අඩුවට ඇඳුම් පැලඳුම් Online ගන්න පුලුවන් තැන් මොනවද?

අඩුවට Online Shopping කරන්න තැන් හොයන එක ඉතින් අපි හැමෝගෙම පුරුද්දක්නෙ. දැක්ක පලියට ලස්සන ඇඳුම් ගන්න ඉතින් සල්ලිත් නැත්තම් අපි කරන්නෙ අඩුවට ඇඳුම් ගන්න තියෙන්නෙ කොහෙද කියල බලන එකනෙ. ඉතින් ඔන්න එහෙම එකේ අපි හිතුව අද ඔයාලා එක්ක බෙදාගන්න අඩුවට ඇඳුම් Online ගෙන්න ගන්න පුලුවන් තැන් මොනවදකියල.

මේ ගොඩක් තැන් මම පෞද්ගලිකවම ඇඳුම් පැලඳුම් ගන්න තැන්. ඒ නිසා තමයි මම මේ බය නැතුව මෙතන ඒව රෙකමන්ඩ් කරල තියෙන්නෙ.

දැන් කාලේ ඇඳුම් පැලඳුම් මිල දැක්කම අපිට ඒව ගන්න හරිම අමාරුයිනේ. ඉතින් මම ඕකට කරන දෙයක් තමයි ගොඩක් වෙලාවට Thrift Shops වලින් ඇඳුම් ගන්න එක. හැබැයි මෙහෙමයි කියල හැම Thrifting shop එකකින්ම ඇඳුම් ගන්න පුලුවන් කමක් අපිට නෑනෙ. ඒ නිසා මේ මම පහල Mention කරල තියෙන්නෙ මම ඇඳුම් පැලඳුම් අරගන්න Thrift Shops කීපයක විස්තර.

1. Thrift Store

Refind.lk – මෙතන නම් ඇත්තටම ඉතාම හොඳට, වැදගත් විදියට තමන්ගෙ Thrifting business එක කරගෙන යන තැනක් කියල කියන්න මම කැමතියි. ඇඳුම් පැලඳුම් විතරක් නෙවෙයි හෑන්ඩ් බෑග්, සපත්තු පවා මෙතන ඕන තරම් තියෙනව. සර්ච් කරල හොඳ ඒව තෝරල ගන්න තමයි තියෙන්නෙ.

ඒ වගේම මේ Refind.lk එකේ තියෙන තවත් විශේෂ දෙයක් තමයි ඔයාට පුලුවන් ඔයා කැමති ඕනම නිශ්පාදනයකට Bid කරන්න එහෙම නැත්තම් ලංසු තියන්න පුලුවන්.

ඒ කිව්වෙ මොකක් හරි ඇඳුමක් එයාලා දාලා තියෙන මිලට වඩා වටිනකමෙන් අඩුයි කියල හිතෙනවනම් ඔයාලට මේකෙ වටිනකම විය යුත්තේ මෙන්න මේ ගාණ කියල දාන්නත් හැකියාව තියෙනව.

ඒ කිව්වෙ Online කේවල් කිරීමේ හැකියාව මෙතන තියෙනවා.

Thrift Classy.lk කියන්නෙත් තවත් ඒ වගේම පුංචි ඒත් හොඳම හොඳ සර්විස් එකක් දෙන Thrift Store එකක්. මම මෙතනිනුත් කීප සැරයක්ම ඇඳුම් අරගෙන තියෙනව. මෙයාලගෙ වතාවක් දෙවතාවක් භාවිතා කල ඇඳුම් වගේම, ෆැක්ටරි අවුට්ලට් ඇඳුම් හෙමත් ඕන තරම් තියෙනව. ඒ වගේම ඔයාට වාසනාව තිබුනොත් ගොඩක් වෙලාවට හොඳ බ්‍රෑන්ඩඩ් ඇඳුම් හොයාගන්න පුලුවන් කමකුත් මෙතන තියෙනවා.

2. Denim

Denim ඇඳුම් පැලඳුම් වලට ගොඩක් ආය ආසයිනෙ. ඒ උනාට ඩෙනිම් වල මිල දැක්කමනම් ඩෙනිම් කියන්නෙ අපිට ලේසියෙන් ගන්න බැරි දේවල් කියල අමුතුවෙන් කියන්න ඕන නෑ. විශේෂයෙන්ම ඩෙනිම් ස්කර්ට් ට්‍රෙන්ඩ් එකක් දැන් තියෙනවනෙ. ඒ උනාට හොඳ, සාදාරණ මිලකට ඩෙනිම් සායක් ගන්න තැනක් හොයාගන්න ගොඩක් අමාරුයි.

එහෙම ඉද්දි තමයි මට මෙන්න මේ ශොප් එක හම්බුනේ. මෙයාලගෙ ශොප් එක තියෙන්නෙ කිරිබත්ගොඩ පැත්තෙ. ඒ උනාට _the_zeez_official කියන එයාලගෙ Instagram Page එකෙන් ඔයාට ඔන්ලයින් ඕඩර් කරලත් ලස්සන ඩෙනිම් සායවල්, කලිසම් වගේම ජැකට්ස් උනත් පහසුවෙන්ම ගෙදරටම ගෙන්න ගන්න පුලුවන්.

අර අඩු ගාණට තියෙන කැත ඒව නෙවෙයි. ඇත්තටම ලස්සන හොඳ ඇඳුම් සාධාරණ මිලකට තියෙනව කියල මම ස්තිර වෙනවා.

3. Shoes

සපත්තු සෙරෙප්පු කියන්නෙත් අපි ගන්න ආස දේවල්නෙ. ඒ වගේම තමයි සමහරු හරිම කැමතියි තමන් ආස විදියෙ සපත්තු සෙරෙප්පු හදාගන්න. ඒ කිව්වෙ හැමෝම දාන විදියෙ එකම ඩිසයින් එකේ සපත්තු සෙරෙප්පු දාන්නෙ නැතුව තමන්ටම කියල Unique ඒව හදාගන්න.

ඉතින් ඔන්න එහෙම අයට තමන් ආස විදියෙ සපත්තු හදාගන්න පුලුවන් හොඳම හොඳ තැනක් තමයි Azura Shoes by Cheapest Prize lk කියන්නෙ.

මම කීප සැරයක්ම මෙයාලගෙන් සපත්තු හදවගෙන තියෙනව මම කැමති විදියට. ඔයා යවන ඩිසයින් එකකට අනුව සාදාරණ මිලකට හදල දෙනව වගේම එයාලහෙ කලෙක්ශන් එකෙනුත් ඔයාලට පුලුවන් කැමති ඩිසයින් එකක් තෝරගන්න.

4. Leather

Leather නිශ්පාදන කියන්නෙ මිල අධික දේවල් කියල ආය අමුතුවෙන් කියන්න ඕන නෑ. ඉතින් ඔන්න එහෙම හිතන අයට අඩුවට, හොඳ ගාණට Leather සපත්තු සහ බෑග් වගේ දේවල් ගන්න පුලුවන් තැනක් තමයි Kocoon_Leather කියල කියන්නෙ.

මෙයාලගෙන් මම කීප සැරයක්ම සපත්තු සහ බෑග් අරගෙන තියෙනව. මිලත් ඉතාම සාධාරණයි කියල කියන්න පුලුවන්.

ඒ වගේම තමයි sammy_chaps කියන්නෙත් සාධාරණ ගාණකට Leather සෙරෙප්පු අරගන්න පුලුවන් තැනක්.

5. මාල, කරාබු, වලලු

Imitation මාල, කරාබු, වලලු උනත් ඉමිටේශන් උනත් සමහර තැන්වල හරි ගණන්නෙ. හැබැයි මම මේ දැන් කියන්න යන තැන නම් එහෙම නෑ.

මෙයාලගෙ නම Euphoria Colombo. මෙයාලා ගාව ලස්සන මාල, කරාබු, වලලු collection එකක්ම තියෙනව. ඉතාම ලස්සන ඩිසයින් ඉතාම සාධාරණ ගණන්වලට විකුනනව කියල කියන්න පුලුවන්.

ඉතින් මීට අමතරව තව Cosmetics, ගෙදරට ඕන කරන බඩු භාණ්ඩ ගන්නත් ඕන තරම් සාධාරන මිලකට ඒව අලෙවි කරන Online Shops තියෙනව. ඉතින් ඔයාලා දන්න, ඔයාලා රෙකමන්ඩ් කරන ඒවගේ තැන් තියෙනවනම් ඒ ගැන අපිත් එක්ක බෙදාගන්නත් අමතක කරන්න එපා!

Related Articles

Don't Miss


Latest Articles