“මාව දාලා ගියොත් තමුසෙගෙ මූණ දාපු ජරා පින්තූර මම ෆේස් බුක් එකට දානවා”
“බබාලගේ පින්තූර ෆේස්බුක් දාන්න එපා, මිනිස්සුන්ට පුලුවන් ඒව අරගෙන බොරු
පින්තූර හදන්න”
මේ වගේ කතා අපේ හිතට ගේන්නෙ සුලුපටු බයක් නම් නෙවෙයි.
ඇත්ත මේව බයවෙන්න ඕන කාරණා නම් තමයි.
හැබැයි බයවෙන්න කළින්, මේ බය හිතෙන කතා පිටිපස්සෙ තියෙන තාක්ෂණය
ගැන ඔයා දැනගෙන්න ඉන්න එක හැමදේටම වඩා හොඳයි.
Deep Fake AI කියන්නේ මිනිස්සු “හානේ මේ ඇත්ත නේද?” කියල විශ්වාස කරන
මට්ටමට රූප, ශ්‍රව්‍ය සහ දෘෂ්‍ය ප්‍රෝඩාවන් හදන්න භාවිතා කරන කෘතිම
බුද්ධියක්.
මම කතාව පටන් ගනිද්දිම කිව්ව වගේ මේ Deep Fake AI වලින් කරන්නේ එක්
පුද්ගලයෙකුගේ රූප ලක්ෂණ, කටහඬ වගේ දේවල් තවත් කෙනෙකුට මාරු කරලා
අලුත්ම එකක් හදන එක.
කාලෙන් කාලෙට ඔය අරයගේ මෙයාගේ එක එක පින්තූර, වීඩියෝ ලීක් වුණාම, ඒව
Deep Fake AI ඔස්සේ නිර්මාණය කරපුවා කියල මිනිස්සු කියන්නේ අන්න එහෙම
එක්කෙනෙක්ගේ දෙයක් තවත් කෙනෙක්ට මාරු කරන්න මේ තාක්ෂණයට තියෙන
හැකියාව නිසා.
Deep Fake AI වල තියන වඩාත්ම බයානක දේ වෙන්නෙත් “කෙනෙක් නොකරපු දෙයක් ඒ
කෙනා කරපු දෙයක් විදියට” මිනිස්සු අතරට අරගෙන යන්න තියෙන හැකියාව.
ඔයාලට මතකද දන්නේ නෑ 2022 අවුරුද්දෙදි යුක්‍රේන ජනාධිපති වන Volodymyr Zelenskyy
තමන්ගේ හමුදාවන්ට යටත් වන ලෙස අණ දුන්න බව කියමින් මුදා හැරුණ Deep Fake AI
වලින් හැදුණ වීඩියෝව.
Deep Fake AI වැඩකරන්නේ කොහොමද?
Deep Fake AI භාවිතා කරලා මේ වගේ Fake දේවල් හදන්න යොදාගන්න ඇල්ගොරිතම්ස්
දෙකක් තියෙනවා.
ඒ generator එකක් සහ discriminator එකක්, ඒ කිව්වෙ උත්පාදකයක් සහ වෙනස් කිරීමක්.
උත්පාදක යන්ත්‍රය අපේක්ෂා කරන ප්‍රතිඵලය ලබාගන්න අවශ්‍ය කරන දත්ත
ගොඩනගමින් මේ ව්‍යාජ කටයුත්ත ආරම්භ කරන්න අවශ්‍ය ඩිජිටල් අන්තර්ගතය
එහෙමත් නැත්තම් Content එක හදනවා.
එතකොට discriminator එකේ කාර්‍ය වෙන්නේ මේ Content එක මොනතරම් Fake ද කියලා
තීරණය කරන එක.
මේ ක්‍රියාවලිය දිගින් දිගටම වෙමින්, ඉතාම ව්‍යාජ ඒත් ඇත්ත විදියට මිනිස්සුට පේන
සහ මිනිස්සු පිළිගන්න Content තව තව්ටහ් වැඩි දියුණු කරමින් discriminator එකට මේ
ක්‍රියාවලියේ සහ අවසාන ප්‍රතිපලයේ තිබෙන වැරදි සහ දෝෂ හොයාගන්න ඉඩ හදනවා.
මේ generator එකේ සහ discriminator එකේ එකතුවීමෙන් Deep Fake Content එකක් එහෙමත්
නැත්තම් ඉතාම ව්‍යාජ නිර්මාණයක් බිහිවෙන ක්‍රම දෙයක් තියෙනවා.
එකක් තමයි ඉලක්කගත මුල් අන්තර්ගතයේ මූලාශ්‍රයක් භාවිතා කරලා ඒ අදාල
පුද්ගලයා කවදාවත් නොකියපු හෝ නොකරපු දෙයක් කියන්න හෝ කරන්න පෙළඹවීම.
එහෙමත් නැත්තම් දෙවනි ක්‍රමය තමයි ඒ අදාල පුද්ගලයගෙ මූණ වෙනත් පුද්ගලයෙකුගේ
ශරීරයට බද්ධ කරලා අලුත්ම, ව්‍යාජ නිර්මාණයක් බිහි කිරීම.
Deep Fake AI හදන්න පුලුවන් විදි මොනවද?
Source Video Deep Fakes –
Source Video එකක් යොදාගෙන හදන Deep Fake AI Content එකකදී වෙන්නේ ඉලක්කගත
පුද්ගලයගේ අංගචලන, ලක්ෂණ වගේ දේවල් Deepfake Autoencoder එකකින් ග්‍රහණය
කරගැනීම. ඉන්පසුව ඒ ලක්ෂණ තමන් මුදාහරින්න බලාපොරොත්තුවන වීඩියෝවට
සම්ප්‍රේෂණය කිරීම සිදුකරනවා.
උදාහරණයකින් කිව්වොත් ඔයා හිතන්න ඔයා මුහුණු පොතේ Publish කරපු ඔයා සින්දුවක්
කියන වීඩියෝ (Source Video) එකකින් අරගන්න ඔයාගේ මුහුණේ ස්වරූපය, කට
සෙලවෙන ආකාරය වගේ දේවල්, වෙනත් මනුස්සයෙක් දේශපාලනය වේදිකාවක කරන
කතාබහක් පෙන්වන වීඩියෝ එකකට (Output) එකකට මාරු කරන එක. ඊටපස්සෙ
වේදිකාව උඩ ඒ කතාව කරන්නේ ඔයා වගේ ඒ වීඩියෝව එළියට දාන එක.
Audio Deep Fake –
Audio Deep Fake වලදි කරන්නේ, Generative Adversarial Network (GAN) එකක් විසින්
පුද්ගලයෙකුගේ කටහඬේ ශ්‍රව්‍ය ක්ලෝන කර, ස්වර රටා මත පදනම්ව ආකෘතියක්
නිර්මාණය කර, එම ආකෘතිය භාවිත කර එම හඬ නිර්මාණකරුට අවශ්‍ය ඕනෑම
දෙයක් පැවසීමට සලසවන එක.
මෙම තාක්ෂණය වීඩියෝ ක්‍රීඩා සංවර්ධකයින් විසින් බහුලව භාවිතා කරනවා.
Lip Syncing –
මෙහිදී Deep Fake මගින් වීඩියෝවට හඬ පටිගත කිරීමක් Map කරන අතර, එය
වීඩියෝවේ සිටින පුද්ගලයා පටිගත කළ රෙකොඩින් එකේ තියෙන වචන කතා කරනවා
වගේ පෙන්වන්වා. ඒ රෙකෝඩින් එකත් Deep Fake නම්, වීඩියෝව මේක තවත් Deep Fake
කරන්න Layer එකක් එකතු කරනවා.
Deep Fake Content හදන්න ඕන කරන තාක්ෂණය මොකද්ද?
GAN neural network technology –
Deep Fake Content සෑදීමේදී යොදාගන්නා මේ තාක්ෂණය generator එක සහ discriminator
එක යොදාගනිමින් තමයි සියලුම Deep Fake Content හදන්නේ.
Convolutional neural networks –
මේ තාක්ෂණයෙන් කරන්නේ ද්‍රෂ්‍ය මාධ්‍යවල තියෙන විවිධ රටාවන් අධ්‍යයනය
කරන අතර අංග ලක්ෂණ අඳුනා ගැනීම සහ චලනයන් නිරීක්ෂණය කිරීම.
Autoencoders –
මේ මුහුණේ ඉරියව් සහ ශරීර චලනයන් වැනි ඉලක්කයක අදාළ ගුණාංග
හඳුනාගැනීමට භාවිතා කරන ස්නායුක ජාල තාක්‍ෂණයක්.ඊට පස්සෙ ඒ
හඳුනාගන්නා ලක්ෂණ Source Video එකට සම්ප්‍රේෂණය කිරීම සිදු කරනවා.
මීට අමතරව කට හඬවල් විවිධාකාරයෙන් වෙනස් කරන්න පුළුවන් විදියෙ
තාක්ෂණ ක්‍රමත් මේ Deep Fake AI වලදි බහුලව භාවිතා කරනවා.
Deep Fake Content වැඩිපුරම භාවිතා වෙන්නෙ කොහෙදිද?
අපි දන්න දේවල් අනුවනම් මේ Deep Fake තාක්ෂණය ගොඩක් වෙලාවට යොදාගන්නේ තව
කෙනෙක්ට මඩක් ගහන්න, එහෙමත් නැත්තම් අසත්‍ය ප්‍රචාර පතුරන්න.
ඊට අමතරව කලාකරුවෙකුගේ කලා කෘතිවල තියෙන ලක්ෂණ භාවිතා කරලා අලුත්
සංගීතයන් ජනනය කරන්න වගේ කලා කටයුතු වලටත් මේ තාක්ෂණය යොදාගන්න
පුළුවන්.
ඒ වගේම තමයි ඔය ගොඩක් ඇමතුම් මධ්‍යස්තානවල පටිගත කරලා තියෙන ඇමතුම්
ඉල්ලීම් එහෙමත් මේ තාක්ෂණය යොදාගෙන හදාගත්ත ඒව තමයි.
ගිණුම් ශේෂය පරීක්ෂා කරගන්න වගේ ඔයාලා දුරකතන සමාගමකට වගේ කතා කරාම
ඇමතුමේ මුල් හරියෙදි ඇහෙන සමහර පටිගත කිරීම් මේ Deep Fake AI යොදාගෙන
හදාගත්ත පටිගත කිරීම වෙන්න තියෙන ඉඩත් අද කාලෙ විදියට ගොඩ වැඩික්.
හැබැයි තාක්ෂණය දැන් කාලේ ගොඩක්ම භාවිතා කරන්නෙ තවත් කෙනෙක්ගෙ
ජීවිතයට, ආත්මාභිමානයට හානියක් කරන්න නිසා මේ Deep Fake තාක්ෂණය ලෝකෙ
පුරාම මිනිස්සුන්ව බය කරන්න හේතුවක් වෙලා තියෙනවා.
සමහර රටවල මිනිස්සු නම් මේ Deep Fake තාක්ෂණය භාවිතා කරලා නීති කටයුතු වලදි
බොරු සාක්ෂි ලබා දෙන්න වගේම බැංකු ගිණුම්, ක්‍රෙඩිට් කාඩ් අංක වගේ දේවල් ව්‍යාජව
නිර්මාණය කරන්නත් පෙළඹෙනවලු.
මේ වගේ දේවල්වලදි අපිට නීතිමය පැත්තෙන් ඒක ඔප්පු කරන්න තියෙන හැකියාව
අඩුයි. මොකද ඒ වගේ දෙයක් “නෑ මේක Deep Fake වලින් හදපු දෙයක්” කියලා ඔප්පු
කරන්නත් අපිට මේ තාක්ෂණය ගැන තියෙන්න ඕන දැනුම මොනතරම් වෙන්න ඕනද?
Deep Fake කරපු දේවල් අඳුරගන්නෙ කොහොමද?
Deep Fake Content මෙන්න මෙහෙමයි අඳුරගන්න පුලුවන් කියල කියන මට්ටමේ ලොකු
සාධක නම් නැහැ. හැබැයි වීඩියෝවක නම් චලනයන් වලදි දකින්න ලැබෙන සංකූලතා,
අස්වාභාවික ශරීර ලක්ෂණ, නොගැලපෙන ශ්‍රව්‍ය සහ කියවෙන දෙයට වඩා තොල්
සෙලවීම වෙනස් ලෙස පෙනෙන තැන් වගේ දේවල්වලින් මේවා ඇත්ත ඒවද බොරු ඒවද
කියල අඳුරගන්න පුළුවන්.
ඒ වගේම ඔය සැකසහිත ඊමේල් ලිපින, එහෙමත් නැත්තම් ලින්ක්ස් වගේ දේවල් වලින්
වුණත් යම් Content එකක තියෙන සත්‍ය අසත්‍යභාවය තේරුම්ගන්න උදව් වෙනවා.
තාක්ෂණයේ දියුණුවත් එක්කම ලෝකය දැන් තවත් කුඩා වෙලා.
ඉතින් එහෙම ලෝකෙක අපිව එකිනෙකාට නිරාවරණය වන ඉඩ ඉතාම වැඩියි. ඒ
වගේම ඒ කුඩා ඉඩ ඇතුලෙ ඇත්තටම ජීවත් වෙන අපිට Deep Fake Identity එකක්
ගොඩනැගෙන්න තියෙන ඉඩත් ඉතාම වැඩියි.
ඒ නිසා තමයි ඔයාගේ පෞද්ගලික විස්තර, වීඩියෝ පට, හඬ පට වගේ දේවල් සමාජ
මාධ්‍ය වෙත මුදාහරින්න කළින් තුන් හතර වතාවක්ම හොඳට හිතන්න ඕන.
වෙන නිසා කියනවම නෙවෙයි. හදිසියේ හරි ඔයා නොදැනුවත්ම ඔයාගේ මුහුණ හෝ
හඬ තියෙන Deep Fake Content එකක් සමාජ මාධ්‍යවල එහෙ මෙහෙ යනවනම් කලබල
වෙන්න ඕනම නෑ.
වහාම Sri Lanka CERT ආයතනයට ඒ පිළිබඳව දැනුම් දෙන්න. එවිට එයට එරෙහිව ඔබ
ගත යුතු ක්‍රියාමාර්ග මොනවද කියන දේ ගැන ඔබව දැනුවත් කරාවි.
ඉතින්, සමාජ මාධ්‍ය සහ අලුත් තාක්ෂණයෙන් ගැලවෙන්න අපිට බැහැ.
ඒත් කරදර වලින් ගැලවිලා අලුත් ලෝකෙක ඉස්සරහට යන්න හැමදෙයක් ගැනම
දැනුවත් වෙලා ඉන්න.
මූලාශ්‍රය: Techtarget.com වෙබ් අඩවියෙන්
සටහන – උදතාරි