හැම බාධකයක්ම opportunity එකක්!

“මට ජීවිතේ ඉස්සරහට යන්න කිසිම Opportunity එකක් එන්නෙ නෑ” කියන ප්‍රශ්නෙ අපි අපෙන් ඕන තරම් අහලා තියෙනව. අහනවා.
ඒත් ඇත්තටම අපේ ජීවිතේට Opportunities එන්නෙම නැද්ද?
එක රටක රජ කෙනෙක් හිටියා.
මේ රජතුමා රජකම් කල රටේ ප්‍රධාන පාරක් මැද ලොකුම ලොකු ගලක් තිබුනා. ඒ ගල නිසා ඒ පාරෙන් ගමනාගමනයත් අපහසු වෙලයි තිබුණෙ.
මේ රජතුමා දවසක ඒ ආසන්නයේ හැංගිල බලාගෙන හිටියා කවුරුහරි මහන්සිවෙලා මේ ගල්, මේ බාධකය ඉවත් කරයිද කියල.
එතනින් පහු කරගෙන ගිය කිසිම කෙනෙක් ඒ ගල දිහා බැලුවෙවත් නෑ. සමහරු ආපහු හැරිල ගියා. සමහරු වටෙන් ඇවිදගෙන ගියා. සමහරු “පාර හරියට නඩත්තු කරන්නෙ නෑ” කියල රජතුමාටත් බැන බැන ගියා.
මෙහෙම ඉද්දි මෙතනට එනවා ගොවියෙක්. අතේ එලවලු පිරිච්ච ගොවියෙක්. අනෙක් අය වගේ වටෙන් ඇවිදගෙන යනව වෙනුවට මේ ගොවියා මහන්සිවෙලා පාර මැද තිබ්බ මේ ගල අයින් කරනවා.
ආපහු තමන් යන්න ආව ගමන යන්න හදන ගොවියා දකිනවා ඉවත් කරපු ගල තිබුන තැන රන් කාසි පිරිච්ච මුදල් පසුම්බියක් තියෙනවා.
ඒ පසුම්බිය එක්කම් තියෙන ලියමනේ කියල තියෙනව, හැමෝටම බාධකයක් වුන මේ ගල ඉවත් කිරීම වෙනුවෙන් දෙන තෑග්ගක් තමයි ඒක කියල.
ඉතින්,
ජීවිතෙත් මේ වගේ.
සමහර Opportunities ජීවිතේට එන්නෙ Opportunity එකක් විදියටම නෙවෙයි.
වෙස් වලාගෙන බාධකයක් විදියට වෙන්න පුලුවන්.
ඉතින් ඒ බාධක විදියට වෙස් වලාගෙන එන Opportunities හඳුනාගත්ත දවසට ජීවිතේ දිනන්න ඔයාට පුලුවන්.
අමතක කරන්න එපා, බාධක ගල් පර්වත යට ඔයාගේ ජීවිතේට ආව රන් වටින Opportunity එකක් හැංගිල තියෙන්න පුලුවන් බව!
ඉතින් උත්සහ කරන්න!

Related Articles

Don't Miss


Latest Articles