රුහුණ විශ්වවිද්‍යාලයේ හතලිස් හත් වැනි උපාධි ප්‍රධානෝත්සවය අද. කසුනි කවදාවත් නොවුණ තරමේ සතුටින් මලිත් වෙනුවෙන් අත්පොලසන් දුන්නා. කෘෂි විද්‍යා පීඨය වෙනුවෙන් උපාධි ප්‍රධානෝත්සවයේදී පිරිනැමෙන සම්මාන හයේම හිමිකරු වෙන කවුරුවත් නෙවෙයි, මලිත් අසලංක පීරිස්.
මලිත් කැම්පස් එන්නේ අම්මලාගේ ආසාවට. මලිත්ට ඕනි වුනේ දිගටම ගරාජ් වැඩ වලට ගිහින් කීයක් හරි හොයාගන්න. උසස් පෙළ කරල ඉවර වුන ගමන් මලිත් ගරාජ් රස්සාවට බැස්සා. දවසම නැහිලා රුපියල් 2500ක් හෙව්වා. මාසේ අන්තිමේදී ඒක ලොකු ගානක් නිසා මලිත්ට පුලුවන් වුණා අම්මලාගේ බර ටිකක් හෑල්ලු කරන්න. පොඩි වයසට මලිත් හරි කැමැත්තෙන් ඒ බර දැරුවා.
කැම්පස් ආවට පස්සේ මලිත්ට ඒ ජීවිතේ ගැන ආස නොහිතුණා නෙවෙයි. දේශකවරයෙ වෙන බලාපොරොත්තු ආයෙම පීදෙන්න ගත්තා. කොහොමටත්, මාපලාන කියන්නේ ආවම යන්න නොහිතන ඉසව්වක්. මලිත් කට්ට කාගෙන හීන වෙනුවෙන් දුවන්න උත්සාහ කලා.
කසුනිට මලිත් මුණගැහෙන්නෙ පලමු වසරේ අවසාන සමාසිකයේ. කසුනි ගෙදර ඉඳන් කැම්පස් එකට එන්න මාතරින් නැග්ග බස් එකටම කසුනුත් ගොඩ වුනා. මලිත්ගේ අසුන කසුනිට දුන්නා. ඒ වෙද්දීත් දුරකතන වල ගබඩා වෙලා තිබුණ අංක වලට එදා රෑ ඉස්පාසුවක් තිබුණේ නැහැ. හදිසියේ වුනත්, ඒ ආගමනයෙන් මලිත්ගේ ජීවිතේ මල් පිපුණා. කසුනි හරි සීරුවෙන් මලිත්ගේ පපුව උඩ මල් වත්තක් හදන්න ගත්තා.
මලිත්ට උපාධියේ කටයුතු වල කිසිම ප්‍රශ්නයක් නොතිබුණ තරම්. පළමු වසරේ කණ්ඩායම් ප්‍රථමයා; දේශකවරුන්ගේ අවධානයෙත් අඩුවක් තිබුණේ නැහැ. එහෙම වුනත් කැම්පස් එකේ ජීවිතේ ගැන දෙගිඩියාව මලිත්ගේ ජීවිතේ ට සැරෙන් සැරේ එන එකේ අඩුවක් තිබුනෙත් නැහැ. ඒ අම්මලාගේ ජීවිත වල ප්‍රශ්න වල බර මලිත් දැනගෙන හිටපු නිසා.
මලිත්ව කැම්පස් එකට අල්ලා බැඳ ගෙන ඉන්න මැලියම් ගොඩ කසුනි වෙලා තිබුණා කිව්වනම් වැඩිය නිවැරදියි.
කසුනි ගේ දෙමාපියන්ට සෑහෙන තරමක ආදායම් එන වතු තිබුණා. ඒ නිසා කසුනිට මුදලින් අඩුවක් තිබුණේ නැහැ. ඒ හින්දාම මලිත්ගේ ජීවිතේ හිස් පේන සිදුරු වහන්න කසුනි බලෙන්ම ඉදිරිපත් වුණා. වගවීමෙන් රැක බලා ගැනීමේ ප්‍රේමය ගැන කසුනි නොසෑහෙන්න විශ්වාස කලා.
“මං පාර්ට් ටයිම් යනවා…”
මලිත් එකපාරටම එහෙම කිව්වම කසුනිට ඒකේ අගක් මුලක් තේරුම් ගන්න බැරුව ගියා. එතකොට දෙන්නා තුන්වෙනි වසරට ආව ගමන්.
“මොනවා කරන්නද?”
“මෑන් පවර් එකක… සතියට දවස් තුනක් හතරක් වැඩ කරාම දොළහකට එහා හොයාගන්න පුලුවන් ..විකෙන්ඩ් දවස් දෙක එක්ක තව දවස් දෙකක් කරනවා…”
“එතකොට ලෙක්චර්ස් ? ප්‍රැක්ටිකල් ?”
“මං දන්නේ නෑ කසූ … මට තේරෙන්නේ නෑ..”
“ඔයාට අම්මලවත් උස්සන් ඔය ජීවිතෙන් එලියට එන්න තියෙන එකම එක පාර ඉගෙනගන්න එකනේ…”
කසුනි දහ අතේ කල්පනා කලා. මලිත් මේ ගහන්න යන ගැටේටම අහුවෙලා මලිත්ගේ හීන විනාස වේවි කියලා කසුනිට බය හිතුණා..
දේශන වලට නම් හොරට අත්සනක් හරි ගහන්න පුලුවන්. ඒත් ප්‍රැක්ටිකල් වල එහෙම කරන්න පුලුවන් වෙන්නේ නෑ. ප්‍රැක්ටිකල් සියයට අසූව නැතුව කීයටවත් සමාසික අවසන් විභාග වලට වාඩි වෙන්න වෙන්නේත් නෑ. අසමත් විභාග කියන්නේ මලිත්ගේ ඉස්සරහ ගමනට බාධාවක්.
“මේ… මෙහෙම වැඩක් කරමුද ?”
කසුනි අන්තිමේදි තව යෝජනාවක් ගෙනාවා.
“අපි පොඩි කෑම කඩයක් දාමු… “
මලිත් සරදමට හිනා වුනා.
“අම්මා කිව්වා ඕනි බඩු ටික අරගන්න සල්ලි දෙන්නම් කියලා .. පස්සේ කොටස් විදියට ගෙවන්න කිව්වා… මං ඉස්සරහ අර වහපු කඩේ මාමා එක්ක කතා කලා. මාමා කැමති. දවසට දාහක් දෙන්න කිව්වා. දර ඒවාත් පහළින් ඇහිඳගන්න කිව්වා…”
කසුනි ආයෙම කිව්වා. හීන වගේ පේන බලාපොරොත්තු පස්සේ දුවලාම මලිත් හිටියේ හති වැටිලා. ඒත් කසුනි විශ්වාස කලා මලිත් අයිති අහසට තව ගොඩක් දුර බව. කසුනි බැච් එකේ සෙට් එක එක්ක කඩේ අස් කරලා, පේන්ට් කරා. හවස හයේ ඉඳන් රෑ දහය වෙනකල් රයිස්, කොත්තු, වගේම කෝපි වර්ග කකිහිපයක්ම අලෙවි කරන්න පුලුවන් සැලසුම් හැදුවා. මලිත් හිටියේ මැරිලා ගානට.
ලඟින්ම හිටපු හත් දෙනා කසුනියි මලිතුයි එක්ක මාසයක් නොමිලේ වැඩ කරන්න එකඟ වුණා. මලිත් වැඩේට කර ගහන්න ආවේ ඊටත් පස්සේ. උයන වැඩේ කලේම මලිත්. අත් ගුණේ හුරුවට කසුන්ගේ රයිස් එක හරි වේගෙන් ජනප්‍රිය වුණා. දරන්න පුලුවන් මිල, පිරිසිදු කම නිසා අහළ පහල අයත් මලිත් ගේ රයිස් එකට හුරු වුණා. හයේ ඉඳන් හත වෙනකල් වැඩිපුරම ඉල්ලුම තිබුණෙර් කෝපි වලට. ඒ වැඩේ සම්පූර්ණයෙන්ම බැලුවේ කසුනි.
පලවෙනි මාසේ ඉවර වෙනකොට වැඩ කරපු නව දෙනාටම දහ දාහ ගානේ දෙන්න මලිත්ට පුලුවන් වුණා. කසුනිගේ අම්මාගේ ණයට විසිදාහක් අයින් කලා. මාමට දුන්න තිස් දාහෙන් දහයක් ආයේ මාමා මලිත්ටම දුන්නේ තව සරු වුණාම දෙන්න කියලා. තව පනස්දහසක් ඉතුරු තිබුණා. ඒකෙන් තිස්දාහක ආයෙම බඩු ගෙනාවා.
දේශන එහෙ මෙහෙ කරගෙන කඩේ අරින වෙලාව වේලාසන කරන්න මලිත් දෙවෙනි මාසේ ඉඳන් කටයුතු කලේ කසුනිගේ දෝස්මුර මැද. සමහරදාට දවල්ටත් එළවලු බත් විකිණුනා. කැම්පස් එකේ කැන්ටීන් එකට කරට කර තරඟයක් දෙන්න වෙන ගානට හතර වෙනි මාසේ අග වෙනකොට මලිත්ලා හිටිය.
පස් වෙනි මාසේ වෙනකොට කඩේට ඕනි කරන එළවළු වලින් සෑහෙන්න ප්‍රමාණයක් හොස්ටල් එක පිටිපස්සේ ඉඩක වගා කරලා තිබුණා. එතකොට, ඒ සමානවම ලාබේ වැඩි වුණා. තුන්වෙනි අවුරුද්ද ඉවර වෙනකොට කසුන් ලක්ශ හතරක් ඉතුරු කරගෙන තිබුණා. කසුනි ඇරුනම අනෙක් හත් දෙනාටම ලක්ශ දෙකකට කිට්ටු ඉතුරුම් තිබුණා.
මලිත්ගේ අවධානය අධ්‍යාපන කටයුතු වලින් පිටට යන්න කසුනි ඉඩක් දුන්නේ ම නැහැ. සහජයෙන්ම අරගෙන ආව හැකියාවක් එක්ක නිසා සහභාගි නොවුන දේශන වල පවා කුප්පිය වැටුනේ මලිත් අතින්.
අවසානේදී, මලිත්ලාගේ කෑම කඩේ ශිෂ්‍ය සංගමේ හරහා කෙරෙන ව්‍යාපාරයක් විදියට ලියාපදිංචි වුණා. දෙවෙනි වසරේ කණ්ඩායම අතින් පාලනය වුනා. ආදායම් ඔවුන්ට බෙදුනා.
ඒ හැමදේටම පස්සේ, අද. කසුන්ලාගේ උපාධි ප්‍රධානෝත්සවය.
“ඔයා හිටියේ නැත්නම් මේ කිසි දෙයක් නැහැ.. මාව සතුටින් තිව්වට, මට සතුටින් ඉන්න පාර ඇහිරෙන්නේ නැතුව තිව්වට, මම ආස අරමුණේ මාව තියන්න උත්සාහ දැරුවට මං හරි ආදරෙයි …”
මලිත් කසුනිගේ කර පිරෙන්න සම්මාන දාලා, චායාරූප වලට පෙනී ඉන්න අතරේ කිව්වා. කසුනි ඇස් වලින් ආදරේ පෙන්නලා, කම්මුල් පුරෝගෙන හිනා වුනා.
ආදරේ කියන්නේ මේකයි කියලා කොහේවත් ලියන්නවත්, කියන්නවත් බැහැ.. හැමවෙලේම ආදරේ සාපේක්ෂයි. ඒ වෙනුවෙන් කරන , කෙරෙන, කියන දේවල් සාපේක්ෂයි. තමන් ආදරේ කරන කෙනා වෙනුවෙන් වග වෙන, රකින ප්‍රේමයක් කියන්නේත් ඒ සාපේක්ෂ බව ඇතුලේ එක නැවතුමක්. එහෙම ප්‍රේමයක් දෙන්න ඉඩක් ලැබුනොත්නොදී ඉන්න එපා. එහෙම ප්‍රේමයක් ලබන්න ඉඩක් ලැබුනොත් ඒ ප්‍රේමය රැකගන්න වග නොවී ඉන්නත් එපා.
ඇත්තටම ලෝකේ ලස්සන වෙන්නේ, ආදරේ වෙනුවෙන් ආත්මාර්ථයෙන් තොර අර්ථකථන හදපු අය නිසා.
ඔයා දන්න ලස්සනම ආදරේ ගලාගෙන යන උල්පත හදපු ඒ ආදරවන්තයා, ආදරවන්තිය එක්ක ප්‍රේම ගංගා බෙදාගෙන කියවන්න.
| අපේක්ෂා ගුණරත්න |