ගත සිත සුවපත් කරවන රෝස තෙල්

ආදරයේ සංකේතය වන රෝස මල් එහි ලස්සන නිසා පමණක් නොව ගුණ නිසාද ප්‍රසිද්ධියක් උසුලයි. රෝස තෙල් (Rose oil/ rose otto), රෝස මල් ආශ්‍රෙයන් කෙරෙන ප්‍රධානතම සහ අනගිතම ඔෂධීය නිෂ්පාදනයක්. රෝස තෙල් යනු විවිධ වර්ගවල රෝස මල් පෙති වලින් ලබාගන්නා තෙල් වර්ගයක් වේ. අතීතයේ පටන්ම ඉතාමත් ජනප්‍රිය තෙල් වර්ගයක් වන මෙය ලොව වටිනාම සහ අතිශයින් මිල අධිකතම නිෂ්පාදනයක් ලෙස සැලකේ.

රෝස තෙල් නිෂ්පාදනය සඳහ ප්‍රධාන රෝස ප්‍රභේද දෙකක් වගා කරයි: සිරියාව, බල්ගේරියාව, තුර්කිය, රුසියාව, පකිස්ථානය, ඉන්දියාව, උස්බෙකිස්තානය, ඉරානය සහ චීනය වැනි රටවල පැතිරී ඇති ඩමස්ක් රෝස සහ මොරොක්කෝ, ප්‍රශය සහ ඊජිප්තුවේ වගා කර කැබේජ් රෝසය.

මානසික අවපීඩනය සමඟ සාර්ථකව මැඩ පවත්වන රෝස තෙල් ස්වයං නිර්ණනය, විශ්වාසය හා මානසික ශක්තිය වැඩි කරයි.  කැළඹුණු ස්නායු සන්සුන් කිරීමට ද කාන්සාව දුරු කිරීමට ද ඉතා ප්‍රයෝජනවත් වේ.

රෝස තෙල් ආලේප කිරීමෙන් තුවාල ආසාදනය වීම වළකාලීමට උපකාරී වේ. මෙය රූමැටික්, ආතරයිටිස්, රක්තවාතය සහ උණ වැනි ආදී තතත්වයන් අඩු කරයි. රෝස් තෙල් ප්‍රතිජීවකයන් ද වන අතර අධ්‍යයනවලින් පෙන්වා දී ඇත්තේ බොහෝ වර්ගයේ ආසාදනවලින් ආරක්ෂා කරන බවයි.

රැව වැඩුමට ද රෝස තෙල් ප්‍රයෝජනවත් වන අතර එය සමේ ඇති කැළැල්, ස්ට්‍රෙච් මාර්ක්ස් ආදිය ඉක්මණින් ඉවත් කර පැහැදිලි දිදුළන සමක් ලබා දෙයි. මෙවන් ගුණ රැසක් ඇති රෝස තෙල් ඔබේ ජීවිතයටත් ළඟා කරගන්න අමතක කරන්න එපා.

– කල්හාරී –

 

Related Articles

Don't Miss


Latest Articles