ලෙඩ ගොඩකට වැට බඳින “කුරුඳු”

උදරය නෙරා ඒම කාන්තාවන්ගේ බහුල ගැටළුවක්.

උදෑසනට උණු වතුර වීදුරුවකට,

  • කුරුඳු කුඩු මේස හැඳි 1/2
  • ඉඟුරු කුඩු මේස හැඳි 1/2
  • මී පැණි මේස හැන්දක්

මිශ්‍ර කර පානය කිරීමෙන් මාස දෙකකින් තුනකින් බඩ අඩු කර ගන්න පුළුවන්.
මිට අමතරව දියවැඩියාව, කොලෙස්ටොරෝල්, හෘද රෝග, ආතරයිටිස් වැනි බෝ නොවන රෝග වලටත් උණ, සෙම්ප්‍රතිශ්‍යාව, කැස්ස වැනි ලෙඩ රෝග රාශියකට සුවය ලබා ගන්න පුළුවන්.

ඔබ කොලෙස්ටොරෝල් රෝගයෙන් පෙලෙන්නෙක් නම් මී පැණි හා කුරුදු වලින් ප්‍රතිඵලදායි ඖෂධයක් පිළියෙළ කර ගන්න පුළුවන්. මී පැණි මේස හැදි දෙකක් හා කුරුඳු තේ හැදි තුනක් ජලය වීදුරුවකට මිශ්‍ර කර දිනපතා පානය කරන්න. අහිතකර කොලෙස්ටෙරෝල් මට්ටම අවම කර ගන්න නොවරදින පිලියමක්. එහෙමත් නැත්තන් සුදු ලූණු රැයක් පුරා මී පැණි සහිත බඳුනක බහා තබා උදෑසනට ආහාරයට ගන්න.

ආතරයිටිස් වලට සුවය ලබා දීමට ඉහත කුරුඳු කුඩු හා මී පැණි මිශ්‍ර පානයට පුළුවන්. දිනපතා උදේ සවස පානය කිරීමෙන් ආතරයිටිස් රෝගයට සුවය ලබාගන්න පුළුවන්.

උදැසන ආහාරයට ගන්න පාන් පෙත්තට මී පැණි හා කුරුඳු ස්වල්පයක් ඉස ආහාරයට ගැනීමෙන් රුධිර නාල වල තැම්පත් අහිතකර මේදය ඉවත් වෙන නිසා ඔබ හදවත් රෝග, ආඝාතය වැනි භයානක තත්ත්වයන්ගෙන් ආරක්ෂිතයි. ඔබ ආහාරයට ගන්නා යෝගට් කප් එකට වුනත් කුරුඳු කුඩු ස්වල්පයක් ඉස ආහාරයට ගැනීමත් ප්‍රමාණවත්.

ඒ වගේම මේ වට්ටෝරුවම ඔබට කැස්ස, උණ, සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝගී තත්ත්වයන්ගෙන් ආරක්ෂා වෙන්න, සුවය ලබා ගන්න භාවිතා කරන්න පුළුවන්. පිත්තාශයේ ආසාදන සුවකර ගැනීමට, ප්‍රතිශක්තීකරණ පද්ධතිය ක්‍රමානුකුල හා වේගවත් කර ගැනීමටත් මේ ප්‍රතිකාරය ඉතාමත් යෝග්‍යයි.

Related Articles

Don't Miss


Latest Articles