කේක් හදන්න කලින්අපි දැනුවත් වෙමු

කේක් සැදිමෙිදි ඔබ ආධුනිකයකු හෝ ප්‍රවීනයකු විය හැකිය. නමුදු කොතරමි ප්‍රවීනයකු ට වුවද ආධුනිකයෙකුට වුවද නොදැනුවත්කම හේතුවෙන් ගැටලු රැසකට මුහුණ දිමට සිදුවිය හැකිය.මේ ඔබ හට ප්‍රයෝජනවත් වේ යැයි සිතන කරුණු කීපයකි. එමඟින් මුහුණදීමට සිදුවන ගැටලු නිරාකරණය කරගැනීමට යම් තාක් දුරකට හෝ පිටුවහලක් වනු ඇතැයි මා විශ්වාස කරමි.

  • විදුලියෙන්, ගෑස් සහ ඩීසල් මගින් ක්‍රියාත්මක කළ හැකි උදුන් වෙළෙඳ පොලෙහි ඇත. ගෘහස්ථ පරිහරණය සදහා විදුලි උදුනක් භාවිතා කිරීමත් නිශ්පාදන කටයුත්තකදී ගෑස් හෝ ඩීසල් උදුනක් භාවිතය බෙහෙවින්ම යෝග්‍ය වේ.
  • උදුනක ක්‍රියාකාරිත්වය වන්නේ ආහාර තබන කුටිරය තුළ සන්නයනය, සංවහනය හා විකිරණය ආදි තුන් ආකාරයෙන්ම තාපය සංක්‍රමණය වීම නිසාය.ඉන් ඒ තුළ ඇති ආහාරය අපට අවශ්‍ය පරිදි බේක් කර ගැනීමට හැක.
  • පෝරණුවක හඳුනාගත යුතු ප්‍රධාන කොටස්‌ කීපයක්‌ වේ. ඒ දොර, අගුල, උෂ්ණත්ව දර්ශකය, ආහාර තබන තට්‌ටු, තාපය ගමන් කරන දඟර (ඉහළ / පහළ)
  • මතුපිට බර ලෝහ තහඩුවලින් පෝරණුව සාදා ඇත. එහි දෙපස හා යට දඟර ස්‌වභාවයෙන් යුතු සන්නායකයක්‌ ඇත. ධාරාව, සන්නායකයක්‌ තුළින් ගලා යද්දි ඒවා රත් වී ඒවා මගින් පිට කරන තාපය සෑම දිශාවකටම පැතිරි යයි. ඇතුළත ස්‌ථරයේ ඇති කුඩා සිදුරුවලින් තාපය කුටිරය තුළට ඇතුළු වේ.
  • ඉතා සුළු කාලයකදී ඉතා විශාල තාප ප්‍රමාණයක්‌ උරා ගන්නා අතර ආහාර පිස නිමවීමෙන් අනතුරුවද උෂ්ණත්වය පවති. තාපය මගින් ආහාර බේක්වෙන අතර තාපය පාලනය කිරිමට තර්මෝස්‌ටැටරයක්‌ද මෙහි පිහිටා ඇත.
  • ක්‍රියා කරවන විට පෝරණුවට විදුලිය,ඩීසල් හෝ ගෑස් වායුව මගින් තාපය ලබා දීම කළ යුතුය. එවිට එහි ඇති කුටීර හොඳින් රත්වේ. දොර වසා ඇති නිසා උෂ්ණත්වය පිටතට නොයයි. එම රත් වූ කුටීරය තුළට, පුළුස්‌සන තැටියක්‌ මත තැබූ ආහාර තබා, දොර පියන වැසීමෙන් ආහාරය අවශ්‍ය ලෙස පිළියෙල කළ හැකිය.
  • පිරිසිදු කරීම උදුන හොඳින් නිවුනාට පසුව සිදුකල කළ යුතුය.විදුලි සැපයුම හා අනෙකුත් බලශක්ති සැපයුම් විසංධි කිරීම අනිවාර්යයෙන්ම සිදු කල යුතුය.සැමවිටම ආරක්ෂාව පලමුව යැයි සිතා කටයුතු කරන්න.ඒ සඳහා තෙත් කරගත් ස්‌පොන්ඡ් වැනි මෘදු දෙයක්‌ භාවිත කරන්න. සබන් දමමින් අතුල්ලමින් සේදීම නොකළ යුතුය. උදුන තුළ අපවිත්‍ර වීමක්‌ සිදුවන්නේ ඉතාම කලාතුරකිනි. ඒ උතුරා යන ආහාර ද්‍රව්‍ය පිළියෙල වීමක්‌ සිදුවන්නේ නැති නිසයි. එසේ වුවත් මෙය පිසදා තැබීම කළ යුතුය.ප්‍රථමාධාර ඖෂධ සහිත යාවත්කාලීන වූ ප්‍රථමාධාර පෙට්ටියක් වැඩ කරන ස්ථානයේ පවත්වාගෙන යායුතු අතර කැපුම් සහ පිලිස්සුම් සදහා ප්‍රථමාධාර සැමවිටම එහි තිබිය යුතුය.
  • නිවැරදි සහ අත්හදා බලා ඇති කේක් වටිටෝරැවකින් ඔබට නිවැරදිව කේක් එකක් බෙික් කළ හැක හේතුව සමහර කේක් වටිටෝරැවල අමු දාව්‍ය මැන ගන්නට නොව කිරා ගන්නයි තිබෙින්නෙ.ඒ ග්‍රෑමි වලින් හෝ අවුන්ස වලින්.එතැනදි ඔබ සතුව මුළුතැන්ගෙයි කිරැමි තරාදියක් (kitchen Scale) තිබීම අනිවාර්යයෙන්ම වනවා මෙන්ම අවුන්ස ග්‍රෑමි වලට හරවා ගන්නා ආකාරයත් පයින්ට්,කෝප්ප මිලි ලීටර් වලට හරවා ගැනීමට හැකිබව දැන සිටිම ප්‍රයෝජනවත්.නිතරම මෙට්‍ර්ක් ක්‍රමය අනුව වට්ටෝරුව යොදා ගැනීම වැදගත් එය වැරදීම් අවම කල හැකි ලෙහෙසි පහසුම මගයි.
  • විශේෂයෙන් කේක් සාදා ගැනිමෙිදි බටර් හා සිනි බීටි කරන අවස්ථාවෙිදි බටර් දියවි යන අවස්ථාද දැකිය හැකිය.යොදා ගත් සිනි ප්‍රමාණය දිය නොවි තිබෙන්නට පුළුවන.පලමු අවස්ථාවෙි බටර්ද දියවි ඇති විට මිශ්‍රණය ඉවත් නොකොට පිටි කවලමි කිරීමත්,දෙවන අවස්ථාවේදී අනිවාර්යෙන්ම දියර කිරි ස්වල්පයක් කවලම් කළ යුතුය.
  • වෙළද පලේ කුඩා,විශාල,මධ්‍යම ප්‍රමාණයේ සිනි කැට වර්ග රැසකි.බටර් ප්‍රමාණයට වඩා සිනි ප්‍රමාණය වැඩි කේක් වටිටෝරැ ව්‍යවහාරයේ ඇති අතර ඊට පාවිචිචි කරන සීනි කැට ලොකු නමි එය අනිවාර්යෙන්ම බිලෙන්ඩර් කර ගත යුතුය.
  • බෙිකින් පවුඩර්,පිටි,බෙිකින් සෝඩා,කොකෝවා පවුඩර් ආදිය සුළං නොවදින සේ ගබඩා කල යුතු අතර එම දාව්‍යන් පාවිච්චි කිරීමේ දී අනිවාර්යයෙන්ම පෙනේරයකින් හලා ගත යුතුය.අතින් කවලමි කිරිම නොකල යුතුය.
  • භාවිතා කරන අවන් එක හදුනා ගැනිම අනිවාර්ය වෙි.එකම වර්ගයේ අවන් වුවද එකින් එකට එහි උෂ්ණත්ව පරාස වෙනස්ය.මෙි සදහා උෂ්ණත්වය මනින මාපක වෙළද පොලේ ඇත.නිවැරදිව දැන ගන්න.වාර්ශිකව හෝ වර්ශ දෙකකට වරක්වත් උශ්න්ත්ව පාඨාංක කාර්මික මහතෙකු ලවා පරීක්ෂාකර කර ගන්න.
  • කේක් සාදා ගැනිමෙිදි කිරි මිශ්‍රකර ගැනිමෙන් කේක් එක ඉතා මෘදු වෙි.
  • කේක් එක බීටි කර ගන්නා හැම අවස්ථාවෙිම එය කවලමි කල යුතුය.භාජනයේ උඩ හා යට ඇති බටර් සියල්ලම,මෙයින් ඉක්මනින් දියවෙි.
  • පිටි කවලමි කිරිමෙිදි පිටි ස්වල්පය බැගින් එකතු කර ගන්න.කිරි මීශ්‍ර කිරිමෙිදි පිටි හා කිරි වරින් වර එකතු කරන්න.පිටි වලින් පටන් ගෙන පිටි වලින්ම අවසන් කරන්න.
  • පිටි කවලමි කිරිමෙිදි බීට් කරන්න එපා.ලී හෝ ප්ලාස්ටික් පත්තකින් ෆෝල්ඩ් කරන්න.
  • කේක් එක බෙික් වි ඇත්දැයි දැන ගැනිමට ටූත් පික් එකක් ගෙන කේක් එකට ඇතුළු කර බලන්න.ටූත් පික් එක කොළවරෙහි දියරමය ස්වභාවයක් ඇත්නමි නැවත බෙික් කර ගන්න.
  • කේක් අයිසිං කිරිමට පෙර කේක් එක හොදින් සිසිල්ව තිබීම අනිවාර්ය වෙි.රස්නය තිබියදි කේක් එක අයිසිං කිරිමෙන් බටර් ක්‍රිමි ,බටර් අයිසිං,හෝ විප් ක්‍රිමි දිය වි යා හැකිය.තවද එය ඉතා ඉක්මනින් කේක් පුස් බැදිමට ලක්විය හැක.
  • අයිසිං.කිරිමට ප්‍රථම ෂුගර් සිරප් වලින් කේක් එක පොගවා ගැනිම තුළින් කේක් එකෙහි රසය වැඩි කර ගත හැකිය.
  • බටර් අයිසිං සැදිමට ප්‍රථම අයිසිං සීනි අනිවාර්යෙන් හලාගත යුතුය.
  • අයිසින් මල් වර්ග සාදා ගැනිමට යන අවස්ථාවෙිදිද විවිධ ගැටළු මතුවිය හැකිය.(විශේෂයෙන් පාචිමන්ටි අයිසිං,තයිලෝ පේස්ට් භාවිතයෙදි) පාචිමන්ටි භාවිතා කර මල්වල පෙති කඩා හැලෙනු දක්නට ඇත.මෙි අවස්ථාවෙිදි පාචිමන්ටි අයිසිං එක සාදා ගැනිමට භාවිතා කරන ජෙලටින් වලට මීශ්‍රකිරිමට ගන්නා වු වතුර ප්‍රමාණය වැඩි වු විට එය සිදු වෙි. තවද ජෙලටින් වලට සුළං වැදි කල් ඉකුත් වු විටද එය සිදුවෙි.නියම ආකාරයට සාදාගත් පාචිමන්ටි එකක් නමි දින 10-12 අතර කාලයක් කල් තබා ගත හැකිය.ඒ සදහා පිරිසිදු භාජනයකට දමා හොදින් ආවරණය කර ශිතකරණයක තබා ගත හැක.තවද භාවිතා කරන ජෙලටින් ඉතා සිහින්ව පවුඩර් එකක් ආකාරයෙන් තිබීමෙන් ද මල් සැදිමෙිදි ගැටළු මතු විය හැකිය.
  • තවද අයිසිං මිශ්‍රණය හදාගන්නා අවස්ථාවෙිදි අයිසිං මීශ්‍රණය එකතු නොවි කැඩිම සිදුවිය හැකිය.එයට හේතුවක් වශයෙන් ජෙලටින් මදිවිම දැක්විය හැකිය. එය ඉවත නොදමා නැවත ජෙලටින් ටිකක් දිය කර එයට එක් කර ගන්න.
  • අයිසිං මල් සදා ගැනිමෙිදි විවිධ අවස්ථාවන් වලදි මල් පෙති පුපුරා යැම සිදුවිය හැකිය.මල් පෙත්ත වටෙිට ටුල් කරන විට දි හෝ විය හැකිය.එයට හේතුවක් ලෙස දැක්විය හැක්කේ පාචිමන්ටි මීශ්‍රණයට එක් කරගෙන ඇති ප්‍රමාණයට වඩා අයිසීං සිනි මිශ්‍රවිමෙන් සිදුවිය හැකි බවයි.
  • පාචිමන්ටි අයිසිං සැදිමෙිදි රබර් වැනි ආකාරයට ඇදිමක් ද සිදුවිය හැකිය.ආධුනික ඔබට එය විශාල ගැටළුවක් විය හැකිය.එසේ සිදුවිමට හේතුව වශයෙන් දැක්විය හැක්කේ එක් කරගෙන ඇති වතුර ප්‍රමාණය මදි විම හෝ ජෙලටින් වැඩි විමයි.මෙහිදි එය යථාතත්වයට ගැනිමට ඉතා උනුසුම් ජලය බින්දු කීපයක් එක් කර ගන්න.ඉන් පසු නැවත හොදින් මිශ්‍රකර ගන්න.තවද එයට ලික්විඩි ග්ලුකෝස් ස්වල්පයක් කරගෙනද හොද තත්වයට පත් කරගත හැකිය.
  • අයිසිං මල් වලට වර්ණක භාවිතයෙදි දියර වර්ණ යොදා ගැනිම සුදුසු නොවෙි.එයින් මල් කල් තබා ගැනිමෙි කාලය ඉතා කෙටි වනු ඇත.තෙත ස්වභාවය නිසා මල් සාදා ගැනිමද අපහසු වනු ඇත.එයට හොද ඝනකමින් යුත් කලරින් වර්ග,පේස්ට් හෝ ඩස්ටින් වර්ග යොදා ගත හැකිය.ඉන් ඉතා හොද ප්‍රතිඵල ලබාගත හැකිය.
  • ඩස්ටින් පවුඩර් භාවිතයේදි විශේෂයෙන් ඩස්ටින් පවුඩර් වතුරේ දිය නොකල යුතුය.එනමි මල් පෙති කපා ගත් විට තුනී කෙදි සහිත බුරැසුවකින් මල් පෙති වර්ණ ගන්වා ගත හැක.

ස්තුතිය
Facebook :සුමින්ද ලියනගේ

Related Articles

Don't Miss


Latest Articles