ගිනි දැල් මැද පවා අවසන් නොවුණු සැබෑ ප්‍රේමය

අත නෑර යන ප්‍රේමයක්!  ඒ හැම ගැහැනියකගේම සිහිනයක්. ප්‍රේමවන්තියක කාලයේ පමණක් නෙවෙයි. බිරිඳක් වූ පසු ද වියපත් වූ කාලයේ ද ගැහැනුන් ආදරය බලාපොරොත්තු වෙනවා. මියයන මොහොත දක්වාම තම ප්‍රේමවන්තයාගේ ආදරය ලබන්නට වාසනාව ඇති ගැහැනු ඕනෑ තරම් ඉන්නවා.

මේ එවැනි වාසනාවන්ත ගැහැනියකගේ කතාවක්.

90 හැවිරිදි ආතර් ෂ්නයිඩර්ගේ බිරිඳ  රෝද පුටුවක ජීවිතය ගෙවන්නියක්. රෝස්මරී දරුවන් 9 දෙනෙකුගේ මවක්. ආතර් රෝස්මරී රැකබලා ගත්තේ  ප්‍රීතිමත්ව. ඔහුට එය කිසි කරදරයක් වූයේ නෑ.රෝස්මරී සහ ආතර් ඔවුන්ගේ ඇෂෙබෝරෝ, උතුරු කැරොලිනා නිවසේ ජීවත් වුණා.මෙම යුවළ විවාහ වී වසර 68 ක් ගත වී තිබුණා.

කරදර එන්නේ කල්තියා දැනුම් දී නෙවෙයි. දිනක්, ඔවුන් ජීවිත කාලය පුරාවටම ජීවත් වූ නිවස හදිසියේම ගිනිගෙන දැවී ගියා. තම  ආදරිය ජීවිත අනතුරෙන් මුදා ගැනීමට ආදරණීය සැමියා තත්පරයක්වත් පසුබට වූයේ නැහැ.

ඔවුන්ගේ නිවසේ ගින්නක් ඇති වූ විට වයෝවෘද්ධ යුවළ අවිනිශ්චිත තත්වයකට පත් වුණා. නමුත් 90 හැවිරිදි ආතර් සිය 89 හැවිරිදි බිරිඳ රෝස්මරී ආරක්ෂා කිරීමට උත්සාහ කළා. ආතර්ට තම ආදරණීය බිරිඳ බේරා ගැනීමට මාර්ගයක් සොයන්නට සිදු වුණා.සැබෑවටම එවැනි මොහොතක බරපතල අනතුරට ලක්වන්නිය වෙන්නේ රෝස්මරී.ඇයව බේරා ගැනීමට හැකි සෑම දෙයක්ම කිරීමට ආතර් වග බලාගත්තා. 

ගින්න හටගත් විගසම ආතර් ක්‍රියාත්මක වූවා.ඔහුගේ දෑස් ඉදිරිපිට ඔවුන්ගේ නිවස ගිනි ගන්නට පටන් ගත්තා. ඒත් ආතර් කළ යුත්ත ගැන සිතුවා.එදින රෝස්මරී සිටියේ ඇගේ රෝද පුටුවට වී යුවළගේ නිදන කාමරයේ. ඒ මොහොතේ ආතර් තම බිරිඳට උපස්ථාන කරමින් සිටියා. කුණාටුව නිසා හටගත් අකුණු සැරයක් ඔවුන්ගේ ට්‍රාන්ස්ෆෝමරයට වැදී ගින්න ඇති වන්නට ඇතැයි ආතර් සිතුවා.ආතර් රෝස්මරීගේ රෝද පුටුව දුම් දමන නිවස හරහා ඔවුන්ගේ ඉදිරිපස ආලින්දයට තල්ලු කළා. නමුත් ඔවුන් එහි ගිය විට, ඔවුන්ට තවදුරටත් ඉදිරියට යා නොහැකි බව ඔහුට වැටහුණා. ඔහුට රෝස්මරී හෝ ඇගේ රෝද පුටුව තනිවම පඩිපෙළෙන් ඔසවන්නට නොහැකි බව ආතර්ට තේරුම් ගියා ඔහු පාපන්දු පිටියකට ඈතින් පිහිටි අසල්වැසියාගේ නිවස වෙත දිව යාමට තීරණය කළා. ඔහුට ඔහුගේ ආදරිය ගින්නෙන් විනාශ වන අන්දම දකින්නට ඕනෑ වූයේ නෑ.

තමන්ගේ අත් වාරුව නොමැතිව මෙතරම් දුරක් දිව ගියේ කෙසේදැයි තමා නොදන්නා බව ආතර් පවසනවා. එය ඔහුවම පුදුමයට පත් කරන්නක්.

ඔහු මෙසේ කියනවා.

“අපිට අවශ්‍ය වූ විට දෙවියන් වහන්සේ අපට කුඩා ශක්තියක් හෝ ලබා දෙනු ඇතැයි මම සිතනවා.”

වැඩි වේලාවක් යන්නට මත්තෙන්, ආතර් අසල්වැසියෙකු සමඟ ආපසු පැමිණ රෝස්මරීව ඉදිරිපස ආලින්දයෙන් පිටතට ගෙන ගියා. හදිසි ඇමතුම් සේවාව හරහා ගිනි නිවීමේ සේවාව ගෙන්වා ගන්නටත් ඔවුන්ට හැකි වුණා.

කෙසේ හෝ ඔහු නිරුපද්‍රිතව බිරිඳ බේරා ගත්තා

රෝස්මරී සහ ආතර් මුණගැසී, විවාහ වී සෑහෙන කාලයක්, ඔවුන්ට මුනුබුරු මිනිබිරියන් විස්සක් සහ මී මුණුබුරන් දෙදෙනෙක් සිටිනවා. රෝස්මරීට ඩිමෙන්ශියාව සහ පාකින්සන් රෝගය ඇති බව හඳුනා ගැනෙන්නේ කාලයත් සමඟ.ආතර් එතැන් සිට ඇගේ දෛනික කටයුතු සියල්ල කරගෙන යන ඇගේ භාරකරු බවට පත් වුණා. තම පියා දිනපතා තම මව වෙනුවෙන් සෑම දෙයක්ම කළ බව ඔවුන්ගේ දියණිය බර්නඩෙට් පවසනව. තම මවට තනිවම කළ හැකි එකම දෙය ආහාර ගැනීම බව හෙළි කරමින් ඇය මෙසේ පැවසුවා

“මගේ තාත්තා සාන්තුවරයෙක්. මම එයාට කිව්වා පහුගිය අවුරුදු දෙක තුනේ අම්මා වෙනුවෙන් කරපු දේට කෙලින්ම ස්වර්ගයට යනවා කියලා.”

ප්‍රේමය කිසිම දවසක අවසන් විය යුතු නෑ. යොවුන් වියේදී අල්ලා ගත් අත මහළු වී රැලි වැටෙනතුරුම දරා හිඳින ආතර් වැනි ආදරවන්තයන් ලෝකයේ සිටින සෑම ප්‍රේමවන්තියකටම ලැබිය යුතුයි.

ප්‍රේමයම හමු වේවා!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here