“………….. ඔයාලා දෙන්නට ආදරේ නොකර ඉන්න මට පුළුවන් වුනේ නෑ පුතේ … මම අම්මගේ අඩු පාඩ්‍ය් කිසිම දෙයක් පිටට නොකියා හැමදේම දරාගත්තා… හැමදේම …
ඒත් අම්මා, එයා අම්මා කෙනෙක් කියන එකත් අමතක කරන වැඩ දිගින් දිගටම එළිපිට කරන්න ගත්තා …. මට මගේ ජීවිතේ සැනසීම ඕනි උනා.. ටික කාලෙකට හරි මම සැනසීමෙන් ඉන්න ඕනි කියලා හිතුවා..
මෙයා ආයේ ලංකාවට ඇවිල්ලා කියලා දැනගත්තේ ඒ අතරේ …. බොහොම අමාරුවෙන් කන්ටැක් එකක් හදාගෙන මෙයාව හම්බුනා … ඉතාම ඉක්මනින් මම තීරණයක් ගත්තා …
අම්මා මට ඩිවෝස් එක දුන්නේම නෑ. අම්මගේ දුර්වලතා එළිපිට කියලා ඔය දෙන්නාගේ අනාගතේ අඳුරු කරන්න අපි දෙන්නාටම ඕනි වුනෙර් නෑ..
ඒ නිසා අම්මා නොදෙන ඩිවෝස් එක එයාටම තියාගන්න දීලා අපි දෙන්නා අපේ තීරණය ගත්තා …
අම්මා ඔයාටයි අයියාටයි මං ගැන කියලා තියෙන දේවල් ගැන මට අදහසක් නෑ.. ඒත් මං දන්නවා ඒ දේවල් හොඳ දේවල් නෙවෙයි කියලා .. ඔයා මට මෙච්චර වෛර කරන්න නිකම්ම හේතු හැදෙනේ නෑනේ …”
තාත්තා අප අතැර යෑම පිළිබඳව අම්මාගේ ද්වේශය පිරුණ කතා මට ඇසෙන්නට විය. ඕ ඒවා කියන්නට තරම් පහත් ගැහැණියක වීම සිතා ගත හැක . සිතා ගත නොහැක්කේ තම ලෙයින් උපන් දියණියකට වින කරන්නටත්, පුතුගේ අනාගතය වෙනුවෙන් දියණියගේ ජීවිතය බිල්ලට දෙන්නට සූදානම් වූ ආකාරයත් ය.
” …. ජීවිතේ අපි බලාපොරොත්තු වෙන විදියටම හැමදේම අපිට දෙන්නේ නෑනෙ පුතේ … අයියා ගැන වගේම ඔයා ගැනත් මට සන්සිඳෙන්නෙ නැති ආදරයක්., වගකීමක් තියෙනවා .. ඒකෙන් මම අයින් වෙන්නේ නැ.. කොහොමටත් නෑ….
ඒත් ඔයාගේ අම්මා කියන්නේ මට මේ ලෝකේ ඉන්න පිළිකුල් සහගතම ගෑණියෙක් …. එයා ඔයාගේ ජීවිතේ එක්ක කරපු සෙල්ලමෙන් පස්සෙ මම එයාට සමාව දෙන එක නැවැත්තුවා … ඒත් එයාගේ ජරා වැඩ එක්ක අයියාත් ගෑවිලා කියලා දැනගත්තාම ආයෙම නම ඉමෝෂනලි බ්ලැක්මේල් වුනා… අම්මා අයියාවත් අරගෙනම හැංඟුණා… “
තාත්තා එලෙස පවසා මා දෙස බැලුවේය.
පසුගිය වසර හය පුරාම මා තනිව උන්නද, කිසිවෙකු මගේ තනියට ලඟ සිටින හැඟීම දැනුන බව මට සිහි විය. තාත්තා ගේ ඇස් වල මම ඒ තනිය නිවූ හයිය දුටුවෙමි.
“ඔහොමම මේ කතාවත් අහන්න අසේකා ….”
මහේල මගේ පිටිඅල්ල පිරිමදිමින් කීවේය. මම මහේල දෙස බැලුවේ තිගැස්සි යමිනි.
ඇතැම්විට මේ පවසන්නට යන්නේ ඔහු වෛවාහික බන්ධනයක සිටින බවත්, ඈශ් යනු ඒ බන්ධනය බවත් විය හැකිය යන්න මට සිතුණි.
එහෙත් මට මහේල අරන්දර නවතාලන්නට හැකි නොවීය. ඔහු අවසර නැතුවම කතාව ඇරඹූවේය.
ඉතින්, ඔබ විශ්වාස කරන්න…, අසේකා පණ්ඩිතරත්න මේ සියල්ල දරාගැනීමට තරම් ශක්තිමත් වෙමින් හිඳි.
තනිව හිස් අතින් මේ ලෝකයට පැමිණියේ කෙලෙසද? යෑමට සිදුවන්නේද එලෙසමය. එසේනම් ජීවත් වන කාලයේ මගේය, මමය ලෙසින් වන බැඳීම් වෙනුවෙන් අමන්දානන්දයට පත්විම හෝ දුක් විඳීම කල යුතුද ?
විනාඩි කිහිපයක් ඇතුලත මගේ සිතුවිලි වල වූ වෙනස මෙහෙමය.
මහේල පිරිසක් මැද සිටින වග හෝ නොතකාම මා ඉම්බේය. සැහැල්ලුවක් දැනුණි. එහෙත් එය පිට ආටෝපයටය.අභ්‍යන්තරයෙන් මා තුළ ඇත්තේ අතිශය පැටලිලි සහගත නූල් බෝලයකි.
” ඔයා කස්සපව බඳිනවා කියලා දැනගත්තාම මට පිස්සු හැදුණා… තිලංක නිසා තමයි සිහියෙන් දෙයක් කරගන්න පුළුවන් මට්ටමකට ඔලුව හදාගත්තේ …
ඔයා තාත්තා ගැන කියපු විස්තර නිසා මං තාත්තා ඉන්න තැන හොයාගෙන තිබුණේ කලින්ම … මගේ හිතේ පැහැදිලි කරන්න නොතේරෙන දැනීමක් තිබුණා, ඔයාගේ තාත්තා ට ඔයා වෛර කරගෙන ඉන්න එක සාධාරණ නැතිව ඇති කකියලා . ඒත් මට ඒක තහවුරු කරගන්න වෙලාවක් තිබුණේ නෑ..
ඔයා ගිහින් සතියක් වගේ ඇතුලත මම තාත්තා ව මුණ ගැහුණා … හැමදේම එයාට කිව්වා .. එවෙලෙ මගේ සැකේ තහවුරු වුනා.. එයා ඇත්තටම ඔයාට වෙන්න යන දේ ගැන කලබල වුනා…
හැම තරහක්ම අමතක කරලා ඔයාගේ අම්මට කතා කරලා කිව්වා ඔයාට පාඩුවේ ඉන්න දීලා අවශ්‍ය දෙයක් කරගන්න කියලා … ඒත්, අසේකා කිසිම දෙයක් වෙනස් වෙන් පාටක් තිබුණේ නෑ….”
අතීතය කෙතරම් මතක සඟවා සිටිනවාද ? මහේල අපේ ආදරය රැකගන්නට එලෙසින් සටන් වදිද්දී මම ඔහුගේ ජීවිතය සහ ඔහුගේ ජීවිතයේ වඩා වටින මිනිසුන්ගේ ජීවිතය වෙනුවෙන් ඒ ආදරය අත් හැරි වග පෙන්වූයෙමි. අප දෙදෙනාම දන්නා කිසිවෙක් මේ කතාව එක් කලේනැත. එනිසා මා දන්නා අතීතය මගේ සිතේත්, මහේල දන්නා අතීතය ඔහුගේ සිතේත් ඇලවී ඇත.
මෙහෙම ඒවා දිග හැරීම යුතු දැයු නොදනිමි. එහෙත්, මහේලගේ කතාවට පසු මගේ කතාව ද කියමියි මම තරයේ ඉටාගත්තෙමි.
“…….. ඊට පස්සේ අපි කස්සප ගැන හොයන්න ගත්තා . ඌ කලින් බැඳලා ඩිවෝස් වුන මිනිහෙක් කියලා පැය දෙක තුනෙන් හොයාගත්තා … “
මම තිගැස්සි බැලුවෙමි. මා පවා එවැන්නක් දැන උන්නෙ නැත. මහේල ඒ බවවැටහී මෙන් සිනාසුනේය.
“……… ඒක ඔයාලගේ අම්මට කීවත් ඒක එයාට එච්චර වැදගත් දෙයක් වුනේ නැහැ.. ඒත් ඔයාගේ තාත්තා සෑහෙන ඉක්මනින්, සෑහෙන වැදගත් කතාවක් හොයාගත්තා .. ඒ කස්සපගේ කලු සල්ලිගැන …. තාත්තාගේ යාලුවෙක් තාත්තා ට් මේකට උදව් කලා..
සාක්ෂි ඔක්කොම පොලිසියට දීලා , ඒ අතරේ ශෝශල් මීඩියාත් දාලාම තමා පැමිණිල්ල දැම්මේ ….. එතැනින් කස්සප කොටු වුණා…
අපි එනකොට ඔයා කස්සප එක්ක අත්සන් කරලා.. ඒත් එවෙලෙම ඌව ඇරෙස්ට් කරවගන්න මට්ටමට් දේවල් ඇරේන්ජ් වෙලා තිබුණ නිසා, වෙඩින් එක කියලා ගානක් නැතුවම ඌ ඇරෙස්ට් කලා…
තාත්තා ඔයාව එක්ක ගියා… ඉන් දවස් දෙක තුනක් ඇතුලත, ඔයාගෙ අම්මයි , අර නල්ල මලේ අයියයි දෙන්නාත් මිසින් උනා.. ඒම නොවුනා නම් ඒ දෙන්නත් පාඩමක් ඉගෙනගන්නවා….”
ඔය කාලයේ මා තරම් වේදනා විඳි අයෙක් මුලු ලෝකයේම නැතිවා විය යුතුය.
| අපේක්ෂා ගුණරත්න |