අද කාලෙට ගැලපෙන විදිහට ඕනෑම අවස්ථාවකට ගැලපෙන්න Smart විදිහට සැහැල්ලුවටත් පහසුවටත් සහ ලස්සනට ඇඳගෙන යන්න ඔබ ලඟ අනිවාර්යයෙන්ම තිබිය යුතු ඇඳුම් වර්ග කිහිපයක් ගැන අපි අද කථාකරමු..
සුදු පාට කමිසයක්
දිග කලිසමක් හෝ සායක් සමඟ වගේම ඩනිම එකක් සමගත් අඳින්න පුළුවන්. කොලරයක් ඇති අත දිග එකක් නම් වඩාත් හොඳයි (long sleeve collar blouse). හොඳ statement jewelry සමග ඇන්දොත් විශේෂ අවස්ථාවකටත් ගලපා ගන්න පුළුවන්.
නිසි නිමාවෙන් යුතු සායක් (pencil skirt)
ඇඟේ හැඩ අනුවව හොඳින් මැසූ සායක් සමග හොඳ Top එකක් ගලප ගත්තොත් ඔනම තැනකකැපී පෙනේවි. කළු,අළු හෝ තද නිල් පැහැයෙන් මිලදි ගන්නපුළුවන් නම් වඩාත් හොඳයි.
ඩෙනිම්
දවසේ ඕනෑම වෙලාවකට ගැලපෙන ඇඳුමක්. Match කරන top එක අනුව casual look එකේ සිට party look දක්වාවෙනස් කරගන්න පුළුවන්. මුදල් ටිකක් වැඩියෙන් වියදම් වුණත් හොඳ ආයෝඡනයක්. මතක ඇතිව ඇඟට ගැලපෙන cut එකක් තෝරා ගන්න.
සුදු ටීෂර්ට් එකක්
වටිනා පෙනුමක් ඇති සාමාන්‍ය මිලකින් යුතු white t-shirt එකක් අත්‍යාවශයි. ඉක්මනින් පැල්ලම ඇති විය හැකි නිසා වැඩි මිලක එකක් ගැනීම ඔබේ පසුම්බියට හානි කරයි.
දිගු කලිසමක්
නිසි ලෙස නිම කල කළු හෝ තද පැහැති කලිසමක් (Pant/Trouser) ඔබේ ඇඳුම් සංචිතයට නැතිවම බැරි අංගයක්. Match කරන top එක අනුව සාමාන්‍ය ගමනේ සිට විශේෂ උත්සවයකටත් කදිමට ගැලපෙයි.
තනි පාට ගවුමක්
කළු පාට ගවුමක් (little black dress) නම වඩාත් ලෙහෙසියි. හැමදාම අඳින කලිසම වෙනුවට වෙනසක් කරන්න අපූරැයි. නිසි jewelry සහ shoes සමඟ ගලපා ගැනීමෙන් සාමාන්‍ය තැනකට මෙන්ම විශේෂ උත්සවයකටත් අඳින්න පුළුවන්. මේ දවස්වල වෙළඳපලේ තිබෙන multi-way වර්ගයේ ගවුමක් ගත්තොත් කැමති හැඩයකට අඳින්න පුළුවන්.
කාර්ඩිගන්/ෂෝල්
Cardigan හෝ shawl/pashmina එකක් නැත්නම් වර්ග දෙකම හොඳ ආයෝජනයක්. සීත මකන්න විතරක් නොව ඇඳුමකට නව පෙනුමක් දෙන්නත් කදිමයි.
– කල්හාරි –