමා හොඳින් රත් කර ගන්න.

පසුව නිවිති කොළ ගෙන බැටරයේ දවටා ගෙන ගැඹුරු තෙලේ රන්වන් පාට වනතුරු බැද ගන්න.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here