මංගල දිනය සුන්දර කරගන්න මේ ගැනත් සිතන්න

0
783

විවාහ උත්සවයකට මල් කුමර කුමරියන් ගෙන් (flower girls/ page boys) ලැබෙන්නේ වැඩි සුන්දරත්වයක්. මල්කුමර කුමරියන් තෝරා ගන්නා විටද යම් යම් කරුණු පිළිබඳ ඔබ දැනුවත් වි සිටීම වැදගත්.

මෙලෙස මල්කුමර කුමරියන් තෝරා ගන්නා විට තේරෙන වයසේ දරුවන් තෝරා ගැනීම ඉතා වැදගත්. මේ සඳහා ඉතාමත්කුඩා දරු දැරියන් ද තෝරා ගැනීම එතරම් උචිත නැත. මන්ද ඔවුන් වරින්වර නොසන්සුන් වීම නිසා මෙන් හැඬීම නිසා මංගල ඡායාරූපයට පවා තැබීමට බොහෝ විට නොහැකිවේ. මෙනිසා මල්කුමර කුමරියන් සඳහා තෝරාගන්නට සුදුසු වන්නේ වයස අවුරුදු 5 -10 ක් අතර දරුවන්ය.

මල්කුමර කුමරියන් ගේ ඇඳුම් නිර්මාණය කරන විටද වර්ණ තෝරා ගන්නා විටද ඒ කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීම වැදගත්. මනාල යුවල උඩරට සම්ප්‍රදායානුකූලව, පහතරට ක්‍රමයට හෝ බටහිර ක්‍රමයට සැරසෙන්නේ නම් මල්කුමර කුමරියන ට ද ඒ අනුව ගැළපෙන ලෙස  ඇඳුම් නිර්මාණය කිරීමට සැලැකිලිමත් වන්න. මල් කුමරියන්ගේ ඇඳුම්, සපත්තු, හිස් පළඳනා, ආභරණ, මල් කලඹ/ bow tie සහ කොණ්ඩය ආදිය ගැනද සැලකිලිමත් වන්න. මංගල උත්සවය ආදළ theme එක අනුව ද ගළපා ගන්න අමතක කරන්න එපා.

මෙම කුඩා දරුවන් හසුරවා ගත හැකි වැඩිහිටියන් කිහිප දෙනෙකුගේ සහාය ලබා ගැනීම වැදගත් වන අතර ආහාර/ snacks සහ පානීය ජලය ආදිය සපයා තැබීමටත් අමතක නොකරන්න. රූපලාවණ්‍ය ශිල්පීන් අලුයම වේලාවන් හැඩ ගැන්වීමට යොදා ගන්නා හෙයින් ඔවුන් හා කතා බස් කර දරුවන් වෙනුවෙන් සුදුසු වේලාවක් යොදා ගන්න.

ඒ වගේම මල්කුමර කුමරියන් අනවශ්‍ය ප්‍රමාණයක් යොදා ගැනීම අනවශ්‍ය වියදමක් මෙන්ම ඡායාරූප ගැනීමේදී ද උත්සව කටයුතු පවත්වාගෙන යාමේදී ද ගැටලු මතුවෙන්නක්.. කුඩා දරුවන් යොදා ගැනීම අපහසු නම් 12-15 වැනි වයස් මට්ටමේ පසුවන අය  little maids ලා ලෙස යොදා ගත හැකියි. සෑමවිටම තමන්ට ගැළපෙන ලෙස දැරිය හැකි මට්ටමට, තමන්ට පහසු ප්‍රමාණයට කටයුතු කිරීම ඉතා වැදගත්. මේ අයුරින් සැලකිල්ලෙන් මල්කුමර කුමරියන් එකතුකර ගැනීමෙන් ඔබේ මංගල උත්සවයට වැඩි කල එළියක් එක් කරණු ඇත.

– කල්හාරී –