පෙම්වතා මරා එළවළු සමඟ පිසූ ගැහැනියක්

කෙනෙකුගේ හිසට අමානුෂික ලෙස පිහියෙන් ඇන, හම කපා, හිස කපා දමා එය බඳුනක පිසගෙන  එළවළු කිහිපයක් සමඟ පිඟානක තැබූ විකෘති වූ මිනීමරුවෙකු ගැන ඔබ සිතන්නේවත් නෑ නේද?

එවැන්නන් ඉන්නේ හොරර් ශානරයට අයිති චිත්‍රපටියක පමණක් බව ඔබ සිතාවි. නැහැ.මේ එවැනි සත්‍ය කතාවක්. වසර විසි ගණනකට පෙර  ඉතිහාසයේ බිහිසුණුම අපරාධයක් සිදු වූයේ කුඩා ඕස්ට්‍රේලියානු නගරයක් වන Aberdeen හි එවැන්නක් සිදු වුණා.

ඔබ අතිශය සංවේදි අයෙකු හෝ ගැබිණියක් නම් මෙතැනින් එහා කියවන්නට එපා.

කැතරින් නයිට්ගේ සිනිඳු වටකුරු මුහුණ සහ පුළුල් සැහැල්ලු සිනහව මිනීමරුවෙකු ගැන සිතන විට මතකයට නැඟෙන සාමාන්‍ය ලක්ෂණ නෙවෙයි.ඇය 1955 ඔක්තෝම්බර් මාසයේදී NSW හි Tenterfield හි උපත ලැබුවා, ඇයගේ නිවුන් සහෝදරියක් ද වූවා.

ඇගේ ගෘහ ජීවිතය බෙහෙවින් අවුල් සහගත වූ අතර, ඇයගේ ළමා නිවාසය තුළ ගෘහස්ථ හිංසනය, මත්පැන් සහ ලිංගික අපයෝජනවලින් ඇය පීඩාවට පත් වුණා.නයිට් කියා සිටියේ කුඩා කාලයේ සිටම ඇය වැඩෙන විට විවිධ පිරිමින් අතින් ලිංගික අපයෝජනයට ලක් වූ නමුත් එය කිසි විටෙකත් තම පියා විසින් නොකළ බවක්.ඇගේ පන්තියේ සමහර මිතුරන් ඇයව හිරිහැර කරන්නියක් ලෙස හඳුන්වනවා.අනෙක් අතට, අනෙක් අය ප්‍රකාශ කර ඇත්තේ ඇය ඉතා ඉගෙනීමට කැපවූ ශිෂ්‍යාවක් විය බවත්, ඇයගේ යහපත් හැසිරීම වෙනුවෙන් සම්මාන පවා ලබා ඇති බවත්

නයිට් පිහි වලට ඇලුම් කළ බව වාර්තා වන අතර, ඇයට වයස අවුරුදු 16 දී ගව ඝාතක සේවකයෙකු ලෙස ඇයගේ “සිහින රැකියාව” මවමින් හිඳ තිබුණා.

විෂ සහිත සබඳතා

ඇය 1976 දී ඩේවිඩ් කෙලට් සමඟ විවාහ වූ අතර, ඔවුන්ගේ මංගල රාත්‍රියේදී ඔහු සංසර්ගයට පසු නින්දට ගිය පසු ඔහුගේ ගෙල මිරිකා මරා දැමීමට උත්සාහ කළ බව වාර්තා වෙනවා.ගැබිනියක්ව සිටියදී, ඇය තම සැමියාගේ ඇඳුම් සහ සපත්තු සියල්ල පුළුස්සා දමන්නේ , ඔහු ඩාර්ට්ස් අවසන් මහා තරගයට ඉදිරිපත් වී  ප්‍රමාද වී නිවසට පැමිණි බැවින්.

1986 දී මුණගැසුණු ඩේවිඩ් සෝන්ඩර්ස් සමඟ ඇගේ මීළඟ සම්බන්ධය දක්වා ම ඇගේ ප්‍රචණ්ඩ හැසිරීම දිගටම කරගෙන ගියා. 

ඊළඟ අවුරුද්දේ, ඇය ඔහුගේ දෑස් ඉදිරිපිටම ඔහුගේ මාස දෙකක් වයසැති බලු පැටියාගේ ගෙල කපා දැමූ බව වාර්තා වනවා. ඒ අන් කිසිවක් නිසා නොව, ඔහු කවදා හෝ තමාව රවටා ඇත්නම් ඇය ඔහුට කරන්නේ කුමක්ද යන්න නිරූපණය කිරීමටයි.

තවත් අවස්ථාවක, නයිට් කතුරකින් ඔහුගේ බඩට ඇනීමට පෙර ඔහුගේ මුහුණට යකඩයකින් පහර දුන් බව කියැවෙනවා.

ඉන්පසු ඇයට ජෝන් ප්‍රයිස් නොහොත් “ප්‍රයිසි” මුණ ගැසෙනවා

ඔහු  ඇබර්ඩීන්හි ජනප්‍රිය චරිතයක්.ජෝන් හැම කෙනෙකුම කැමති, ත්‍යාගශීලී, කාරුණික අයෙකු වූ අතර, අවශ්‍යතා ඇති කෙනෙකුට සැමවිටම උදව් උපකාර කරන කෙනෙකු වුණා.නයිට් සහ ජෝන්ගේ සම්බන්ධතාවයේ ආරම්භයේ දී, ඇය ඔහුට හොඳින් සැලකූ බව කියනු ලබන අතර, මෙම යුවළ ආදර සහයෝගීතාවයක් සහ ශක්තිමත් ලිංගික ජීවිතයක් භුක්ති වින්දා.

ප්‍රයිස්ගේ බිහිසුණු මරණය ගැන පොලිස් වාර්තාව

මම සිද්ධිය වූ ස්ථානයට යන විට කැතරින් ගිලන් රථයකින් පිටත්ව යමින් සිටියා. ඇය පෙති කිහිපයක් පානය කර තිබුණා . ඒවා ඇයව මරා දැමීමට මදි නමුත්ඇයව නිදිමත කර තිබුණා. මම ඇතුලට ගියාම දැක්කා මිනිස් හම එල්ලා තිබෙන අන්දමක්.

ජෝන් ප්‍රයිස්ගේ හිස කපා දැමූ සහ සම ගැලවී ගිය සිරුර විවේකාගාරයේ බිම වැතිර තිබුණා. අපි ඔහුගේ හිස සොයාගත්තා, එය ලිප මත බඳුනක තම්බා පිස තිබුණා.ඔහුගේ මිනිස් අවයව ඉවත් කර එළවලු කිහිපයක් සමඟ උඳුන තුල පුළුස්සා, පිඟන් මත තබා තිබුණා”

රහස් පරීක්ෂක සැරයන් රොබට් වෙල්ස් 2000 මාර්තු 1 වන දින උදෑසන ඇවිද ගිය බිහිසුණු ලේ වැකි අපරාධ ස්ථානය ඔහුගේ මනෝභාවයට සදහටම තැන්පත් වී තිබෙනවා.NSW උතුරු වෙරළේ  විශ්‍රාම ජීවිතය ගත කරන නමුත් ඔහු හමුදාවේ සිටි කාලය තුළ ඔහු දුටු බිහිසුණු බව කිසිදා අමතක කර නැහැ.ඔහුට දරුණු නිදන්ගත පශ්චාත් කම්පන ආතති ආබාධයක් (PTSD) නිල වශයෙන් හඳුනාගෙන ඇති අතර, ඔහු දැන් ඔහුගේ තත්වය කළමනාකරණය කිරීමට මනෝ විද්‍යාඥයෙකු වෙත නිතිපතා පැමිණෙනවා.

තම ජීවිත කාලය පුරාම ඇය ගෘහස්ථ හිංසනයට ගොදුරු වූ බවත් පිරිමින් විසින් අපයෝජනයට ලක් වූ බවත් පවසමින් ඇය කෝපාවිෂ්ට වූ ආකාරයත්, ජෝන් ඝාතනය සම්බන්ධයෙන් කිසි විටෙක වරද පිළිගැනීමක් සිදු නොවූ බවත් ඔහු සිහිපත් කරනවා.

” කැතරින් නයිට් වසර ගණනාවක් තිස්සේ ඇය සමඟ සබඳතා පැවැත්වූ පිරිමින් කෙරෙහි ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරීමයි,” 

ඔහු පැවසුවා.

විනිසුරුවරයාගේ දඬුවම

NSW ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු Barry O’Keefe 2001 නොවැම්බර් 8 වන දින කැතරින් නයිට්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කළා.ඔස්ට්‍රේලියානු ඉතිහාසයේ සමාවක් නොමැතිව ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම වූ පළමු කාන්තාව ඇයයි.නඩුව ගැන කතා කරමින් විනිසුරුවරයා පැවසුවේ ඇයගේ “කෲර, දුෂ්ට හැසිරීම” නිසා ඇය “දයාව සඳහා සුදුසුකම් නොලබන” බවක්.ඇය කිසිදු පසුතැවිල්ලක් හෝ පසුතැවීමක් ප්‍රකාශ කර නැහැ. ඇයව නිදහස් කළහොත් ඇය සමාජයේ ආරක්ෂාවට බරපතළ තර්ජනයක් එල්ල කරන බව විනිසුරු මතය වුණා.

ආදරය නොලැබීම සහ අපයෝජනයත් හිංසනයත් කැතරින් මෙතනට රැගෙන එන්නට ඇති. සත්තකින්ම ඇය එක්තරා ආකාරයකට අනුකම්පාව ලැබිය යුතු චරිතයක්.

Related Articles

Don't Miss


Latest Articles