ඉන්දියාවේ, මුසහාර් කියන්නෙ දරිද්‍රතාවයෙන් සහ දුෂ්කරතා වලින් පිරිල තිබුණු එක්තරා කුඩා ගම්මානයක්.
තමන්ගෙ එදිනෙදා ජීවිතේ අත්‍යාවශ්‍ය අවශ්‍යතා සපුරගන්න දවසේ වැඩි වේලාවක් අසාමාන්‍ය විදිහට මහන්සි වෙලා වැඩ කරත් ඉතාම සීමිත වැටුපක් ලබපු මුසහාර් වල මිනිස්සු ඉතාම අසීරු ජීවිතයක් තමයි ගත කරේ.
ජීවිතේ මොනතරම් අසීරු සහ දුෂ්කර වුනත් ස්වභාවිකව ඔවුන්ට ලැබිල තිබුණු සම්පත් කොයිතරම් සීමිත වුනත් දවසේ අවම ආහාර අවශ්‍යතාවයවත් සපුරා ගන්න නොහැකි වුනත් මුසහාර් ගම්මානයේ අඩු නැතුව දිනෙන් දිනම වර්ධනය වෙන සම්පතක් නම් තිබුණා.
ඒ තමයි ඔවුන්ගෙ දරු සම්පත.
මුසහාර් ගම්මානය පුරාම ඕනම වෙලාවක එක එක වයස් වල දරුවො දකින්න ලැබුණා.
ඔවුන්ගෙ සිනහවල්, කතාවල් ඔවුන් එක්ව සෙල්ලම් කරද්දි ඇහෙන සතුටු හඬවල් වලින් මුසහාර් ගම්මානය පිරී ගිහිල්ලයි තිබුණේ.
මුසහාර් ගම්මානයේ ජීවත් වුණ පවුල් එකිනෙකාට ඉතාම සමීපව ඇසුරු කරා. මේ පවුල් බොහොමයක් ඥාතීන් වුණ අතර ඔවුන් සතුට, දුක, සිනහව, කඳුල එකට එක්ව බෙදාගෙනයි මුසහාර් වල ජීවත් වුනේ.
මේ පවුල් අතර සාදා පවුලත් හිටිය. සාදා පවුල ටිකක් විශේෂ පවුලක්. මොකද සාදා පවුල මුළු ගම්මානය පුරාම විසිරිලා ගිහිල්ලයි තිබ්බෙ. සාදා පවුලට තමන්ගේ ඥාතීන් බලන්න ගොඩක් දුර යන්න අවශ්‍ය වුනේ නෑ. මොනතරම් දුෂ්කරතා මධ්‍යයේ වුනත්, ඕනෙම දේකදි තමන්ගෙ පිහිටට එන ඥාතීන් අතේ දුරින් ඉන්න එක හැම කෙනෙක්ටම ලොකු සහනයක් වගේම ශක්තියක් ගෙනවා.
අතුරුදහන් වීම්
මේ හැම කතාවක්ම පටන් ගත්තේ අවුරුදු 06 ක් වුණ සාදා පවුලේ පුංචි හුරතල් ගෑණු ළමයෙක්ගෙ අතුරුදහන් වීමත් එක්කයි.
ඥාතී සහෝදරයො එක්ක සෙල්ලම් කරන්න ගියපු ඇය සෙල්ලම් කරල ඉවර වෙලා කවදාවත් ආපහු තමන්ගෙ ගෙදර ආවෙ නෑ.
මේ අතුරුදහන් වීමෙන් කලබලයට පත්වුණ සාදා පවුල මුළු ගම්මානය පුරාම ඇයව හෙව්ව වුනත් ඇය ගැන කිසිම තොරතුරක් හොයාගන්න බැරිවුණා. පවුල් අතරේ රහස් තියෙනවනෙ. ඉතිං, කුමක් හෝ හේතුවකට මේ අතුරුදහන් වීම අනෙක් ගම්වැසියන්ගෙන් සඟවන්න සාදා පවුල තීරණය කරා සහ ඇය ගැන සොයා බලන එකත් අත හැරල දාන්න තීරණය කරා.
ඊට බොහොම ටික කාලෙකට පස්සෙ සාදා පවුලට තවත් දරුවෙක් ලැබුණ නිසා ඒ ගැන තිබ්බ දුක, කණගාටුව වගේම මතකයත් හෙමින් හෙමින් හැමෝගෙන්ම ඈත් වෙලා ගිහිල්ලයි තිබුණේ.
ඒත්, මේ අලුත් ගැහැණු දරුව ඉපදිලා දින කීපයක් ගෙවෙද්දි එක්වරම ඇයත් අතුරුදහන් වුණා.
මේ වතාවෙ නම් වුනේ මොකක්ද කියන කාරණාව ලේසියෙන් අමතක කරන්න සාදා පවුලට හැකිවුනේ නෑ වගේම මේ එක ලඟ සිදුවුණු අතුරුදහන් වීම් ගැන සාදා පවුල ඉදිරිපත් කරපු හේතු පිළිඟන්න ගම්වැසියො එකඟ වුනෙත් නෑ.
මේ අතුරුදහන් වීම් නිසා ඔවුන් කැළඹිලයි හිටියෙ.
සාදා පවුලේ අසාමාන්‍ය නිහැඬියාව ගම්වැසියන්ට ගෙනාවේ දැඩි කුතුහලයක් වගේම සැකයක්. තමන්ගෙ පවුලෙ ගැහැණු ළමයි දෙන්නෙක් එක්වරම අතුරුදහන් වෙද්දි එහෙම දෙයක් වුනේ නෑ වගේ, ඒ ගැන වචනයක්වත් නොකිය එන්න, කඳුළක්වත් නොහෙල ඉන්න අම්ම කෙනෙක්ට, තාත්ත කෙනෙක්ට, ඥාතියෙන්ට පුළුවන් වෙන්නෙ කොහොමද කියන කාරණාව ඔවුන් නිතරම කතාබහ කරා.
සාදා පවුල ඇතුලෙ යම් දෙයක් සිදුවෙමින් පවතිනව කියල ඔවුන් තීරණය කරේ ඒ නිසයි.
ඊට ටික දිනකට පස්සෙ වර්ෂ 2007 දී මුසහාර් ගම්මානය කළඹවමින් මාස 06 ක තවත් හුරතල් අහිංසක පුංචි දැරියක් අතුරුදහන් වුනා. ඇය නමින් “කුෂ්බු”. ඇගේ අම්මා තමන් දවසේ සේවයට පිටත්ව යද්දි පුරුදු විදිහටම පුංචි කුෂ්බු ව මුසහාර් ගම්මානයේ ප්‍රාථමික පාසලේ තියලයි ගියෙ.
ආරක්ෂාව සහ ආදරය හොඳින්ම තියෙන තැනක් කියල අවිවාදයෙන්ම පිළිඟත්ත තැනක් වුනත් තමන්ගෙ දවසේ සේවය අවසානයේ කුෂ්බු ව එක්කන් යන්න ආව ඇගේ අම්මට ප්‍රාථමික පාසලේ හිටපු තමන්ගෙ දුව තවදුරටත් එහි නැතිබව දැකගන්න ලැබුණා.
ඇසිපිය ගසන වේගයකින් කුෂ්බු අතුරුදහන් වෙලා තිබුණා.
කුෂ්බු කොහෙද?
හැබැයි කුෂ්බුගෙ අම්ම සාදා පවුලෙ අය වගේ නිහඬව හිටියෙ නම් නෑ.
තමන්ගෙ දුවගෙ අතුරුදහන් වීමෙන් දැඩි කම්පාවට පත්වුණ ඇය මුළු ගම්මානය පුරාම ඇයව සොයමින් දිවගියා. මුණගැහෙන හැම කෙනෙක්ගෙන්ම පුංචි කුෂ්බුව දැක්කද අහන ගමන්ම ඇයව හොයාගන්න උදව් ඉල්ලුව.
කුෂ්බුගෙ අම්ම වගේම ප්‍රාථමික පාසලේ නිළධාරීනුත් බොහොම කලබලයට පත්වෙලයි හිටියෙ. එච්චර පිරිසක් හිටිය තැනින් කාටත් නොපෙනී කුෂ්බුව අතුරුදහන් වුනේ කොහොමද කියන කාරණාව ඔවුන්ටත් විශාල ගැටළුවක් වුණා.
ගමේ මිනිස්සු සමඟ කුෂ්බුව හොයමින් ඇවිද්ද කුෂ්බුගෙ අම්මට සාදා පවුලේ සමාජිකයෙන් මුණ ගැහුනෙ ඔය අතරෙදියි.
කුෂ්බු ගැන අහපු කුෂ්බුගෙ අම්මව මේ අතුරුදහන් වීම ගැන පැමිණිල්ලක් සමඟ තමන්ට ඉන්න එකම සැකකාරය ගැනත් දැනුවත් කරන්න මුසහාර් ගම්මානය භාර පොලිස් ස්ථානයට එක්කන් යන්න සාදා පවුලේ සමාජිකයෝ තීරණය කරේ තවදුරටත් රහසක් සැඟවීමේ ප්‍රතිඵලයක් නෑ කියල ඔවුන්ට තේරුන නිසයි.
සැකකරු කවුද?
සාදා පවුලේ සාමාජිකයන්ගෙ ප්‍රකාශයට අනුව සහ කුෂ්බුගෙ අම්මගෙ පැමිණිල්ලට අනුව ක්‍රියාත්මක වුණ පොලිසීය මුසහාර් ගම්මානයට ගියා.
ළමයි පිරිසක් එකතු වෙලා සෙල්ලම් කරමින් හිටිය තැනක නැවතුණු පොලීසිය ඒ ළමයි අතරේ හිටිය බොහොම අහිංසක සහ නිස්කලංක පෙනුමක් තිබ්බ එක පිරිමි ළමයෙක්ව තමන්ගෙ ලඟට අඬගහගෙන හරිම ගැඹුරු නමුත් සරල ප්‍රශ්නයක් ඇහුව.
“කුෂ්බුගෙ අතුරුදහන් වීම ගැන ඔයා මොනවහරි දන්නවද?”
කිසිම පැකිලීමක්, කල්පනා කිරීමක් හෝ කාලය ගත කිරීමක් නොකරපු මේ පිරිමි ළමය හරිම සන්සුන්ව ඒ ප්‍රශ්නෙට පිළිතුරු දුන්නා.
“ඔව්”
ඔහුගෙ මේ ප්‍රකාශයෙන් මේ කිසිම දෙයක් දන්නෙ නැති ගම්වැසියො සැනසුම් සුසුමක් හෙළුවෙ කුෂ්බු අන්තිමට කොහෙදිද දැක්කෙ? කුෂ්බුව අරන් ගියෙ කවුද? වගේ දෙයක් ගැන හෝඩුවාවක් ඔහුගෙන් ලැබෙයි කියන විශ්වාසය මතයි.
නමුත් මේ කුඩා පිරිමි ළමය ඊළඟට කියපු දෙයින් උඩට ගත්ත හුස්ම පහළට හෙලන්න ගම්වැසියන්ට වගේම පොලිස් නිළධාරීන්ටත් අමතක වුණා.
“කුෂ්බු අතුරුදහන් වෙලා නෑ. ඇය මැරිලයි ඉන්නෙ. ඇයව මැරුවෙ මමමයි”
තමන්ට ඇහුනෙ මොනවද කියල විශ්වාස කරගන්න බැරුව මුසහාර් ගම්වැසියො ගල් ගැහිල ඉද්දි පොලිසිය නම් හිතුවෙ මේ පුංචි පිරිමි ළමය තමන් එක්ක බොහොම නරක විහිළුවක් කරනව කියලයි.
කුෂ්බු හිටියෙ කොහෙද?
නමුත් මේ පිරිමි ළමය කියන්නෙ විහිළුවක්ම නොවෙන කාරණාව තමන් කුෂ්බුව හැන්ගුවෙ කොහෙද කියල පෙන්නන්ඩ පොලීසිය එක්කගෙන යන්න කැමති වුන ඔහු පසුපස්සෙ ටික දුරක් යද්දී පොලීසියට සැකයන් මතුවුණා.
සවලකින් හාරපු වළක් ඇතුළේ හඳුනාගන්නත් අපහසු තුවාල,ලේ සහ කැළැල් එක්ක තිබ්බ පුංචි අහිංසක කුෂ්බුගෙ සිරුර සොයාගත්ත පොලීසිය ඇගේ සිරුර දැකල අතිශය කම්පාවට ලක්වුණා.
කුෂ්බුට මොකද වුනේ?
කාගෙවත් ඇස ගැටෙන්න කලින් කුඩා කුෂ්බුව ඉස්කෝලෙන් අරන් ආව විදිහ, කවුරුත් නොඑන පාළු තැනකට ගිහිල්ල කුෂ්බුට හිංසා කරල කුෂ්බුව බය කරන්න උත්සහ කරපු විදිහ, අවසානයේ කුෂ්බු නොනවත්වා හැඬීමට පටන් ගත්තු නිසා තමන් කොච්චර බලවත් කෙනෙක්ද කියල කුෂ්බුට හඟවන්න තිබ්බ උවමනාවට ගල් පතුරක් අරන් කුෂ්බු සඳහටම නිහඬ වෙනකන් කුෂ්බුට පහර දුන්න විදිහ, එකින් එක හරිම සරලව, කතන්දරයක් කියන තරම් නිස්කලංකව පොලිසියට කියන්න ඔහුගෙ කිසිම පැකිලීමක් තිබ්බෙ නෑ.
“එයා මැරෙනකන් මන් එයාට ගලකින් ගැහුව දිගටම ගැහුව”
මේ පිරිමි ළමය හිනාවෙවී කියද්දි තමන් මේ අහන්නෙ මොනවගේ කතාවක්ද කියල විශ්වාස කර ගන්න බැරුව පොලිස් නිළධාරීන්ගෙ ඇඟ හිරිවැටිලයි තිබ්බෙ.
කිසිකෙනෙක්ට වරදක් නොකරපු අහිංසක දරුවෙක්ව අමානුෂික විදිහට ඝාතනය කරා කියල ඉතා අහිංසක සහ දුර්වල පෙනුමක් තියෙන තවත් දරුවෙන් කරන පාපොච්චාරණයක් විශ්වාස කරන්න පුළුවන් කාටද?
ඔහු මේ කියන්නෙ මවාපෑමක්වත්, විහිළුවක්වත්, යාළුවො ඉස්සරහ වීරයෙක් වෙන්න ගොතන කතාවක්වත් නෙමෙයි කියල වගේම බොහොම සංකීර්ණ ගැටළුවක් බව තේරුම් ගත්ත පොලීසිය හැකි තරම් ඉක්මණින් ඔහුව පොලිස් ස්ථානයට ගෙනියන්න කටයුතු කරා.
ඇයි එහෙම කලේ?
පොලිසියට අරන් ඇවිල්ල පුටුවක වාඩි කරවල ඊළඟට ඔහුට කරන්නෙ මොනවද කියල හිතාගන්න බැරුව හිටිය පොලිස් නිළධාරීන්ට මේ පිරිමි ළමය බොහොම සංසුන්ව, සතුටින්, පොළවටවත් දිග නැති තමන්ගෙ කකුල් වනමින්, ඉන්න හැටි බලද්දි පුදුම හිතුණා.
ඔහු දිහා බලන හැම කෙනෙක්ටම අව්‍යාජව හිනා වෙන්න ඔහු අමතක කරේ නැහැ.
තමන් කරපු දේ භයානක බව ගැන කිසිම අවබෝධයක් නොතිබුණ ඔහු බිස්කට් සමඟ කිරි තේ පවා ඉල්ලා තිබුණා.
ප්‍රශ්න කිරීම් වලදී මෙහෙම කලේ ඇයි කියන ප්රශ්නය පොලීසිය ඔවුන්ගෙන් ඇහුව.
උත්තරය ලැබෙනකන් නොඉවසිල්ලෙන් බලන් ඉන්න ඔවුන්ට දකින්න ලැබුනෙ තමන්ට ලැබුණ බිස්කට් තේ වල පොඟවගෙන කන ඔහුගේ පුරුදු අව්‍යාජ හිනාවම විතරයි.
කවුද මේ ඝාතකයා ?
අමර්ජිත් සාදා.
ඒ තමයි මේ කුඩා පිරිමි ළමයගේ නම. අත් අඩංගුවට ගද්දි වයස අවුරුදු 8 ක් වුන ඔහු ඉපදිලා තියන්නෙ වර්ෂ 1998 බෙගුසරායි බිහාර් වල දුප්පත් පවුලකයි.
අමර්ජීත් සමඟ දරුවන් හතර දෙනෙක්ගෙන් යුතු පවුල තමන්ට හිමිවෙන අඩු වැටුප් සහ දැඩි ආර්ථික ගැටළු දරාගන්න බැරි තැන අලුත් රැකියාවක් සහ හොඳ ජීවන තත්වයක් ලබාගන්න මුසහාර් වලට ඇවිල්ල තිබුණා.
වර්ෂ 2006 දී සාදා පවුලෙ මුල්ම ගැහැණු දරුවා අතුරුදහන් වෙද්දි අමර්ජීත්ගේ වයස අවුරුදු 07 ක් වෙලයි තිබ්බෙ. ප්‍රශ්න කිරීම් වලදී කුඩා කුෂ්බුව මරා දමපු විදිහටම ඇයවත් මරා දමපු බව අමර්ජීත් පිළිඅරන් තිබ්බ.
ඇයට දිගින් දිගටම හිංසා කරද්දී ඇය එයින් බේරෙන්නෙ සටන් කරපු හැටි, කෑගහපු හැටි, පලා යන්න උත්සහ කරපු හැටි දකිද්දි අමර්ජීත්ට තමන්ගෙ ශක්තිය ගැන ආඩම්බරයක් දැනුනා වගේම ඇගේ උත්සහයන් ඔහු රසවින්දා.
ජීවිතය වෙනුවෙන් සටන් කරල ඇගේ ශක්තිය හීන වෙලා ගියාට පස්සෙ තමන්ගෙ අත්වලින් ඇයගේ බෙල්ල මිරිකුව අමර්ජීත් එතනින් නැවතුනේ නැහ. ගලක් අරන් දිගින් දිගටම ඇයට පහර දී ඇගේ හිස පොඩිකර දමා තිබුණා.
පොලිසියට උත්තර දුන්න වගේම පවුලෙ අය අහද්දිත් ඒ ගැන කිසිම පැකිලීමක් නැතුව තමන් කරපු අපරාධය ගැන අමර්ජීත් විස්තර කරා. මියගිය ගැහැණු ළමයගේ පියා ඇතුළු පවුලේ සියළු දෙනාම මේ ගැන දැනුවත්වයි හිටියෙ.
කණගාටුවට කරුණ විදිහට අමර්ජීත්ව ආරක්ෂා කරන්න නිහඬව ඉන්න ඔවුන්ව තීරණය කරා. ඝාතනයක බැරෑරුම් බව තේරුම් ගන්න ඔහු කුඩා බව ඔවුන් සිතුවා. ඔහු සමඟ කතා කරන්න ඔහුට වරද තේරුම් කරල දෙන්නෙ ඔවුන් තීරණය කරේ මේ සියල්ල පවුලේ රහසක් ලෙස තබාගෙනයි.
සිදුවුන දේ බරපතළ බව ඔහු තේරුම් ගත්ත බවත් නැවත එවැනි දෙයක් සිදුනොකරාවී කියල ඔවුන්ට තිබ්බ විශ්වාසය ඊට මාස කීපයකට පස්සෙ නැවත සුණුවිසුණු වී ගියේ අමර්ජීත් ඔහුගේම පවුලේ, ඔහුගේම ලේ ඇති ඔහුගේම කුඩා සොයුරිය ඝාතනය කරාට පසුවයි.
ඔව්. සාදා පවුලේ අතුරුදහන් වුණ දෙවෙනි ගැහැණු දරුවා, කුඩා බිළිඳිය වුනේ අමර්ජීත්ගෙම නංගියි.
තොටිල්ලෙ නිදාගෙන හිටිය දින කීපයක් වයසෙ තමන්ගෙ නංගිවත් පුරුදු විදිහටම ඝාතනය කරපු අමර්ජීත් මේ වතාවෙත් කිසිම දෙයක් නොසඟවා තමන් කරපු දේ පවුලේ සියළු දෙනා ඉදිරියේ පිළිඅරන් තිබ්බ.
මේ වතාවෙත් පවුලෙ අය මේ රහස සඟවන්න තීරණය කරල තිබ්බ.
නමුත් කුෂ්බුගේ සිද්ධිය වෙනස්, කුෂ්බු පවුලෙ කෙනෙක් නෙමෙයි. කුෂ්බුගෙ අම්මට තමන්ගෙ අහිංසක දරුව වෙනුවෙන් යුක්තිය සහ සාධාරණය උවමනා කරල තිබ්බ.
දඬුවම
නමුත්, ඉන්දියාවේ පවතින නීතිය අනුව නීති වලින් දඬුවම් කළ නොහැකි තරම් කුඩා වයසක අමර්ජීත් පසුවන බවයි අධිකරණයෙන් තීරණය කරේ.
අපරාධ, හිංසා සහ ලිංගික හිරිහැර වගේම තවත් කෙනෙක්ගේ දුකක් රසවිඳින්න ඇති කැමැත්ත කියන කරුණු වලට හේතුවන conduct disorder කියන මානසික ගැටළුව අමර්ජීත්ට ඇතිබව ඔහුට ප්‍රතිකාර කළ වෛද්‍යවරුන්ට වැටහුණා.
ඒ අනුව ප්‍රතිකාර පිණිස ඔහු පුනරුත්තාපන මධ්‍යස්ථානයකට ඇතුළු කරනු ලැබුවා.
අවුරුදු 18 වන තෙක් එහි ප්‍රතිකාර ගැනීමෙන් පසු වෙනත් නමකින් වෙනත් අනන්‍යතාවයකින් ඔහු එයින් පිටව බාහිර සමාජයට එක්වීමේ අවස්ථාව ලබා ගන්නවා.
අමර්ජීත්ගේ සිදුවීමේදී ඉන්දියානු පවුලක ගැහැණු දරුවන්ට වඩා වැඩි රැකවරණයක් සහ සොයාබැලීමක් පිරිමි දරුවන්ට හිමිවන බවට වන කටුක සත්‍යය දැඩි කතාබහකට ලක්වුණා.
දරුණු ලෙස පවුලේ ගැහැණු දරුවන් දෙදෙනෙක් මරා දැමූ පසුත් පිරිමි දරුවාට රැකවරණය දෙන්න ඔවුන් කටයුතු කරේ ඒ නිසයි කියලයි බොහෝ විචාරකයන් අවධාරණය කරේ.
අමර්ජීත්ට ප්‍රතිකාර කල වෛද්‍යවරුන්ට අනුව මේ ඝාතනයක් සිදුකරන තෙක්ම තමගේ පවුලෙන් අමර්ජීත්ට විවිධ හිරිහැර සිදුවෙන්න ඇති බවත් විශ්වාස කරනවා.
ඒ කොහොම වුනත්, අමර්ජීත් දැන් අවුරුදු 36 ක තරුණයෙක්. ඉන්දියාවේ හෝ ලොව කොහේ හෝ වෙනත් නමකින් වෙනත් අනන්‍යතාවයකින් ඔහුව ජීවත් වෙනව ඇති.
අපරාධයක් කිසිදා සැඟවිය නොහැක කියන සත්‍යය වගේම අපරාධකරුවෙක් සමාජයට බිහි නොකිරීමා වගකීම අපි සියළු දෙනාටම තිබෙන බවත් මතක් කරමින් අපි සමුගන්නවා.
සටහන – දුලානි නවෝද්‍යා