ඕට්ස්වලින් ඩෙසර්ට් හදමුද?

අපි ඕට්ස් භාවිතා කරන්නේ උදෑසන ආහාරයක් ලෙසයි.ඇතැම් වෙලාවට ඕට්ස් කුකීස් වැනි දෙයක් ඕට්ස් වලින් සාදා ගත්තත් අතුරුපස සඳහා ඕට්ස් භාවිතා කරන අවස්ථා ඉතාම සීමිතයි.අද අපි ඔබට ඕට්ස් වලින් සාදා ගත හැකි සෞඛ්‍යාරක්ෂිත අතුරුපස ගැන කියන්නට සිතුවා.

Chocolate oatmeal cake

අවශ්‍ය ද්‍රව්‍ය

  • ඩාක් චොකලට් ග්‍රෑම් 170
  • පොල් කිරි මිලි ලීටර් 375
  • ඕට්ස් කප් දෙකහමාරකට ටිකක් වැඩියෙන්

සාදා ගන්නා ආකාරය

  • රවුම් කේක් තැටියක් ගෙන බටර් හෝ තෙල් ස්වල්පයක් ගා ගන්න
  • Parchment paper එකක් අඩියට එලා ගන්න.
  • චොකලට් කුඩා කැබලි වලට කපා ගෙන රත් කරගන්න.
  • පෑන් එකක් ලිප තබා පොල්කිරි මදක් රත් කරගෙන මිශ්‍රණය මෘදු වූ පසු විනාඩිදෙකකින් පමණ බා ගන්න.
  • එයට චොකලට් ද එකතු කරන්න.
  • හොඳින් මිශ්‍ර කර ගන්න
  • නිවෙන්නට හැර ඕට්ස් ද එකතු කරගන්න
  • රවුම් කේක් තැටියකට දමා ගන්න
  • කාමර උෂ්ණත්වයේ නිවෙන්නට ඉඩහරින්න
  • ඉන් පසු පැය 4ක් පමණ ශීතකරණයේ තබා ආහාරයට ගන්න.

Oatmeal banana bread

අවශ්‍ය ද්‍රව්‍ය

  • කැබලි වලට කපා ගත් කෙසෙල් ගෙඩි තුනක්
  • බිත්තර 2
  • පැණි කෝප්ප ½
  • ෆ්‍රෙෂ් මිල්ක් කෝප්ප කාලක්
  • තෙල් කෝප්ප කාලක්
  • වැනිලා තේ හැදි 1
  • ලෙමන් ජූස් තේ හැදි 1
  • බේකින් පවුඩර් තේ හැදි එකහමාරක්
  • බේකින් සෝඩා තේ හැදි ¾
  • ලුණු තේ හැදි ¼
  • කුරුඳු කුඩු තේ හැදි බාගයක්
  • ඕට්ස් පිටි කෝප්ප 2
  • ආමන්ඩ් පිටි හෝ කේක් පිටි කෝප්ප 1

සාදා ගන්නා ආකාරය

  • අවන් එක 350°F ලෙස Preheat කරගන්න
  • කේක් තැටියක බටර් ගා Parchment පේපර් එකක් අතුරා ගන්න
  • ලොකු භාජනයක් ගෙන කෙසෙල් කුඩා කැබලි වලට කඩා ගන්න
  • බිත්තර එකතු කරන්න.
  • පැණි ද එකතු කර තෙල් ,කිරි ,වැනිලා ආදිය එකතුකරමින් හොදින් මිශ්‍ර කර ගන්න
  • තවත් භාජනයකට ඕට්ස් පිටි,කේක් හෝ ආමන්ඩ් පිට,බේකින් සෝඩා සහ බේකින් පවුඩර්,කුරුඳ් කුඩු සහ ලුණු එකතු කර හොඳින් මිශ්‍ර කරගන්න
  • පිටි මිශ්‍රණයට පැණි මිශ්‍රණය එකතු කර හොදින් බීට් කර ගන්න
  • පෑන් එකට දමා ගන්න
  • මිනිත්තු 45-55 අතර කාලයක් බේක් කරගන්න
  • අවන් එකෙන් බාගෙන විනාඩි දහයක් පමණ සිසිල් වීමට ඉඩ හරින්න

Related Articles

Don't Miss


Latest Articles