“I wandered lonely as a cloud
That floats on high o’er vales and hills
When all at once I saw a crowd
A host, of golden daffodils
Beside the lake, beneath the trees
Fluttering and dancing in the breeze”
තාලෙ අල්ලල, Poem එකෙන් කියවෙන්න ඕන කතාව යස අපූරුවට කියවෙන්න Poems කියන්න බෑ නවයෙ පංතියෙ ලාලසීට ඇරෙන්න වෙන කාටවත්. මුලු ඉස්කෝලෙම ප්‍රසිද්ධයි ලාලසී ලස්සනට Poems කියනව කියල. හැම අවුරුද්දෙම ඉංග්‍රීසි භාශා දින තරඟ වලදි තඹරවිල මහ විද්‍යාලෙ Recitation අංශෙන් පලවෙනි තැනට එන්නෙ ලාලසී හන්ද කියන එකත් ඉතින් ප්‍රසිද්ධ රහසක්.
මේ අවුරුද්දෙත් ඉංග්‍රීසි භාෂා දින තරග වල Recitation අංශෙට ළමයි තේරුවට ඉතින් හැමෝම දැනගෙන හිටිය ලාලසී එක්ක කාටවත් හැරෙන්න බැරි බව. ඒකට කාගෙවත් හිතේ මෙච්චර කාලයක් නම් තරහක් තිබුනෙ නෑ. මොකෝ කොහොම කවුරු ගියත් දිනුම ගන්න පුලුවන් ලාලසීට විතරක් බව හැමෝම දන්න නිසා.
ඒ උනාට මේ අවුරුද්දෙ නම් ඒක එහෙම නොවිය යුතු බව හිතපු කෙනෙක් හිටියා. ඒ නවයෙ පංතියට ඉංග්‍රීසි උගන්නන කුමාරි මිස්.
කුමාරි මිස්ගෙ දූ ප්‍රබෝධා. ප්‍රබෝධා තඹරවිල ඉස්කෝලෙට ආවෙ ලඟඳි. කුමාරි මිස්ට මාරුවක් හම්බෙලා එද්දි දූ එක්කමයි ආවෙ. අම්මා ඉංග්‍රීසි ගුරුවරියක් හන්දා ප්‍රබෝධා කොහොමත් ඔලුවෙන් හිටියෙ. කතාව විතරක් නෙවෙයි ජීවත්වෙන විදියත් ඉංග්‍රීසි පන්නෙට කරන්න තමයි ප්‍රබෝධයි කුමාරි මිසුයි හැම තිස්සෙම උත්සහ කලේ.
“ලාලසී තමයි ඉතින් පහුගිය අවුරුදු ගාණ පුරාවටම Recitations වලින් දින්නෙ ඉංග්‍රීසි බාශා දින තරග වලදි”
මියුසික් ටීචර් වුණ කාන්ති එහෙම කිව්වෙ ස්ටාෆ් රූම් එකේ හැමෝම ඉන්න තැන. කාන්ති කියන්නෙ කොහොමත් හිතේ කහටක් තියාගන්න මනුස්සයෙක් නෙවෙයි කියල දන්න කවුරුවුනත් ඒකතාවට ඔලුව වනලා එකඟ උනාට කුමරි මිස් නම් හිටියෙ තරගෙ පරාද වෙන්න බලාගෙන නෙවෙයි.
“ලාලසීල වගේ නෙවෙයි ඉතින් අපේ ප්‍රබෝධාගෙ ප්‍රනන්සියේශන් ඉතින් හොඳයි. ගෙදරත් ඉංග්‍රීසියෙන්ම කතා කරන්නෙ. ඒ ලමය මට වඩා ඇඩ්වාන්ස් අනේ” කියල හිනා වෙවී කිව්වට මොකෝ මේ හදන්නෙ ඉතින් ලාලසීගෙ චාන්ස් එක කපල දාන්න බව කාටත් නොතේරුනා නෙවි.
“ඒ උනාට ඉතින් අපි තරගෙට යවන්නෙ ඉස්කෝලෙන් තෝරගන්න ලමයනෙ.මෙතනදි අපි ඕක කොච්චර කතා කරත් වැඩක් නෑ” කියල කොහොමත් සාධාරණව වැඩ කරන මාලතී මිස් කිව්වට කුමාරි මිස්ගෙ මූනෙ ඇඳිල තිබිච්ච හිනාව නම් කිව්වෙ වෙන කතාවක්.
“හැමදාම ඉතින් එකම ළමය යවන එකේ අපි මේ පාර අලුත් මූනක් යවල බලමු” කියල අංශ භාර ගුරුතුමීගෙ කටින් ආවෙ අන්න ඒ හිනාවට හේතුව බව හැමෝම දැනගත්තෙ පස්සෙ.
කොහොමහරි ඉංග්‍රීසි බාශා දින තරග වල Recitation වලට ඉන්පස්සෙ යන්න කවදාවත් ලාලසීට චාන්ස් එකක් ආවෙ නෑ. හැම වතාවකම වගේ පැරදුණාට මොකෝ ප්‍රබෝධාව ඒවට යවන එක නතර කරන්න කුමාරි මිස් නෙවෙයි අඩියක් තිබ්බෙ.
කාලෙ ගෙවිල ගියා. ඉස්කෝලෙ ලමයි අස් වෙලා අලුත් ලමයි ආවා. ලාලසී ඒලෙවල් හොඳට පාස් වෙල කැම්පස් ගියා. ප්‍රබෝධාත් ඉහලට ඉගෙන ගෙන කන්තෝරුවක රස්සාවකට ගියා.
තඹරවිල ඉස්කෝලේ සංවත්සරේට සූදානම් කල විවිධ ප්‍රසංගෙ ආරාධිත අමුත්තා වුනේ තඹරවිල ඉස්කෝලෙ තිබ්බ ගමේ අතිරේක දිස්ත්‍රික් ලේකම් විදියට පත්වෙලා ආවෙ ඉස්කෝලෙම ඉගෙන ගන්න ළමයෙක්.
වෙන කවුරුවත් නෙවෙයි ලාලසී.අලුත් මූණක් වෙනුවට හුරුපුරුදු මූණක්.
“මම ඉගෙන ගත්තෙ මේ ඉස්කෝලෙ. එක වසරෙ ඉඳල උසස් පෙලට ඉගෙන ගන්න කම්ම මම මේ ඉස්කෝලෙන් තමයි ඉගෙන ගත්තෙ. ඒ ලැබිච්ච අධ්‍යාපනය වගේම ගුරුවරුන්ගෙන් ලැබිච්ච ගුරුහරුකම් එක්ක තමයි ජීවිතේ මෙච්චර දුර එන්න මට පුලුවන් කම ලැබුනෙ.
ඉතින් අද ඔයාලට ඉස්කෝලෙට වගේම මටත් හරිම සන්තෝස සහ විශේෂ දවසක්. මගේම ඉස්කෝලෙ සංවත්සරේට මෙහෙම ආරාධිත අමුත්ත විදියට එන්න ලැබුණ එක මට ලොකු සතුටක්” කියල ලස්සන කතාවක් කරල ඉවර වෙච්ච ලාලසී පුංචි පංතිවලදි ඒ ළමයගෙ ගමන නවත්තන්න තමන් කොච්චර වලි කෑවද කියන එක කුමාරි මිස්ට අමතක කරන්න පුලුවන් උනේ නෑ.
ඒ දවස්වල තරුණ කමයි, ආඩම්බරෙයි එක්ක තමන් හිතුවෙ තමන්ගෙ දරුව ගැන විතරක් උනාට ගුරුවරයෙක් නොකල යුත්තෙම ඒක නේද කියල වයසට ගිය කුමාරි මිස්ට හිතුනා. ලැජ්ජාවටද දුකටද කියල පැහැදිලි නැති කඳුලක් ඇවිත් ඇහැ කෙලවරක නතර උනා.
කුමාරි මිස් ලඟට ඇවිදන් ආව ලාලසී අනිත් හැම ගුරුවරයෙක්ටම වැන්ද වගේ කුමාරි මිස්ගෙත් කකුල් අල්ලල වැන්ද.
කුමාරි මිස් ලාලසීගෙ ඔලුවට අත තිබ්බෙ මට සමාවෙන්න කියන්න වගේ.
ලස්සන හිනාවකින් දෙතොල් සරසගත්ත ලාලසී ඒ වයස්ගත ඇස් අස්සට එබිලා හිනාඋනේ “මමතරහ නෑ” කියන්න වගේ.