ඉන් පසු යලි ඇඳ වියල අල්ලගත්තෙමි. ඉස අතිශය පලමු වතාවට බීමත් වූවෙකු සෙයින් බමන්නේය. එහෙත් එවැන්නක් නොපෙන්වා ඉන්නට උත්සාහ කලෙමි. මට මාව පාලනය නැත. එහෙත් එය ද නොපෙන්වූයෙමි. විනාඩි කිහිපයකට පසු කෙලින් වූයෙමි. ඒ මහේල අරන්දර ගේ සහයෙනි. ඔහු රිදෙන්නට මගේ බාහුවක් අල්ලා උන්නේය.
” අසේකා…!!!”
මහේල අරන්දර ගිගිරුවේය
“සර්… මහේල සර්?”
මම සමච්චලයට බර වුනෙමි.
” මොන නාඩගමක්ද මේ අසේකා..”
” ඇයි..? මහේල සර්ට විතරද නාඩගම් නටන්න පුලුවන් ?”
මම උස් හඬින් ඇසුවෙමි.
” ඔයා ඩියුටි හිටියේ …”
“ඕකේ…ඔව්ව්.. ඒත් ..ඔයා හිටියෙත් ඩියුටි නේ මහේල සර් … එතකොට ඔයාව හොයාගෙන ආව ඈශ්ව බඳාගෙන ඔයා කලේ ඩියුටි ලිස්ට් එකේ තිබ්බ මොනා හරිද ? ආහ්… මහේල සර් ? …”
මහේලගේ ඇස් වෙනස් වූයේනැත. මමද බලා උන්නෙමි. මගේ හැර ඒමට හේතුව ඔහුට වැටහෙන්නට ඇතැයි සිතුවෙමි. දැන් සිතට සැහැල්ලුවක් දැනෙයි.
මහේල, මා කරන යම් දෙයකින් ඔබ රිදවීම මට කිසිදිනෙක අවැසි වූයේ නැත. එහෙත් දෑන් මට එහෙම දැනීමක් නැත. ඔබ මින් හෝරා කිහිපයකට පෙර මා මරා දැම්මේය.
මහේල අරන්දර මගේ උරහිස් දෙකෙන්ම අල්ලා මා කෙලින් කරවාගත්තේය. දැන් ඔහුගේ අස් වල රස්නේ ගින්දර කෙලින්ම මා මතයම්
” අතාරින්න… ඔයාගේ ඈශ් ආවොත් හරි නෑ…”
මම වඩා ධෛර්යමත් වූයෙමි. එහෙත් කුඩුපට්ටම් වී ගිය ආත්මයකට ධෛර්යමත් බවකින් ඇති ප්‍රයෝජනය කිමෙක්ද ?
මහේල ගේ ග්‍රහණය තව් දැඩි විය.
“අතාරින්නකෝ…”
“අසේකා.. ඔයාට තියෙන ප්‍රශ්නේ මම ඔයාව අල්ලන් ඉන්න එකද අසේකා .? අහ්.. ඒකද?
” නෑ.. ඒකත් ප්‍රශ්නයක් .. ඔව්. මං ඔයාට වැරැද්දක් කලා… ඔයාට වැරැද්දක් කලා…ඒත් එදා මට එහෙම කරන්න උනේ ඇයි කියලා කවුරුත් දන්නේ නෑ. කිසිම කෙනෙක් මගෙන් ඇහුවෙත් නෑ.. මං කොච්චර අසරණ වුනාද කියලා කිසිම කෙනෙක් දන්නේ නෑ…”
“අසේකා.. නවත්තගන්න ඔය කියවිල්ල …”
” බෑ… ඇයි ඔයාට අහගෙන ඉන්න අමාරුයි ද සර් … මටත් අමාරුයි .. අමාරුවෙන් අවුරුදු හයක් තිස්සේ ජීවත් වුණා මම.. එකපාරට ඔයා කඩාගෙන පහත් වුනා. ඔයා එන්නේ කියලා දැනගත්තම මට පිස්සු හැදුනා. ඔයාව දැක්කම මට දැනුනේ මුලු ලෝකේ හැම සතුටක්ම දැන් මට ලැබේවි කියලා .. ඔයා .. ඔයා මගේ ලඟ නිදාගන්නකොට මට සැනසිල්ලේ නිදාගන්න ලැබුනා… ඒත්, .. ඒත් ඔයා ඒ හැමදේම කලේ සැලැස්මකට … නේද අරන්දර මහත්තයෝ ..මගෙන් පලිගන්න .. මට රිද්දන්න… ඉතින් ..ඈශ් … යන්න… එයා ලඟට යන්න … ඔයා ලස්සනට රඟපෑවා මහේලසර් … ඔයා ලස්සනට රඟපෑවා.. ඔයාලාගේ වෙඩින් එකට අනිවාර්යයෙන් මං එන්නම්…..”
” මොන මඟුලක් ද කියවන්නේ අසේකා. “
“ඈශ්..ගැන . ඔයාගේ…”
මම මහේල අරන්දර ගේ පපුවේ මැදට මැදගිල්ල තබා තද කලෙමි.
” මේක හොඳට අහගන්නවා අසේකා.. ගෙවුණ අවුරුදු හයේ මගේ ජීවිතේ ගෑණු උන්න දිග පලල මං බොහොම කෙටියෙන් කිව්වා… මං උන්න විදියත් කිව්වා.. ඔය එක්කෙනෙක්….. ආයේ දවසක තව කෙනෙක් හමුවෙන්නත් පුළුවන් ඔය විදියටම… ඒ හැමදේම ඉස්සර .. ඉවර වුන කතන්දර. ඒ හැම කතාවක්ම බොහොම පැහැදිලි ව කතා බහ කරලා ඉවර කරපු කතන්දර…. ඒත් ඔයා නටන නාඩගම , හැමදාම මෙහෙමම නටන්ම හිතනවා නම් ඔයා කැමති තීරණයක් ගන්න අසේකා…”
” ශා ශා… ඔයාගේ රඟපෑම් සර්..සුපර්…”
” අසේකා… නිදාගන්නවා දැන් …”
“ඔයා දන්නවද සර්? මම ඔයා එනකල් අවුරුදු හයක් බලන් හිටියා… හයක්… හැමදාම. බලන් හිටියා.. ඔයා එයි කියලා විශ්වාස කලා.. ඔයා ආවා.. මට සතුටූ හිතුණා. ඒත්… විශ්වාස කරපු හැමදේම බොරු … ඔයා ලස්සන ප්ලෑන් එකක් එක්ක ආවේ.. මගේ ජොබ් එක් නැති කලා.. මට .. මට යන්න එන්න තැනක් නැති කලා… ඔයා ඔයා.. මගෙන් පලි ගත්තා…”
මහේල අරන්දර මා ඔසවා යහනට දැමුවේය. කිසිත් නොපවසා යන්නට ගියේය. මහේල පිටව ගිය දොර දෙස බලාගෙනම මම හැඬුවේමි. නිර්මලී නැන්දා දොරෙන් මතු වෙද්දී මම කඳුලු පිස ලා ගන්නට උත්සාහ කලෙමි.
“අඬලා ඉවර කරන්න… ඔලුවේ කැක්කුම හැදෙනවා නැත්නම්…”
ඕ මොනවාදෝ රැගෙන ආ වීදුරුව පසෙක තබා මගේ ඇඳුම් ලෙහිල් කලාය.
“තාත්තට එහා දෝණි නැන්දා …”
ඕ කුටු කුටු ගාමින් කියෙව්වාය.
” මං නැත්තටම නැති වුනා නැන්දා .. ආයේමට හුස්ම ගන්න බැරි වෙයි … කවුරුත් මාව තේරුම් ගන්නේ නෑ…”
මම ඇගේ උකුලට ගොඩ වුනෙමි. ඇය මගේ හිස පිරිමැද්දාය.
” මහේල මගෙන් පළිගත්තා නැන්දා .. එයා හිතන් ඉන්නේ එදා මම එයාගේ අතින් අතෑරලා අර නාකි මිනිහාගේ එහා පැත්තෙන් හිටගත්තේ සල්ලි තෘෂ්ණාවට කියලා … ඒත් ….”
මම නැවතුනෙමි. වසර හයක් තිස්සේ කිසිවෙකුට නොකී රහස යළිගිල ගත්තෙමි.
” දැන්වත් ඔයකතාව අපිට කියන්න අසේකා.. ඔයා ඕක හංගගෙන ඉන්නකොට කොහොමද අපි දන්නේ …”
“වැඩක් නෑ නැන්දා … කාටවත් කියලා වැඩක් නෑ…”
ඇය ඉන් පසු මා වෙහෙසවූයේ නැත. මම නින්දට වැටුණෙමි. එහෙත් මට කිසිලෙසකින්වත් සුව නින්දක් ලැබුනේ නැත.
මහේල සහ ඔහුගේ ඈශ් මගේ යටි හිත පුරා උඩ පනිමින් මට පෙනෙන අරගල කරමින් උන්නෝය.
නින්දෙන් ඇහැරෙන විට මම කාමරය තුළ උන්නේ තනිවමය. මම ජංගම දුරකතනය සොයාගෙන එය ක්‍රියාත්මක කලෙමි.
මහේලගෙන් මඟ හැරුනු ඇමතුම්, කෙටි පණිවිඩ ගලාගෙන එයි. මම ඒ එකක් දෙස හෝ නොබැලුවෙමි.
දැන් මට අවැසි සැඟවෙන්නටය. එහෙටත් යන්නට තැනක් නැත. මා උන් නවාතැන මහේල යලි බාර දී ඇත.
මම හිස වැරෙන් බිත්තියේ ගසාගත්තෙමි.
” මහත්තයා.. දෙය් යනේ.. නෝනා…”
නිමලාගේ හඬ ඇසුණ පමාවෙන්ම ඇයමා නවතාගන්නට දරන උත්සාහයද මට දැනුණි.
මම ඇය තල්ලු කර දැම්මෙමි.
” පිස්සුද ළමයෝ…”
” ඔව් .. ඔව් .. මට පිස්සු … ඕගොල්ලෝ ඔක්කොම එකතු වෙලා මාව පිස්සියෙක් කරලා….ඔයා තමා ඉස්සෙල්ලාම මාව පිස්සියෙක් කලේ … ඔයා අම්මව දාලා වෙන ගෑණියෙක් එක්ක ගියා …. ඊට පස්සේ අම්මා නපුරු උණා. එයාට සල්ලි හොයන මහන්සි වෙන්න වුනා… එයා ඒ තරහ මගේ පිටින් යැව්වා.. ඒකයි මේ හැමදේටම මුල…”
තාත්තා ගේ මුහුණ විරූපි විය. එහෙත් මම කෑ ගසා බැන්නෙමි. නිර්මලී නැන්දා කෝපයෙන් මා වෙත කඩා පැන්නාය
” ඕවා කියාගන්නවා තමන්ගේ තාත්තා ට අසේකා… අනුන්ගේ ළමයින්ට උප්පැන්න දීලා ඒ ළමයි උස් මහත් කරන්න හැම මිනිහෙක්ටම බෑ.. ඒත් මේ මිනිහා ඒක කලා.. ඔයාගේ අම්මාට තිබුණ ආදරේ නිසා ඒක කලා.. හැබැයි ආයේ ආයෙම ඔයාගේ අම්මා පිට මිනිස්සු ගේ අස්සේ දාගන්නකොට ඒවා ඉවසන් ඉන්න තරම් මේ මිනිහා නිවට වුනේ නෑ.. ඔව්.. දාලා ආවා..අ මාව බැන්දා.. ඒත්… එයාගේ ලේ වුණ අසලංකව අතෑරලා තමුන්ගේ ජීවිතේ ගැනයි වද වුනේ මේ මිනිහා… තමුන්ටයි දේවල් කලේ මේ මිනිහා..
එහෙම කරාට ඔයා ඔහොම කියවලා මදි අසේකා… තමන්ගේ ලේ නොවුන අවජාතක කෙල්ලෙක් ට තාත්තා, අම්මා වුනාට අපි දෙන්නටම මෙහෙම වෙලා මදි …”
නිර්මලී නැන්දා සිංහ ධේනුවක ලෙසින් කඩා පැන්නාය. මට සියල්ල යලි යලි ඇසුණි.
” මා තාත්තා ගේ දියණිය නොවේ…”
එය හදවත තුළ ඉතිහාසනය විය.
” මා අවජාතක ය…”
එය තහවුරු විය. අම්මා ද අයියා ද මට එලෙස බැණ වැදෙන හේතු පැහැදිලි විය.
| අපේක්ෂා ගුණරත්න |