කලු හමට වඩා සුදු හම ලස්සනයි කියල කතාවක් අපේ මිනිස්සු අතරෙ පැතිරිල තියෙන්නෙ අනාදිමත් කාලෙක ඉඳලනෙ. රූප සුන්දරී තරගවලින් දිනන්න, නාට්‍යයක චිත්‍රපටයක රඟපාන්න, ටීවී ඇඩ් එකක ඉන්න විතරක් නෙවෙයි අවුරුදු කුමාරි වෙන්න උනත් තියෙන්න ඕන මූලික සුදුසුකම් වලින් එකක් විදියට අපේ මිනිස්සු හඳුන්වන දෙයක් තමයි මේ සුදු හම කියන්නෙ.
ඕක ඉතින් ලංකාවෙ මිනිස්සුන්ට විතරක් නෙවෙයි ආසියාතික රටවල් වෙච්ච ඉන්දියාවට උනත් පොදු දෙයක් බව අමුතුවෙන් කියන්න ඕන නෑනෙ. සුදු හමක් ලබාගන්න එක මාෆියාවක් වගේ වෙලානෙ. මොනවහරි කරල සුදු උනොත් වැඩේ ගොඩකියල හිතන කෙල්ලො ඉන්න හන්දම බ්ලීචින් ක්‍රීම්, සතියෙන් සුදුවෙන වයිට්නින් ක්‍රීම් වගේ ඒව විකිනෙන්නෙ උණු කැවුම් වගේ.
ඉතින් ඔන්න ඔය වගේ කතා අතරෙ තමන්ගෙ තියෙන ටිකක් අඳුරු පැහැ සම හන්ද මිනිස්සුන්ගෙ තාඩන පීඩන වලට එල්ලවුන නවක ඉන්දීය නිලියක් ගැන තමයි අපි අද කතා කරන්න හිතුවෙ. මෙයා නවක නිලියක් උනාට මෙයාගෙ තාත්තවනම් අපෙ අම්මල තාත්තල පවා දන්න ශාරුක් ඛාන්.
ඉතින් අද කතාව ශාරුක්ගෙ ආදරණීය දියණිය සුහානා ඛාන් සහ කතාබහට ලක්වෙච්ච එයාගෙ අඳුරු සම ගැන.
ශාරුක් ඛාන්ගෙ දුව විදියට ප්‍රසිද්ධ වෙලා හිටියත් සුහානා බොලිවුඩ් වලට කකුල තිව්වෙ පහුගිය අවුරුද්දෙ රිලීස් වුණ The Archies චිත්‍රපටයෙන්. ඒ චිත්‍රපටයෙ සුහානාගෙ රඟපෑම් නිසාත් සුහානා සෑහෙන සමාජ මාධ්‍ය ඇතුලෙ Troll උණා කියල ඔයාල බොලිවුඩ් ගොසිප් අහනවනම් දන්නවා ඇති.
“මගේ හමේ පාට හන්දා මම කැතයි කියල මම පුංචිකාලෙ ඉඳල ගොඩක් අය මට කියල තියෙනව. පොඩි ළමයි නෙවෙයි ලොකු මිනිස්සු තමයි මට ගොඩක්ම එහෙම කියල තියෙන්නෙ.ඒක මම අවුරුදු 12 විතර ඉඳල අහන කතාවක්. මේක අපි වෙනස් කරන්න ඕන. මං හින්ද විතරක් නෙවෙයි මෙහෙම තමන්ගෙ සම හන්ද කතා අහන අනෙක් හැම ගැහැණු ලමේක්ම, පිරිමි ළමේක්ම වෙනුවෙන් අපි මේක වෙනස් කරන්න ඕන”
සුහානා මෙහෙම කියල තිබුනෙ තමන්ගෙ ඉන්ස්ටග්‍රෑම් ගිණුමෙ පෝස්ට් එකක් පල කරලා. සුහානා මේ පෝස්ටුවට අමුණල තිබුණා මිනිස්සු සුහානාගෙ තද පාට හම ගැන කියල තිබුන Hate comments වලට අදාල Screenshots.
ඒ හැම Screenshot එකකම තිබුනෙ “අඳුරු හම නිසා සුහානා කැතයි, නිලියක් නම් සුදු වෙන්න ඕන” වගේ හිත රිද්දන කතන්දර. මේවා සුහානට විතරක් එල්ලවෙච්ච කතන්දර නෙවෙයි. අඳුරු හමක් තියෙන හැම කෙල්ලෙක්ම, කොල්ලෙක්ම වෙනුවෙන් කාගෙහරි කටෙන් පිටවෙච්ච වේදනාව එක්කහු වුණ වචන.
“හින්දි බාශාවේ කලු වර්ණය කියන වචනෙ කාලි නේ.කලු හමක් තියෙන ඕනම කෙල්ලෙක්ව හඳුන්වන්නෙ ඉතින් ඔය කාලි කියන වචනෙ දාලා. ඒකෙ පොඩ්ඩක්වත් පොසිටිව් වයිබ් එකක් නෑ” සුහානා මෙන්න මෙහෙම කියන්නෙ Vogue India Magazine එකට.
“අපි හැමෝම ඉන්දියන් මිනිස්සු, ඉතින් කොහොමත් අපේ හම දුඹුරු පාටයි. ඒ නිසා කෙනෙක් කොහොමද තව කෙනෙක් සුදු නෑ දුඹුරු පාටයි කියල වරදක් වගේ ඇඟිල්ල දික් කරන්නෙ? අපි ඉපදෙන්නෙම එක එක පාට එක්ක. අපි කොච්චර උත්සහ කරත් අපිට පුලුවන් කමක් නෑ අපෙ හමේ තියෙන මෙලනින් සම්පූර්ණයෙන්ම අයින් කරල දාන්න” සුහානා තවදුරටත් මේ විදියට අදහස් බෙදාගන්නවා.
පොඩ්ඩකට හිතල බලන්න “අනේ එයා ලස්සන නෑ අනේ කලුයිනෙ එයා, කෙල්ලෙක් උනාම සුදු වෙන්න ඕන එතකොටයි ලස්සන” කියල කිසිම පදනමක් නැති හම ගැන කියවෙන එක එක Beauty Standards වලින් අපි මිනිස්සුන්ව කොච්චර මැනල තියෙනවද කියල?
මොන තරම් කලු හම හොඳයි කිව්වත් අපි ලස්සනයි කියල හිතෙන් හරි හිතන්නෙ සුදු කෙනෙක්ව දැක්කම. ඒක ගෑණු ලමයෙක් උනත් පිරිමි ලමයෙක් උනත් පොදු දෙයක්නෙ.
මේ කතා විතරක් නෙවෙයි සුහානා Indian Matchmaking කියන වැඩසටහන ගැනත් මෙතනදි කියනව. ඒකට හේතුව වෙලා තියෙන්නෙ මේ Indian Matchmaking කියන වැඩසටහන විවාහ වෙන්න සුදුසු උස, පෙනුම, සමේ වර්ණය ගැන කිසිම පදනමක් නැති Stereotypical මත සමාජගත කරන නිසා.
“විවාහ වෙන්න සුදු වෙන්න ඕන, උසක් තියෙන්න ඕන කියල කෙනෙක් කියනවනම් අනේ මම උස අඩි පහයි අඟල් තුනයි සහ මට තියෙන්නෙ දුඹුරු පාට හමක්. හැබැයි මම හරිම සන්තෝසයි ඒ ගැන. ඒ නිසා ඔයාගෙ උස ගැනවත් හමේ පාට ගැනවත්, ඒ හන්ද ඔයාට විවාහයක් කරගන්න බැරි වෙයි කියල හිතලවත් දුක් වෙන්න එපා. ඒ ඔයාගෙ හැටි, ඔයා ලස්සනයි. ඒක ගැන සන්තෝස වෙන්න”
ඉතින් සුහානා තමන්ගෙ දුඹුරු පාට හම ගැන මිනිස්සු කියන එක එක කතා වලට විරුද්ධව පල කරපු මේ පෝස්ට් එකට සහය දක්වන්න ජනප්‍රිය ඉන්දියන් තරු ගොඩක් කමෙන්ට් කරලත් තිබුනා.
ඉතින් මොහොතකට හරි දුක් වෙලා තියෙනවනම් තමන්ගෙ හම දුඹුරු පාටයි කියල,
බ්ලීචින් අරගෙන හරි සුදු වෙන්න ඕන කියල හිතල ඔන්න මේ සුහානා ඛාන් අපිට කියල දෙන්නෙ ඇත්තටම වටින පාඩමක්.
හමේ පාට තීරණය කරන්නෙ නෑ අපි කොච්චර ඉස්සරට යනවද කියල. ඒක තීරණය වෙන්නෙ අපේ ශක්තිය, දරාගැනීම සහ කැපවීම මත.
ඒ වගේම තමයි අමතක කරන්න එපා තාරකාවකට දිලිහෙන්න නම් අහස අන්ධකාර වෙන්නම ඕන.
ඉතින් ඔයා තරුවක්
ඒ තරුවට දිළිහෙන්න ඉඩ හදන අහස වෙන්නත් ඕන ඔයාමයි!